Loading...
AI Features රැසක් සමඟින් Samsung Galaxy S24 Ultra එළිදැක්වෙයි

Samsung සමාගමේ මීලග S Series ජංගම දුරකථනය ලෙස Samsung Galaxy S24 හා Samsung Galaxy S24 Ultra යන දුරකථන ඊයේ දිනයේදී (17) පැවැත්වූ Galaxy Unpacked Event එකේදී එළිදැක්වූවා. මේ Samsung Galaxy S24 Ultra Smartphone එක AI Features රැසකින් සමන්විත වනවා.

Camera

Source: gsmarena.com

Camera Setup එකේ AI භාවිතා කොට Image Processing විශාල ලෙස වැඩි දියුණු වීමක් සිදු කොට තිබෙනවා. 200MP Sensor එකෙන් 100x Zoom කොට Capture කරන ලද Photos තරමක් දුරට Blur ගතියකින් යුක්තවන අතර මෙය AI භාවිතයෙන් Enhance කොට Unblurred Image එකක් ලබා දෙනවා. මේ මඟින් 8K 30fps දක්වා Video Record කළ හැකි අතර මෙවර මේ මඟින් 4k Record කිරීමේදී 120fps දක්වා Record කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Battery & Charging

මෙහි Battery එක 5000 mAh වලින් යුක්ත වන අතර 45w Wired, 15 Wireless Charging මෙන්ම 15w Reverse Wireless Charging Support කරනු ලබනවා.
බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි iphone 15 Series එකෙහි මෙන්ම මෙයටද Titanium Back එකක් යොදා තිබෙනවා.

Design

පෙර Galaxy S23 Ultra සමග සැසදීමේදී Design එකෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙන අතර මෙහි Titanium Yellow, Titanium Violet, Titanium Black, Titanium Gray, Titanium Orange, Titanium Green, Titanium Blue ලෙසින් වර්ණ මාදිලි 7ක් හඳුන්වා දි තිබෙනවා.

Hardware & Price

Source: bgr.com

මෙය Snapdragon 8 Gen 3 Chipset එකෙන් බලගැන්වෙනු ලබනවා. මෙම Chipset එක AI Processing සඳහා 54%ක පමණ කාර්‍ය සාධනයකින් වනු ලබනවා. මෙහි Storage එක 256GB, 512GB සහ 1TB ලෙසින් මාදිලි 3ක් ඇතුලත් වන අතර RAM එක 12GB වනවා. මෙය මේ වන විට Pre Order කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර $1,299.99 සිට මිල ආරම්භවනවා.

Source: samsung.com