පසුගිය වසර පුරාම මේ වසරේදී එළිදැක්විමට නියමිත Samsung සමාගමේ නවතම Flagship S Series දුරකථනය පිළිබඳ විවිධ තොරතුරු අන්තර්ජාලය පුරාම වාර්තා වු අතර පසුගිය දිනවල එහි Galaxy Unpacked වැඩසටහනේ තොරතුරු ද නිල නොවන අයුරින් නිල නොවන වශයෙන් අන්තර්ජාල තුළ වාර්තා වුවා.
මේ පිළිබඳව මුලින් ම වාර්තා වූයේ Ice Univers විසින් February 1 ලෙසින් පළ කරන ලද tweet එකකිනි එහි Galaxy Unpacked ලෙසඳ Comment Section එකේ සඳහන් කර තිබෙනවා.
![](https://backend.androidwedakarayo.com/content/images/2023/01/image.png)
තවද ප්‍රධාන පෙළේ Rumor කෙනෙකුත් එම tweet එක සඳහා GIF එකකින් ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙයින් පැහැදිලි වනුයේ Samsung Galaxy S23 දුරකතනය එළිදැක්වීමේ දිනය 2023 වසරේ පෙබරවාරි 1 වන දින බවයි.
කෙසේ වෙතත් ,තවත් Rumor කෙනෙකු වන Max Jambor විසින් මෙහි එලිදැක්වීම 02/01 වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් බවත් අනෙකුත් රටවල් සදහා 02/02 දින යෝජිත බවත් හෙළි කොට ඇත. ඒ අනුව Samsung සමාගම සිය සුපුරුදු ක්‍රමය අනුගමනය කලහොත් S23 series එක සති 2ක් අතුලත Shipping සදහා ලබා ගත හැකි බවට ද වලින් හෙළිවී තිබෙනවා.
Source: androidauthority.com