Loading...
Samsung සමාගම මෙගාපික්සල් 200ක කැමරාවේ වැඩ කිඩ ලොවට​ම පෙන්වයි

මාස කිහිපයකට පෙර Samsung සමාගම විසින් විසින් Smartphones සඳහා 200MP ISOCELL HP1 Cam Sensor එකක් නිකුත් කලා ඔයාලට මතක ඇති. නමුත් දැනට, මෙම Sensor එක සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් තවමත් කිසිඳු දුරකථන නිශ්පාදන සමාගමක් විසින් නිකුත් කරලා නම් නැහැ. නමුත්, Samsung සමාගම විසින් මෑතකදී නිකුත්කල Video එකක් මඟින් මෙම Sensor එකේ Capacity එක කෙතරම් ප්‍රභල එකක්දැයි මුළු ලොවටම  පෙන්වා දීමට සමත් විය.

Samsung සමාගම නිකුත් කල මෙම නව වීඩියෝව මඟින් මෙම 200MP Sensor එක මඟින් ලබා දිය හැකි ඡායාරූප පිළිබඳව දළ අවබෝධයක් ලොවටම පෙන්වා දුන්නේය. මෙයට හේතුව නම් මෙම Sensor එක සහිත Smartphones තවමත් නිකුත් කර නොමැති වීමයි. එම නිසා Samsung සමාගම විසින් Prototype Device එකකට මෙම Sensor එක සම්බන්ධ කොට, ඒ හරහා පූසෙකුගේ ඡායාරූපයක් ලබා ගැනීමට Lense එකක් භාවිතා කරන අයුරු මෙම Video එක තුලින් ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

Source: Gizchina