Loading...
Samsung සමාගම විසින් Galaxy S20 සහ Note 20 දුරකථන භාවිතා කරමින් 8K චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැරසේ

Samsung Electronics විසින් 8K චිත්‍රපටයක් නිර්මාණය කිරීමට යන බව මේ දිනවල කොරියාවේ ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක් වෙලා තිබෙනවා. "Untact" නම් මෙම චිත්‍රපටයේ රූගත කිරීම සදහා  මේ වසරේ නිකුත් කරපු Samsung Galaxy S20 සහ Galaxy Note 20 යන Flagship devices භාවිතා කරන බව වාර්තා වෙනවා.

සැම්සුන් සමාගමට අනුව ඇතැම් සුවිශේෂී දර්ශන රූ ගත කිරීම සඳහා අලුත්  උපාංග භාවිතා කිරීමට ඔවුන් සූදානම්ව සිටිනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදන කිරීමේ මූලිකම අරමුණ වන්නේ, Samsung සමාගමේ නව flagship දුරකථන සතුව පවතින 8K video ගත කිරීමේ පහසුකම ප්‍රවර්ධනය කිරීම වන අතර මේ හරහා සැම්සුන් සමාගම තම දුරකථන වල අලෙවිය වැඩි කරගැනීමට බලාපොරොත්තු වනවා.

සැම්සුන් සමාගම විසින් මීට සමාගාමීව ඉදිරි මාස කිහිපය තුලදී Seoul නගරය තුල 8K සිනමාශාල විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර චිත්‍රපට තිරගත කිරීම සඳහා QLED 8K රූපවාහිනී යොදා ගනු ලබයි. මෙහිදී එකවර 8K චිත්‍රපට නැරඹීමට හැකියාව ලැබෙන්නේ ඉතාමත් කුඩා පිරිසකට පමණි. ඊට අමතරව ඔවුන් විසින් මෙම චිත්‍රපට YouTube හරහා විකාශය කිරීමට බලාපොරොත්තු වනවා.

ඉහත දැක්වෙන රූපයේ දැක්වෙන්නේ මෙම චිත්‍රපටයේ රඟපෑමේ යෙදෙන Kim Ju-hun සහ Kim Go-eun චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Kim Jee-woon විසින් මෙම චිත්‍රපටය පිළිබඳ නිවේදනය කරන අවස්ථාවට සහභාගී වී සිටින ආකාරයයි.

Source: Yonhap News Agency