Loading...
Samsung සමාගමේ නවතම Galaxy S26 Series එක නිකුත් වේ

Samsung සමාගමේ, Samsung Galaxy Unpacked 2026 Event එක ඊයේ (25) ඇමෙරිකාවේ San Francisco හිදී පැවැත්වුණා. එහිදී Samsung සමාගම සිය තෙවන පරම්පරාවේ AI දුරකථන ලෙස Galaxy S26, S26+ සහ S26 Ultra එළිදැක්වූ අතර මෙවර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සංකීර්ණ තාක්ෂණික ක්‍රියාවලීන් පසුබිමින් ක්‍රියාත්මක කරමින්, පරිශීලකයාට ඉතා සරල සහ වේගවත් අත්දැකීමක් ලබා දීමයි.


​ප්‍රධාන විශේෂාංගයන්

Galaxy S26 Ultra සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ Snapdragon® 8 Elite Gen 5 සමඟින් CPU වේගය 19% කින් ද, AI සඳහා වැදගත් වන NPU වේගය 39% කින් ද, GPU ක්‍රියාකාරීත්වය 24% කින්ද Galaxy S25 ultra මාදිලියට සාපේක්ශව ඉහළ නැන්වීමට Samsung සමාගම සමත් වී තිබෙනවා.

පළමු වරට හඳුන්වා දෙන Privacy Display

ලොව ප්‍රථම වරට Smartphone තිරය තුළම ගොඩනැගූ Privacy Display තාක්ෂණය S26 Ultra මාදිලියට ඇතුළත් කර ඇති අතර මෙමගින් පොදු ස්ථානවල සිටින විට ඔබ අසල සිටින අයට ඔබේ දුරකථන තිරය පෙනීම පාලනය කළ හැකි අතර, එය Privacy සම්බන්ධයෙන් ලද විශාල ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.

දියුණු කළ කැමරා පද්ධතිය

අඩු ආලෝක තත්වයන් යටතේ වුවද පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට හැකි වන පරිදි කැමරා වැඩිදියුණු කර ඇති අතර Night Photography සහ Videoහි වැඩි දියුණු කීරීම් මෙන්ම AI Photo Assist හරහා ඔබට අවශ්‍ය සංස්කරණයන් (ඇඳුමක් වෙනස් කිරීම හෝ ඡායාරූපයක ඇති අනවශ්‍ය දෙයක් ඉවත් කිරීම) විධානයක් ලබා දීමෙන් පමණක් සිදු කළ හැකි වනවා. Horizontal Lock Option එක සමඟින් වැඩි දියුණු කල Super Steady පහසුකම මෙහි කැපී පෙනෙනවා.

Intuitive AI අත්දැකීම

Now Nudge වැනි විශේෂාංග ඔස්සේ පරිශීලකයාගේ අවශ්‍යතාවය හඳුනාගෙන අවශ්‍ය වෙලාවට නිවැරදි යෝජනා ලබා දීම වැනි සහ තිරයේ ඇති ඕනෑම දෙයක් වටා රවුමක් ඇඳීමෙන් ඒ පිළිබඳ තොරතුරු ක්ෂණිකව සෙවිය හැකි Circle to Search මෙන්ම ​Bixby, Gemini සහ Perplexity වැනි වඩාත් දියුණු AI සහායකයින් දුරකථනය සමඟ ඒකාබද්ධ කර තිබීමත් විශේෂ වනවා.

මිනිත්තු 30 ක් ඇතුළත දුරකතනය 75% ක් ආරෝපණය කල හැකි Super Fast Charging 3.0 තාක්ෂණය හදුන්වා දී ඇති අතරම දුරකතනයේ ක්‍රියාකාරිත්වය ඉහල නැංවීම සදහා එහි තාපය ඉක්මනින් ඉවත් කීරීමට ප්‍රති නිර්මාණය කල වායු කුටීර (Vapor Chamber) යොදා ගෙන තිබෙනවා.

ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය

​Samsung Knox ආරක්ෂක පද්ධතිය මගින් දත්ත සුරක්ෂිත කරන අතර, Post-Quantum Cryptography (PQC) වැනි අනාගත තාක්ෂණයන් පවා මෙයට ඇතුළත් කර ඇත. මීට අමතරව වසර 7ක් පුරා පද්ධති යාවත්කාලීන කිරීම් (Security Updates) ලබා දීමට Samsung සමාගම පොරොන්දු වී තිබෙනවා.

Galaxy S26 Series එක පිළිබඳ සාරාංශය​ක්

මිලදී ගත හැකි වර්ණ සහ දිනයන්

​Galaxy S26 මාදිලි පෙබරවාරි 25 සිට Pre-order කළ හැකි වන අතර මේවා Cobalt Violet, White, Black සහ Sky Blue යන වර්ණවලින් වෙළඳපොළට පැමිණෙනවා. මීට අමතරව Samsung වෙබ් අඩවිය හරහා පමණක් ලබා ගත හැකි Pink Gold සහ Silver Shadow යන වර්ණ ද හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම Galaxy S26හි 256GB මාදිලිය $900 ක් වන අතර, 512GB මාදිලිය $1,100ක් ද, Galaxy S26+හි 256GB මාදිලිය $1,100 ක් වන අතර, 512GB මාදිලිය $1,300ක් ද, Galaxy S26 Ultra 256GB මාදිලිය $1,300 කින් ආරම්භ වන අතර, 512GB මාදිලිය $1,500 ක් ලෙසත්, 1TB මාදිලිය $1,800 ක් ලෙසත් මිල නියම කර තිබෙනවා.


මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Cover Image Source: Samsung News Room