Loading...
Galaxy Note 20 එළිදැක්වීම 'Virtual' ආකාරයට සිදු කරන බව Samsung නිවේදනය කරයි

එළඹෙන අගෝස්තුවේදී එළිදැක්වීමට නියමිත Galaxy Note 20 දුරකථනය එළිදක්වන්නේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව, virtual ආකාරට බව Samsung සමාඟම නිවේදනය කර තිබේ. මීට පෙර, Microsoft සහ Apple සමාඟම් මෙවැනි ආකාරයේ virtual events පවත්වා ඇත.

එම virtual එළිදැක්වීම ලබන අගෝස්තු 5 වැනි බදාදා දින, ලංකා වේලාවෙන් රාත්‍රි 7:30 ට පමණ සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. එදින ලංකා වේලාවෙන් සවස 4:30 ට පමණ Live stream සේවය ඇරඹීමට නියමිත ය.

මෙම එළිදැක්වීම Samsung සමාඟම විසින් covid-19 වසංගත සමයේ සිදු කරන පළමු එළිදැක්වීම වන අතර, Galaxy S20 සහ Z Flip යන උපාංග එළිදැක්වීම පසුගිය පෙබරවාරි මස 11 වන දින San Francisco හිදී සාම්ප්‍රදායික අයුරින් පැවැත්වුණි. එය මෙම වසරේ අවසන් වරට පැවැත්වූ සාම්ප්‍රදායික එළිදැක්වීමයි.

Galaxy Note 20 එළිදැක්වීමේ දී බලාපොරොත්තු විය හැකි දේවල්

මෙම එළිදැක්වීමේදී හඳුන්වාදීමට නියමිත Galaxy Note 20 දුරකථනයේ ඡායාරූප අන්තර්ජාලය වෙත කලින්ම නිදහස් විය.

එබැවින් Galaxy Note 20 දුරකථනය ගැන බොහෝ කරුණු දැනටමත් අනාවරණය වී අවසන් ය.

කලින් leak වූ ඡායාරූප වල තිබූ දුරකථනයේ තිබුණේ තඹ පැහැයකි. එම leak වූ ඡායාරූප සත්‍ය ඒවා බව සනාථ කරමින් මෙම එළිදැක්වීම සඳහා වූ ආරාධනාවේ දැක්වෙන Animation එකේද ඇත්තේ තඹ පැහැති බිඳුවක් වැටෙන ආකාරයකි.

අප නොදන්නා කරුණු වන්නේ, Note 20 Ultra ලෙස 108MP තරම් වූ කැමරාවක් සහිත දුරකථනයක් එළිදැක්වේවි ද යන්න සහ Samsung Galaxy Fold 2 නොහොත් Galaxy Z Fold සහ Galaxy Z Flip 5G යන උපාංග මෙම එළිදැක්වීමේ දීම හඳුන්වාදීම සිදු කරයි ද, නැතහොත් ඒවා වෙනම එළිදැක්වීමක් ආකාරයට හඳුන්වාදේවි ද යන්නයි.

මෙම එළිදැක්වීමට සහභාගි වීමට අවැසි තොරතුරු samsung.com අඩවිය හරහා ලබාගත හැකිය. අදම register උනොත් ඔයාටත් බලන්න පුළුවන්. ඔන්න පල්ලෙහයින් දැම්මා ලින්ක් එකත්

Next Samsung Galaxy Smartphone Latest Updates | Samsung India
Register now by entering your details and receive latest updates about the specs, features & price of next Samsung Galaxy Smartphone. Know all about the next flagship product of Samsung Galaxy series.