Loading...
SONY IMX700 Series එකට challenge කරන්න Samsung ලගෙන් 50MP අලුත් sensor එකක්.

50MP Samsung ISOCELL GN1

SAMSUNG ලා විසින් එයාලාගේ අලුත්ම Image Sensor එක හදුන්වා දෙන්න යන බව ගොඩ දෙනෙක් දන්න කරුනක් ඉතින් මේ ගැන අලුත් විස්තර ටිකක් ඇවිත් තිබෙනවා අද ඔන්න ඔය ගැන පොඩි හැදින්වීමක් කරන්න හිතුවා.

මේ Sensor එක තමා Samsung ලාගේ පලවෙනි Dual Pixel autofocus සහා Tetracell pixel-binning යන Technology දෙකම එක වර ලබා දිය හැකි Sensor එක. ISOCELL GN1 යනුවෙන් තමා හදුන්වන්නේ. ගොඩක් දුරට මෙය ISOCELL Bright HM1 108MP Sensor එක වෙනුවට Improvements සහිතව Samsung ලා මීලගට එලියට දෙන්න යන Image Sensor එක වෙන්න පුලුවන්. මෙහි එන තවත් සුවිශේෂි ලක්ශනයක් තමා 1.2μm pixel size එක සහා 100 million phase detection auto-focus (PDAF) පහසුකම ලබා දීමට හැකි වීම මේ හරහා.

බොහෝ දුරට S20 Ultra 108Mp වල මග ඇරුන PDAF Auto Focus නැවතත් වඩා දියුනු ආකාරයකට Samsung ලා මේ Sensor එක හරහා ගෙන්න සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 8K Video 30 frames-per-second (fps) පහසුකමද මේමගින් ලබා ගැනීමට පුලුවන් වෙනවා. තවත් Features මෙසේ කෙටියෙන් සදහන් කරන්නම්. ( Smart ISO tech, real-time HDR, gyro-based image stabilization, 400fps video at 1080p without autofocus (240fps with autofocus)

Yongin Park සදහන් කරන ආකාරයට ( මෙයා තමා Samsung Sensors Business වල Executive Vice President ) Huawei P40 Pro වල පැමිනි SONY IMX700 50MP 2.44µm Sensor එක සහා IMX689 වලට Challange එකක් විදිහට තමා ඉදිරිපත් කරන්නේ Samsung ලා විසින්.

හැමෝටම වගේ ප්‍රශ්නයක් වෙන්නේ දැන් මේක Note 20 Series එක සමග එයිද? තවමත් හරියටම කියන්න අමාරුයි. මේ Sensor එකේ Mass Production මේ මස ආරම්භ කරන බව සදහන් කර තිබුනා. කොහොම උනත් දැනට යන අලුත්ම ආරංචිය අනුව Note 20+ Device එකට HM1 108MP Sensor එක නවතම Focus Assist Sensor එකක් සමග එයි කියලා තමා සදහන් වෙන්නෙ.

Source - Samsung Newsroom