Loading...
Note 20 එකට Samsungලගෙන් 6nm Processor එකක්. Exynos 992 6nm

ඊයේ පැමිනි අලුත්ම ආරංචියක් එක්ක අද හදිසියේම තවත් Post එකක් ගෙන්න හිතුවා. කට්ටියම මම කලින් දාපු Samsung Pop Up Camera Device එක ගැන Post එක කියවන්න ඇති කියලා හිතනවා. වැඩි කතා නැතුව කෙලින්ම Topic එකට එන්නම්. ඊයේ තමා මේ News එක ආවේ ආපු ගමන් Post එකක් ගෙන්න කලින් මේ ගැන සත්‍ය අසත්‍යතාවය ටිකක් වැඩිපුර හොයලම Post එක ගෙන්න හිතුවා.

දැනට Trusted Sources වලින් කියන පරිදි Samsung ලා එයාලාගේ 6nm SOC එකකට කලින්ම ලැස්ති වෙන බවක් තමා පෙනී යන්නේ. ඉතින් මේකට හේතුව අපි කෙටියෙන් සදහන් කරමු මොකද කිව්වොත් හැමෝම වගේ දැන් ඒ ගැන ගොඩක් දේවල් දන්න නිසා මම මේ ගැන අලුතෙන් හොයන කෙනෙක්ට දැන ගනන් කෙටියෙන් සදහන් කරන්නම්.

Exynos vs Snapdragon

මේකයි කතාව, කලින් අවුරුදු වලත් Exynos vs Snapdragon Topic එක දීගින් දිගටම ඇදි ඇදි ආවා Samsung ලාගේ මොකද කිව්වොත් එකම Price එකට Performance මට්ටම් දෙකක තියෙන SOC දෙකක් දාලා Customersලාට අලෙවි කරන්නේ ඇයිද කියන ප්‍රශ්නය. ඒ කිව්වේ Exynos chip set එක Snapdragon එක්ක ගත්තොත් යම්කිසි මට්ටමක පිටුපසින් සිටිනවා හැම අතින්ම වගේ. Battery Drain, Gaming Performance, Day to Day Usage වලදි පවා මෙයින් කියවෙන්නේ නැ Exynos කියන්නේ පාවිචි කරන්න බැරිම තරමේ SOC එකක් කියලා.

නමුත් හැමෝම වගේ පිලිගන්න දෙයක් තමා Snapdragon සමග කරට කර තරග කිරිමේ හැකියාවක් නැති බව. කොහොම උනත් මේ අවුරුද්දේ පැමිනි Exynos 990 සහා Snapdragon 865 අතර මේ වෙනස කැපී පෙනෙන මට්ටමකින් පෙන්නුම් කරා ඒ සමගම Youtubers ලා පවා මේ ගැන දැනුවත් කරන්න ගත්තා Fansලව. Samsungලට වෙනදාට වඩා මේදේ ගැන හිතන්න ඉඩ ඇරියා Fansලා වගේම Youtubersලාත්. Samsungලා මේවෙනුවෙන් මොකක්ද ගත්ත පියවර?

S series එකටයි Note Series එකටයි එකම SoC එකෙන් ඉවතට?

ඔන්න ඒ ගැන තමා දැන් කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් Samsung S Series එකක් සමග එන SOC එකම වගේ Note Series එකට පැමිනුනා මැත කාලීනව බැලුවොත්. නමුත් ගිය අවුරුද්දේ ඉදන් ඒ දේ ටිකක් වෙනස් වෙන්න ගත්තා. උදාහරනයක් විදිහට S10 සමග Exynos 9820 පැමිණියත් Note Series එක සමග Step එකක් ඉහලට යමින් Samsung ලා එයාලාගේ Exynos 9825 EUV Chip set එක හදුන්වා දුන්නා 9820 එකට වඩා Improvements රැසක් සමග.

කොහොම උනත් Samsung ලා මේ පාරට ඊට වඩා Step එකක් ඉහලට පනින්න වගේ යන්නේ මොකද කිව්වොත් කලින් පැමිනි ප්‍රශ්න සමග මේ තීරණය ගන්න ඇති කියලා අපිට විශවාස කරන්න පුලුවන්. ඒ තමා  6nm manufacturing process එකක් සහිත (Exynos 992)  Samsung Galaxy Note20 Series එක එවන්න යන බව දැනට මත පල කරනවා.

Exynos 992 ගැඹුරින් කතා කරන්න අමාරුයි තවම...

තවමත් Deep Talk එකක් දෙන්න අමාරුයි Exynos 992 SOC එක ගැන මොකද මේ ආරංචිය ඊයේ පැමිනිය එකක් නිසා කොහොම උනත් දැනට ලැබුන තොරතුරු මම මෙසේ සදහන් කරන්නම්. දැනට ලැබුන තොරතුරු වලට අනුව 992 SOC එක Improved Architecture  සමග පැමිනෙන බව තමා සදහන් වෙන්නේ ඒ කිව්වේ Exynos 990 වලට වඩා Fine Tune උන Improved Version එකක් තමා මේ Exynos 992 කියන්නේ ඒ වගේම මේ SOC එකට  6nm process එකක්ද එකතු වෙනවා. Power-Efficient අතින් බැලුවත් Exynos 990 එක Struggle උන තැන් මේ SOC එකෙන් බොහෝදුරට විසදලා තිබෙන බව දැනට සදහන් වෙනවා.

කොහොම උනත් මෙයට AMD GPU එකක් නම් ඇතුලත් වෙන්නෙ නැ ඒ වගේම Fully ARM Cores Use කරන බවත් දැනට නම් දැනගන්න ලැබුනේ නැ ඉහත සදහන් කර පරිදි  Improved Architecture එකක් තමා මේ SOC එකත් සමග පැමිනෙන්නේ. වැඩිදුර තොරතුරු සොයා බලද්දි දැන ගන්න ලැබුනා Korea වලටත් Note20 Series එක බෙදා හරින්නේ මේ Exynos 992 SOC එක සමග බව.

මේ සමගම කතා කරන්න හිතුව තව දෙයක් තමා දැනට ආරංචි විදිහට Snapdragon 865+ SOC එක Release වෙන්න පරක්කු වෙන බවක් දැන ගන්න ලැබුනා. හේතුව වශයෙන් සදහන් කරලා තිබුනේ COVID-19 හේතුවෙන් SD 865+ SOC එක මේ අවුරුද්දේ තුන් වෙනි කාර්තුවේ නිකුත් කරන්න හැකි වෙන බවයි. මේ හේතුව මත දැනටමත් සමහර  Manufacturers ලා Samsung ලාගේ මේ අලුත්ම Exynos 992 SOC එක තෝරගෙන තිබෙනවා SD 865+ වෙනුවට යොදන්න. දැනට සදහන් වෙන විදිහට Vivo ආයතනය මේ ආකාරයට 992 SOC එක තෝරගෙන තිබෙනවා. ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comment Section එකේ පල කරන්න. Exynos 992 6nm SOC එක Snapdragon 865 වලට Challenge එකක් දෙයිද ?