Loading...
Samsung සමාගම සිය S මාදිලියේ නව සාමාජිකයා වන S23 එලිදක්ව​යි

ස්මාර්ට් දුරකථන වෙළඳපොළ තුළ පෙරළියක් ඇතිකළ සමාගමක් වන Samsung සමාගම විසින් එතෙක් මෙතෙක් සිය පාරිභෝගිකයන් සඳහා ඉතාමත් ඉහළ මට්ටමේ අත්දැකීම් ලබාදීමට සමත් විය. විවිධාකාරයේ වූ මාදිලි අතරින් ලොව පුරා පරිශීලකයන් අතර මහත් ජනප්‍රියතාවයට පත් වූ S මාදිලියේ නව සාමාජිකයෙකු වන S23 දුරකථන පෙළ පසුගිය දින නිකුත් කිරීම සිදුකරනු ලැබිණි. S23 මාදිලියේ දුරකථන පෙළ සහ ඒවායේ තොරතුරු දැනගැනීමට අප සමග රැඳී සිටින්න.

Source: phonearena.com

S23 මාදිලිය ඔස්සේ දුරකථන තුනක්

Samsung සමාගමේ නවතම Flagship දුරකථන ලෙස එළිදැක්වූ S23 දුරකථන පෙළ සඳහා Galaxy S23, S23 Plus සහ S23 Ultra දුරකථන අන්තර්ගත වේ. මෙම දුරකථන තුන නවතම Design එකකින් සමන්විත වන අතරම S23 හා S23+ දුරකථනහි Specs තරමක් S22 හා S22+ දුරකථන වලට යම් සමානකමක් දක්වන බවට නිරීක්ෂණය කළ හැකිවේ.

Design & Display

S23 සහ S23+ සලකන විට එම දුරකථන දෙකම සඳහා එක සමාන Design එකක් පවතින අතර S23 සඳහා අඟල් 6.1 ක Display එකක් සහ S23+ සඳහා අඟල් 6.6 ක Display එකක් අන්තර්ගත වේ. මෙම දුරකථන දෙකම සඳහා Dynamic AMOLED 2X Display පහසුකම සහ 2340 x 1080 pixels (FHD+) Resolution එකක් ද පවතී.

48-120Hz Refresh Rate සහ  240Hz Touch Sampling Rate එකක් සහිත වන මෙම දුරකථන දෙක සඳහාම Corning Gorilla Glass Victus 2 Display එක සඳහා යොදාගෙන ඇත.

Galaxy S23 සහ Galaxy S23+ දුරකථන (Source: androidpolice.com)

S23 Ultra දුරකථනය සලකන විට එහි අඟල් 6.8 AMOLED සහ QHD+ (3,088 x 1,440) Resolution සහිත Display එකක් පවතින අතර 120Hz Refresh Rate එකකින්ද සමන්විත වී තිබෙනවා. එමෙන්ම මීට කලින් S22 Ultra දුරකථනයේ පැවති nits අගය වූ 1750 අගයට වැඩි nits අගයක් S23 Ultra තුළ දැකගත හැකිවන අතර එය 2000 nits තරම් අගයකි.

Galaxy S23 Ultra (Source: Gizmochina.com)

මෙම දුරකථනයන්ගේ ආවරණය සලකන විට සියලුම දුරකථන Armor Aluminum Frame එකකින් නිර්මාණය කර ඇති මෙන්ම ඒවාගේ කල්පැවැත්ම තහවුරු කිරීමට එම ආවරණයන් Scratch Resistance (සීරීම් වලින් ආරක්ෂා වීම) වේ. එමෙන්ම මෙම S23 මාදිලි පෙළේ දුරකථන තුනම Water Resistant වේ.

Source: samsung.com

එමෙන්ම මෙම දුරකථනවල පිටත නිමාව සලකන විට S23 හා S23+ දුරකථනවල වක්‍රාකාරව පවතින කෙළවරවල් දැකගත හැකිවන නමුත් S23 Ultra හි තරමක් තියුණු කෙළවරවල් පැවතීම විශේෂත්වයකි.

