Loading...
Samsung විසින් Tizen store සේවාව අත්හිටුවීමට කටයුතු කර​යි

Samusng විසින් Tizen ස්මාර්ට් දුරකථන සතු වූ Tizen App Store යෙදුම නවතා දැමීමට කටයුතු කර ඇත. ගිය වසරේ දෙසැම්බර් 31 වන දින සිට Tizen App Store යෙදුම මඟින් කිසිදු යෙදුමක් Update කීරීමට හෝ Download කිරීමට නොහැකි පරිදි වෙනස් කිරීමට Samsung සමාගම කටයුතු කරන ලදී. මෙම තහනම තවදුරටත් Tizen Smartphone භාවිත කරන පරිශීලකයින්ට ඉතා විශාල පාඩුවක් වූ බව කිසිදු සැකයක් නැත.

ඊට පෙරද ජුනි මාසයේදී නව පරිශීලකයින්ට Tizen App Store යෙදුම භාවිත කර New apps සහ Games Download කිරීමට ඇති අවස්ථාවද අවහිර කිරීමට Samsung සමාගම කටයුතු කරන ලදී. කෙසේ නමුත් එම කාලය තුළදී පෙර සිට යෙදුම භාවිත කරන පරිශීලකයින්ට මෙම පහසුකම පැවතියද මේ වන විට සියලුම පරිශිලකයින්ට මෙම සියලු පහසුකම් අවහිර කිරීමට කටයුතු කර ඇත.

මෙම ලිපිය කියවන ඔබ Tizen App Store යෙදුමට හෝ නිල වෙබ් අඩවියට සම්බන්ධ වීමට උත්සහ කළහොත් ඔබට තිරයේ Error Code එකක් දැකිය හැකි වේ. මේ මොහොතේ පටන් ලොව පුරා පවතින සියලූම Samsung Z1, Z2, Z3 & Z4 වර්ග​යේ ස්මාර්ට් දුරකථන වලට Tizen store වෙත සම්බන්ධ විය නොහැකිය.

Samsung විසින් මීට පෙරදී Android Wear OS 3 මගින් ධාවනය වන සියලූම Tizen වර්​ගයේ Smart watch ද නවතා දමන ලද බව ඔබට මතක ඇති. එසේම Samsung සමාගම අවසාන වශයෙන් Tizen වර්ගයේ Samsung Z4 දුරකථනය නිකුත් කළේද 2017 වසරේදීය. මින් පසු කිසිදා නව උපාංගයක් නිකුත් ​වී නැත.

2018 වසරේදී ජනප්‍රිය යෙදුමක් වූ ACL යෙදුම පවා Tizen වෙතින් ඉවත් කිරීමට Samsung සමාගම කටයුතු කළේය. ඉන් පසු Facebook, WhatsApp, Modern Combat, Asphalt 8, Line වැනි යෙදුම් විශාල ප්‍රමාණයක්ද Tizen වෙතින් ඉවත් විය. මේ ආකාරයට සෙමින් සෙමින් අවසානය කරා ලඟා වූ Tizen store ​මෙතැන් පටන් ලෝකයේ කිසිදු දුරකථනයක ධාවනය නොවන මතකයක්ම පමණක් වනු ඇත.

Source: Tizenhelp