Loading...
Samsung Galaxy S21 FE ජංගම දුරකථනය එලිදැක්වීමට පෙර Walmart වෙබ් අඩවිය හර​හා මිල ගණන් හෙලි ​වේ

Samsung සමාගම විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නවතම ජංගම දුරකථනය ලෙස Samsung Galaxy S21 FE ජංගම දුරකථනය හදුන්වන්න පුලුවන්. මෙම දුරකථනය 2022 වසරේ පළමු හා දෙවෙනි සති තුල නිකුත් වෙනු ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මෙහි Features පිළිබද තොරතුරු ඔබ වෙත ලබාදීමට අප මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ.

Display 

ඕනෑම ජංගම දුරකථනය ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙන අංගයක් තමයි Display එක. මෙහි Display එක සැලකීමේදී 6.4" ක AMOLED Display එකකින් සමන්විත වන අතර 120Hz Refresh rate එකක් ඇතුලත් වේ. මෙහි 411PPI Pixel density එකක් පවතින අතර මේ මගින් ඉතා හොද මට්ටමක පැහැදිලි දසුන් බලාගත හැකිය. එසේම මෙහි In Display Fingerprint Sensors ඇතුලත් වන අතර Display එක Corning Gorilla Glass යොදා නිපදවා තිබේ.

Photo Clearance of different PPI Rates

Camera Setup

ජංගම දුරකථනයේ කැමරා සැකස්ම සැලකූ විට පිටුපස කැමරා (Rear) සදහා Triple Camera Setup එකක් භාවිතා වී ඇති අතර මෙහි Main කැමරාව ලෙස 12MPක Lens එකක්ද, Ultra wide Lens එකක් ලෙස 12MP Lens එකක්ද, 8MP ක ඉතා හොද Telephoto Lens එකකින්ද සමන්විත වනු ඇත. මෙමගින් Zoom කර ඉතා පැහැදිලි ඡායාරූප ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. ඉදිරිපස කැමරාව (Selfie) ලෙස 32MP කැමරාවක් පවතී.

Processor & Storage

මෙහි බොහෝ විට Qualcomm Snapdragon 888 SoC හෝ Exynos 2100 Chip set එකක් මගින් බලගැන්වෙන අතර 6GB හෝ 8GB RAM සහ 128GB හෝ 256GB onboard storage වලින් සමන්විත වන අතර micro SD ඇතුලත් කිරීමේ පහසුකම ඉවත්කර තිබේ.

Battery & Charging

මීට අමතරව 4500mAh බැටරියකින් සහ 25W Fast Charging සහ 15W Wireless Charging සදහාද සහය දක්වනු ඇත.

Price

මෙතෙක් මෙම ජංගම දුරකථනය සදහා මිල ගණන් නිකුත් කර නොමැති වුවත් Walmart වෙබ් අඩවිය විසින් අද දිනයේ ඔවුන්ගේ මිල ලැයිස්තුගත කිරීම් සදහා මෙම ජංගම දුරකථනය ඩොලර් 699ක මුදලකට එක් කර තිබුණි. 128GB Storage සහිත Graphite වර්ණ ජංගම දුරකථනය මෙලෙස ඩොලර් 699කට මිල ගණන් දක්වා ඇති අතර බොහෝ දුරට මේ හා සමාන මිලකට S21 FE Device එකේ 6GB RAM Model එක වෙළෙඳපොළට නිකුත් විය හැකියි.

Source: Gizmochina