Loading...
Samsung Galaxy S30 එකට කැමරා 6ක්?

සැම්සුන් සමාගම විසින් 2019 දෙසැම්බර් මාසයේ දී “Apparatus and method for operating multiple cameras for digital photography” ලෙස පේටන්ට් එකක් ලබාගෙන ඇති අතර එම පේටන්ට් පත්‍රිකාවට අනුව ඔවුන් විසින් rear camera setup එකට කැමරා සෙන්සර් 6කින් සහ LED flash එකකට පේටන්ට් ලබාගෙන තියෙනවා.

APPARATUS AND METHOD FOR OPERATING MULTIPLE CAMERAS FOR DIGITAL PHOTOGRAPHY - Samsung Electronics Co., Ltd.
A method includes, in a first mode, positioning first and second tiltable image sensor modules of an image sensor array of an electronic device so that a first optical axis of the first tiltable image

මෙම පේටන්ට් එක LetsGoDigital එකෙන් මුලින්ම ප්‍රකාශ කරල අතර, ඔවුන් එය concept image වලින් පැහැදිලි කර තිබෙනවා. මෙම කැමරා 6න් 5ක්ම 28mm focal length එක තියෙන ලෙන්ස් වන අතර අනිත් එක telephoto ලෙන්ස් එකක්.

කැමරා experience එක වැඩි දියුණු කරන්න එකිනෙකට වෙන වෙනම tilt කරන්න පුළුවන් image sensors සැම්සුන් සමාගම භාවිතා කරනවා කියල මේ පේටන්ට් එකට අනුව හෙලි වෙලා තියෙනවා. ඒ වගේම මේ කැමරා සෙටප් එකෙන් panorama shots වල bokeh effect එකයි HDR images තවත් හොඳින් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

කොහොම උනත් මේ පේටන්ට් එක නිසා හෝ LetsGoDigital කියන නිසා අපි හදිස්සි වෙන්න ඕනේ නෑ, Galaxy S30 කැමරා 6කින් සමන්විත වෙයි කියල. මොකද ඊලඟට එන Flagship එක S21 කියල තමයි පිලිගත හැකි ආරංචි මාර්ග හැම එකක්ම කියන්නේ. ඒ කොහොම උනත් Samsung සමාගම කැමරා 6කින් යුතු ජංගම දුරකථනයක් නිෂ්පාදනයට සැරසෙනවා කියලා නම් මේ පේටන්ට් එකෙන් කියවෙනවා.

Featured Image News source Courtesy: LetsGoDigital