Samsung සමාගමේ නවතම Galaxy S26 Series එක පෙබරවාරි 25 දින නිල වශයෙන් එළිදැක්වීමට සැලසුම් කර ඇති බව ප්‍රසිද්ධ තාක්ෂණික වාර්තාකරුවෙකු වන Evan Blass විසින් තහවුරු කර තිබෙනවා. මෙම දින නිවැරදි බව Blass තම X (Twitter) ගිණුමෙන් ප්‍රකාශ කළ අතර, මේ සමග Samsung හි සාම්ප්‍රදායික Unpacked event එක පෙබරවාරි මස අවසානයේදී පැවැත්වෙන බවට තහවුරු වනවා.
සාමාන්‍යයෙන් Samsung සිය Galaxy S Series එක සාමන්‍යයෙන් ජනවාරි මස අවසානයේ එළිදක්වන නමුත්, මේ වසරේ පෙබරවාරි 25 දින මේ Unpacked Event එක පැවැත්වීමට තීරණය කර ඇති අතර මාර්තු 11 සිට යුරෝපයේ විකුණුම් ආරම්භ වීමට නියමිත බවටත් වාර්තා වෙනවා. මෙම ප්‍රමාදයට හේතුව Samsung සමාගම Galaxy S26 Edge model එක වෙනුවට Galaxy S26 Plus එක නිෂ්පාදනයට එකතු කිරීමට අවසන් මොහොතේ තීරණයක් ගැනීම විය හැකි බවට වාර්තා වනවා.

Galaxy S26 Series එකට මාදිලි තුනක් ඇතුළත් වනවා,
- Samsung Galaxy S26 (Base model)
- Samsung Galaxy S26 Plus (6.7 inch screen)
- Samsung Galaxy S26 Ultra (Premium flagship)
මුල් සැළසුම් වල Galaxy S26 Edge සහ Pro models ගැන කතා වුවද, අවසානයේදී Samsung සාම්ප්‍රදායික නම් තුනටම සීමා වී සිටින බව තහවුරු වී තිබෙනවා.
Galaxy S26 Ultra: Design & Display

Samsung Galaxy S26 Ultra 5G නව නිර්මාණ ශිල්පීය වෙනස්කම් සහ premium materials භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර, camera island එකට නව look එකක් ද ලබා දී තිබෙනවා. ඒ වගේම iPhone 17 Pro හි design language එකට සමාන metal rings එකකින් rear cameras වටා premium look එකක් නිර්මාණය කර තිබෙනවා.
අගල් 6.9ක display එකක්, Corning Gorilla Armor 2 protection සහිතව Ultra model එකට ලබා දී ඇති අතර, anti-reflective coating සහ 120Hz refresh rate පහසුකම් ද ඇතුළත් වෙනවා. එමෙන්ම අප පෙර ලිපියක සඳහන් කළ පරිදි "Flex Magic Pixel" නමින් privacy display feature එකක් එකතු කිරීමට Samsung සැළසුම් කර ඇති බවත්, මේ feature එක AI භාවිතයෙන් ඔබේ screen එක වෙනත් අය බැලීමෙන් ආරක්ෂා කරනු ඇත.
7.9mm thickness සහ 214g weight පමණක් ඇති නිසා Ultra model එක අතේ ගැනීමේදී වඩා සුවපහසු වනු ඇති බවටද වාර්තා වෙනවා.
Chipset & Performance

Snapdragon 8 Elite Gen 5 processor එක සියලුම Galaxy S26 Ultra models වල භාවිතා කරන අතර, base සහ Plus models සඳහා Exynos 2600 chip එක 25% units වලට භාවිතා කිරීමට Samsung සමාගම සැළසුම් කර ඇත (යුරෝපය සහ ආසියාව වැනි කලාප වලදී). කෙසේ වෙතත් එක්සත් ජනපදයේ Snapdragon exclusivity එක දිගටම පවත්වා ගෙන යනු ඇත.
Geekbench test වලදී Galaxy S26 single-core 3,379 සහ multi-core 11,097 ලකුණු ලබා ගෙන තිබෙන අතර, primary cores 4.74 GHz clock speed එකක ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. මේ අනුව multitasking, gaming සහ AI tasks ඉතාමත් පහසුවෙන් handle කිරීමේ හැකියාවක් මෙම processor එකට තිබෙනවා.
Battery & Charging

