Loading...
Apple "Find iPhone" පරදන Samsung "SmartThings Find" ගැන දැන ගනිමු

බොහෝ දෙනෙක් දුරකථනයක් මිලදී ගනිද්දී බලන කරුණක් තමයි දුරකථනයට තිබෙන ආරක්ෂාව. අද කාලයේ ඇති වී තිබෙන දුරකථන සොරාගැනීමකට හසු උවහොත් එයින් දුරකථනය වගේම එහි තිබෙන දත්ත ආරක්ෂා කරගැනීම හා දුරකථනය සොයා ගැනීම ටිකක් අපහසු කාර්යයක්. ඒත් අප දුරකථන වල තිබෙන යම් විශේෂාංග වලින් දුරකථනය ආරක්ෂා කරගැනීමට හැකියාව සලසයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ Samsung දුරකථන සදහා ලබාදෙන SmartThings Find Service එක ගැනයි.

මොකක්ද මේ SmartThings Find කියන්නේ?

Source: smartthingsfind.com

සරලවම මේක ඔයාගේ දුරකථනය නැති උනහොත් එය තිබෙන ස්ථානය සොයාගැනීමට ඇතුලු අත්‍යවශ්‍ය විධාන කිහිපයක් කිරීමට හැකියාව ලබාදෙන දුරකථනයේම ඇති Service එකක්. හරියට Apple දුරකථන වල ඇති Find iPhone වගේ. විශේෂත්වය වන්නේ මේක අපගේ Samsung දුරකථනට පමණක් පැමිණෙන system app එකක්. එමනිසා මෙය download කිරීමක් නොකොට භාවිතා කල හැකිය.

මොනවද මේකේ තියන Features?

මෙවැනි ඕනෑම වැඩසගහනක මෙන්ම මෙමගින් අපවෙත Battery percentage එක, Device Model, Live Location සහ IMEI විස්තර පහසුවෙන්ම බලාගත හැකි අයුරින් සකස් කර තිබෙනවා. මීට අමතරව අපට පහත විශේෂාංගද SamsungThings Find මගින් ලබාගත හැකිවෙනවා.

1. Ring

ඕනෑම විටෙක දුරකනයෙන් උබරිම ශබ්ද සහිත නාදයක් නිකුත් කිරීමට හැකියාව මෙමගින් ලැබෙයි.

2. Lock

මෙමගින් අපගේ දුරකථනයට නව PIN lock එකක් දැමීමට හැකියාව ඇත. එමෙන්ම එහි දර්ශනය වීමට දැන්වීමක්, ඔබව සම්බන්ධ කරගත හැකි අනෙකුත් international සහ Domestic යන දෙවර්ගයෙන්ම දුරකථන අංකයක් ලබාදිය හැකිය.

3. Track Location

මෙමගින් සෑම මිනිත්තු 15 කට සැරයක් දුරකථනය තිබෙන තැන ගැන සදහනක් ලබාගත හැකිවේ. එමනිසා දුරකථනය රැගෙන යන ගමන් මගෙහි සම්පූර්ණ විස්තරයක් map එකක ආධාරයක් පෙන්වනු ඇත. තවද එම දත්ත දවස් 7 ක් ඇතුලත අපට දැකගන්නත් පුලුවන්.

4. Erase Data

මෙමගින් සියලුම දත්ත reset වීමක් සිදුවේ. එමගින් memory card සහ internal storage යන දෙකෙහිම ඇති දත්ත reset වීමක් සිදුවේ.

5. Backup

මෙමගින් අපගේ දුරකථනයේ ඇති Call logs, Messages, Contacts, Calendar, Clock, Settings, Home screen, Apps, Voice recordings ඇතුලු දෑ Samsung cloud තුලට backup කරගත හැකිය. එමනිසා නැවත දුරකථනය නොලැබුනත් ඒම දත්ත නැවත නව Samsung දුරකථනයකට ලබා ගැනීමට පුලුවන්.

6. Retrieve Call/Message

මෙමගින් පභසුවෙන්ම දැනට ලැබී ඇති calls සහ messages 50 ක් එහි අංකය, දිනය, වේලාව සහ ඇමතුම් කාලයද ලබාගැනීමට පුලුවන්.

7. Unlock

මෙමගින් සම්පූර්ණයෙන්ම screen lock ඉවත් කිරිමට හැකියාව ලබාදේ. එමගින් Pattern, PIN , Password, Biometrics ඇතුලු සියලු දෑ ඉවත් වී යයි. එමනිසා ඔබගේ දුරකථනයේ password අමතක වීමක් උවහොත් එය reset කිරීමට මෙය උපයෝගී කරගත හැකිය.

8. Extended Battery Life

මෙමගින් අපට අපගේ දුරකථනයේ ඇති Maximum power saving mode එක සක්‍රිය කරගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් අපට දුරකථනය තිබෙන තැන සොයාගැනීමට දින කිහිපයක් උවද කාලය ගත කර හැකිය.


කෙසේ නමුත් හොදින් මතක තබාගත යුතු දෙය වන්නේ මෙම දේවල් බැලීමටනම් ඔබගේ Samsung දුරකථනයේ data on කර හෝ Wi-Fi ක්‍රියාත්මක කර අන්තර්ජාලයට සම්බන්ධව සිටීම අනිවාර්යයි.

Source: smartthingsfind.com

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක් !