Loading...
Samsung Galaxy S26 සඳහා Hey Bixby වෙනුවට Hey Plex !?

Samsung සමාගමේ මේ වසරේ දැවැන්තම Smartphone Series එක ලෙස වෙළදපොලට නිකුත් වීමට නියමිත Galaxy S26 Series එක එළඹෙන 25 වනදා නිල වශයෙන්ම එළිදැක්වෙන බව මේ වන විටත් Samsung සමාගම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ සමඟ මේ වන විට ඉතා සුවිශේෂී පුවතක් වාර්තා වෙමින් පවතිනවා. ඒ ජනප්‍රිය AI සෙවුම් යන්ත්‍රයක් වන Perplexity Galaxy AI පද්ධතියේ සෘජු කොටසක් බවට පත්වන අතර පරිශීලකයින්ට “Hey Plex” යන හඬ විධානය මඟින් එය සක්‍රීය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

එමෙන්ම මෙය හුදෙක් තවත් එක් App එකක් එකතු කිරීමක් නොව, දුරකථනයේ මෙහෙයුම් පද්ධති මට්ටමින් සිදුවන ගැඹුරු ඒකාබද්ධ කිරීමක් බවට තොරතුරු වාර්තා වනවා.

‘Hey Plex’ ක්‍රියා කරන්නේ කෙසේද?

ඒ අනුව Galaxy S26 පරිශීලකයින්ට ක්‍රම දෙකකින් Perplexity AI සහාය ලබා ගත හැකි වනු ඇත.

  1. “Hey, Plex” යනුවෙන් පැවසීමෙන් ඕනෑම වෙලාවක Perplexity AI සහායකයා කැඳවිය හැකි වනවා.
  2. දුරකථනයේ Side button එක මඳ වේලාවක් තද කරගෙන සිටීමෙන් ද මෙය ක්‍රියාත්මක කළ හැකි වනවා.

ප්‍රධාන යෙදුම් සමඟ ඒකාබද්ධ වීම

මෙම නව AI සහායකයාට Samsung හි Core apps තුළ සෘජුවම ක්‍රියා කිරීමේ හැකියාව පවතින අතර ඒ අනුව Notes, Calendar සහ Reminders සඳහා වැඩසටහන් එක් කිරීම හෝ සටහන් සාරාංශ කිරීම, Galleryහි ඡායාරූප සෙවීමට සහ Clockහි එලාම් සැකසීමට ආදිය මෙන්ම තෝරාගත් තවත් Third-party apps රැසක් තුළ ද මෙම AI සහායකයාට ක්‍රියාත්මක විය හැකි වනු ඇත.

Samsung සමාගමේ නව දැක්ම වන්නේ පාරිභෝගිකයා එකම AI සහායකයෙකුට (උදා: Bixby පමණක්) සීමා නොකිරීමයි. පර්යේෂණ අනුව පාරිභෝගිකයින්ගෙන් 80% ක් පමණ විවිධ වැඩ සඳහා විවිධ AI මෙවලම් භාවිතා කිරීමට කැමැත්තක් දක්වන බව ඔවුන් දක්වා තිබෙනවා. ඒ අනුව Bixby, Google Gemini සහ දැන් Perplexity යන සියලුම සහායකයින්ට එකම උපාංගයක් තුළ ක්‍රියා කිරීමට ඉඩ සලසන Open AI ecosystem නිර්මාණය කිරීමට Samsung මෙලෙස කටයුතු කර තිබෙනවා.

දැනට මෙම "Hey Plex" විශේෂාංගය නිල වශයෙන් තහවුරු කර ඇත්තේ Galaxy S26 Series එක සඳහා පමණක වන අතර ඉදිරියේදී අනෙක් Samsung flagship දුරකථන සඳහා ද මෙම පහසුකම ලබා දීමට Samsung සමාගම කටයුතු කරනු ඇති බවට බලපොරොත්තු වන්න පුලුවන්.

Source: www.androidauthority.com news.samsung.com