Galaxy S26 base model එකට 4,300mAh battery capacity එකක් ලබා දීමට Samsung සැළසුම් කර ඇති අතර, මේ සමග 60W wired fast charging සහය ලබා දීමට Samsung පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම Ultra model එකට මෙම fast charging feature එක ලැබෙනු ඇත.
එමෙන්ම Qi2 wireless charging standard එකට සහය දැක්වීම සමග built-in magnets භාවිතයෙන් charging alignment එක වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ feature එක magnetic accessories වැනි charging stands සහ power banks සමග compatibility එක වැඩි කරනු ඇත.
Camera System

Galaxy S26 Ultra camera system එකට විශාල f1.4 aperture එකක් ලබා දී ඇති අතර low-light photography එක සඳහා විශාල වැඩිදියුණු කිරීමක් සිදු කර තිබෙනවා.
Camera specifications:
- Main Camera: High-resolution sensor (200MP පමණ වාර්තා)
- Telephoto: 50MP telephoto lens 5x optical zoom සමග
- 3x Camera: 10MP, 1/3.94" sensor, F2.4 aperture
- Ultrawide: 12MP ultra-wide lens (rumors suggest 50MP upgrade)
AI photography features වැඩිදියුණු කර ඇති අතර, AI automatically lighting conditions සහ scenes අනුව settings adjust කරන නිසා professional quality photos single click එකකින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
AI Features & Software

Android 16 සහ One UI 8.5 යන operating systems සමග Galaxy S26 series එළිදක්වීමට Samsung සැළසුම් කර ඇත. AI capabilities විශාල වශයෙන් වැඩිදියුණු කර ඇති අතර:
- Perplexity AI සමග partnership එකක් සිදු කිරීමට Samsung සමාගම සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා
- Bixby virtual assistant එක revamp කිරීමට සැළසුම් ඇත.
- Google Gemini සහ Bixby වලට අමතරව multiple virtual assistants එකතු කිරීමේ හැකියාව හා
- System performance optimize කිරීමට AI භාවිතා කරීමටද සැරසේ
AI features individual usage patterns වලට adapt වන අතර efficiency වැඩිදියුණු කරන බව Samsung පවසනවා.
මිල ගණන්
Samsung Galaxy S26 series මිල ගණන් $30-$50 පමණ ඉහළ යා හැකි බවට යම් leak sources පවසන අතර, Samsung Galaxy S25 series මිල ගණන් මෙසේ පවතින බැවින්
- Galaxy S25: ඩොලර් 799
- Galaxy S25 Plus: ඩොලර් 999
- Galaxy S25 Ultra: ඩොලර් 1,299
මේ අනුව Galaxy S26 series මිල ගණන් යම් තරමක් ඉහළ යා හැකි නමුත්, සමහර sources පවසන්නේ මිල ගණන් වෙනස් නොවන බවයි. නිශ්චිතවම තොරතුරු දැනගැනීමට නම් පෙබරවාරි 25 Unpacked event එක කෙත් බලා සිටීමට අපට සිදු වේ.
කෙසේ වෙතත්, Samsung CEO පවසා ඇත්තේ memory chip shortage එක නිසා smartphone line-up වල මිල වැඩිවීමක් සිදු විය හැකියි.
Galaxy Z TriFold එළිදක්වීම
Galaxy Z TriFold smartphone එක ද පෙබරවාරි 25 Unpacked event එකේදී එළිදක්වීමට Samsung සැළසුම් කර ඇති බවට rumours පවතින අතර, Korea වල දෙසැම්බර් මාසයේදී launch වූ මේ phone එක 2026 පළමු කාර්තුව තුළ එක්සත් ජනපදයට එන බව Samsung සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
අවසාන වශයෙන්
Samsung Galaxy S26 series පෙබරවාරි 25 Unpacked event එකේදී එළිදක්වීමට දැන් සූදානම් වී ඇති අතර, මාර්තු මස මුල විකුණුම් ආරම්භ වීමට නියමිතයි. Snapdragon 8 Elite Gen 5 chipset, වැඩිදියුණු කළ camera system එකක් සහ, 60W fast charging, Qi2 wireless charging සහ AI features රාශියක් සමඟ මෙය Samsung හි 2026 වසරේ ප්‍රමුඛතම smartphone line-up එක බවට පත්වීමට මුලපුරයි.
Sources : Phonearena Techradar Androidcentral