Processor & Storage

Processor පිළිබඳව සැලකීමේදී මෙම දුරකථන තුන සඳහා Samsung සමාගම විසින් ඔවුන්ගේ Snapdragon 8 Gen 2 (4nm) Chipset එක භාවිතා කර තිබීම විශේෂත්වයකි.

මෙම දුරකථනයන්ගේ Storage පිළිබඳව සැලකීමේදී S23 සහ S23+ 8GB RAM එකකින් සහ 128GB, 256GB සහ 512GB Storage වලින් ලබාගත හැකිවේ. S23 Ultra දුරකථනය 8GB සහ 12GB RAM වලින් සහ 256GB, 512GB සහ 1TB Storage වලින් ලබාගත හැකිවේ.

Camera

Samsung Galaxy S23 සහ S23+ හි Camera Setup එක පෙන්නුම් කරන ඡායාරූපයක්. (Source: samsung.com)

S23 සහ S23+ දුරකථනයන් සලකන විට එහි පවතින්නේ එකම Camera Setup එකක් වේ. එහිදී Main Camera ලෙස 50MP Wide Camera එකක්, 10MP Telephoto සහ 10MP Ultrawide Camera එකක් ලෙස අන්තර්ගත වේ. Main Camera භාවිතයෙන් 8K සහ 4K වීඩිටෝ ලබාගැනීමේ හැකියාවද පවතී.

එම දුරකථනයන් හි Selfie Camera සැලකීමේදී 12MP Wide Camera එකක් ලබාදී ඇති අතර එමගින් 4K දක්වා වීඩියෝ ලබාගැනීමේ හැකියාව ද පවතී.

Samsung Galaxy S23 Ultra හි Camera Setup එක පෙන්නුම් කරන ඡායාරූපයක්. (Source: samsung.com)

S23 Ultra දුරකථනය සලකන විට එහි Main Camera ලෙස 200MP Wide Camera එකක්, 10MP Periscope Telephoto, 10MP Telephoto සහ 12MP Ultrawide Camera Setup එකක් අන්තර්ගත වේ. මෙහි Selfie Camera ලෙස 12MP Wide Camera එකක් ලබාදී ඇත. S23 Ultra සඳහා ද 8K සහ 4K වීඩියෝ ලබාගැනීමේ පහසුකම ඇත.

S23 සහ S23+ දුරකථන සඳහා 3x Optical Zoom සහ 30x දක්වා Digital Zoom පහසුකම පවතී. එමෙන්ම S23 Ultra දුරකථනය සඳහා 3x සහ 10x Optical Zoom සහ 100x දක්වා Digital Zoom පහසුකම ද පවතී.

Battery & Charging

Battery Capacity එක පිළිබඳව සලකන විට S23 සඳහා 3900 mAh බැටරියක් ද, S23+ සඳහා 4700 mAh බැටරියක් සහ S23 Ultra සඳහා 5000 mAh බැටරියක් ද අන්තර්ගත වේ. මෙම දුරකථන තුනම Fast Charging පහසුකම ලබාදෙන අතර S23 සඳහා 25W ද, S23+ සහ S23 Ultra සඳහා 45W පහසුකම ද ඇත. එමෙන්ම මෙම S23 මාදිලිය සඳහා Wireless Powershare පහසුකමද සපයා ඇත.

Price

S23 දුරකථනය $800ක මුදලකට ද, S23+ දුරකථනය $1000ක මුදලකට ද, S23 Ultra දුරකථනය $1200ක මුදලකටද පවතින බව මූලාශ්‍ර වල සඳහන් වේ.

කෙසේ වෙතත් S23 මාදිලියේ දුරකථන පිළිබඳව වැඩිදුර තොරතුරු සහ නවතම තාක්ෂණික පැතිකඩ පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ සමග රැඳී සිටින්න.

Sources: www.samsung.com www.gizmochina.com www.androidpolice.com www.phonearena.com