Loading...
Samsung Galaxy Note 20, 60Hz Full HD Flat Display එකකින් එන ලකුණු

Samsung Galaxy Note 20 device එක අගෝස්තු මාසෙ 5 වෙනිදා release වෙන්න නියමිතයි. ඒ තවත් devices දෙකක් එක්ක. Fold 2 සහ Galaxy Z Flip. Release වෙන්න තව මාස දෙකක්, එක හමාරක් වගේ කාලයක් තියෙන අතරේ මේ වෙද්දි Galaxy Note 20 එක ගන්න plan කරන Samsung fans ලට පොඩ්ඩක් නරක ආරංචියකුත් වාර්තා වෙනවා.

ප්‍රසිද්ධ tipsters ලගෙන් එක්කෙනෙක් වෙන Ice Universe ලා tweet එකක් මගින් කියලා තියෙන්නෙ base Galaxy Note 20 device එක බොහෝ විට 60Hz refresh rate එකකින් එන්න පුලුවන් කියලයි! ඉතින් මේ news එක එන්නෙ smartphones වල refresh rate standard එක 90Hz වගේ අගයක් තියෙද්දි සහ ඉන් ඔබ්බට ගොස් 120Hz, 240Hz වගේ අගයන් වලට industry එක move වෙන කාලයක වීම විශේෂත්වයක්.

Specification leaks සම්බන්ධයෙන් Ice Universe ලා සාමාන්‍යයෙන් accurate news දුන්නත්, 60Hz refresh rate එකක් තියෙන Galaxy Note 20 එකක් කීවම පොඩි sketchy ගතියක් දැනෙනවා. මොකද විශේෂයෙන්ම සම්පූර්ණ Galaxy S20 line up එකේ ම feature වෙන්නෙ smooth 120Hz refresh rate එකක් නිසා.

ඒ වගේම තව දුරටත් ඔවුන් සඳහන් කරන විදිහට Galaxy Note 20 එක ගොඩක්ම සමාන වෙන්නෙ Galaxy Note 20 Ultra device එකේ Lite variant එකකටයි. ඉතින් cost cutting measure එකක් විදිහට Samsung ලා specifications පැත්තෙන් මේ device එක compromise කරනව වෙන්න පුලුවන්.

ඒ වගේම මේ device එක බොහෝ විට Full HD flat display එකක් feature කරන්න ඉඩ තියෙනවා. ගිය මාසෙ render උනු leaks වලිනුත් මේ දේ reveal උනා.

ඉතින් මේ rumors වලට අනුව සලකල බලද්දි මේකෙ price එක බොහෝ දුරට Galaxy S20 වල starting price එක හෝ ඊටත් වඩා අඩු වෙන්න පුලුවන්. Galaxy S20 එකේ price එක පටන් ගන්නෙ $999 කින් වගේම ගිය අවුරුද්දෙ Galaxy Note 10 device එක launch උනේ $949 ක starting price එකකට.

ඉතින් මේ rumors ගැන confirm කරන්න අපිට හැකියාවක් නැතත් අපි අපේක්ෂා කරන්නේ Samsung ලා මේ device එක 60Hz refresh rate එකකින් release කරන්නෙ නම් නැති වෙයි කියලයි. ඒත් නොහිතපු විදිහට එහෙම උනොත් ඔවුන්ට සිදු වෙනවා ඔවුන්ගේ pricing strategy එක competitive market එක ඇතුලෙ survive වෙන්න පුලුවන් විදිහට හදාගන්න.

Source: Ice Universe (Twitter)