Loading...
AMD සමාගමේ Xclipse GPU එකෙන් සමන්විත වන Exynos 2200 chipset එක එලිදැක්වීම​ට Samsung සමාගම කටයුතු කර​යි

පසුගිය 18 වන දින Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship chipset එක වන Exynos 2200 එලිදක්වනු ලැබුවා. මෙම නවතම චිප්සෙට් එක 4nm EUV process තාක්ෂණය භාවිතා කරමින් නිමවා ඇති අතර Xclipse නම් custom-made GPU එක​ක් මේ Exynos 2200 chipset එකට ඇතුලත් වනවා.

Xclipse GPU එක නිර්මාණය කර තිබෙන්නේ AMD සමාගම වන අතර ඒ සඳහා AMD සමාගම විසින් ඔවුන්ගේ RDNA2 architchture එක භාවිතා කර තිබෙනවා. Xclipse GPU එක නිසා ray tracing සහ variable rate shading යන උසස් පහසුකම් ජංගම දුරකතනයට ලබා දීමට හැකියාව Exynos 2200 chipset එක සතු වන අතර එම පහසුකම් ලබා දෙන ප්‍රථම smartphone chipset එක වන්නේද Exynos 2200 chipset එකයි.

Ray tracing තාක්ෂණය හරහා සැබෑ ජීවිතයෙදී දක්නට ලැබෙන ආලෝකකරණයක ආකාරයෙන්ම පරිගණක ක්‍රීඩාවල දර්ශනයන් අප වෙත ලබාදීම සිදු කරනු ලබනවා. මේ පහසුකම හරහා realistic effect එකක් ලබා දෙන අතර ගුණාත්මක බවින් යුතු graphicsද ලබා දී පරිගණක ක්‍රීඩාවන් වල යෙදීමේදි වඩාත් හොඳ අත්දැකීමක් ලබා දෙනු ලබනවා.

Variable rate shading යනු මේ වන විටත් පරිගණක සහ console හරහා ධාවනය වන ක්‍රීඩාවන් සඳහා හදුන්වාදී ඇති ක්‍රීඩාවකි. ඒ හරහා ක්‍රීඩා නිර්මාණය කරන්නන් හට lowe shadings ඇතුලත් කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. මේ හරහා වඩාත් හොඳ quality එකක් අවස්‍ය නොවන තැන් වලට අඩු quality එකකින් යුතු shadings ඇතුලත් කිරීමට හැකි වන අතර ඒ හරහා frame rate එක drop නොවී වඩාත් හොදින් ක්‍රීඩාවන්හි යෙදීමේ හැකියාව ලැබෙනවා.

ලොව ප්‍රථම වරට Armv9 CPU cores භාවිතා කරන ප්‍රථම chipset එක Exynos 2200 වනවා. Octa-core processor එකක් වන Exynos 2200 චිප්සෙට් එක එක් බලවත් Core-X2 core එකකින්ද, Cortex-A710 balancing performance and efficiency cores තුනකින්ද, power efficiency සඳහා භාවිතා වන Cortex-A510 cores 4කින්ද සමන්විත වනවා. Samsung සමාගම විසින් සාමාන්‍යෙන් පුරුද්දක් වශයෙන් ඔවුන්ගේ චිප්සෙට් වල වේගය සඳහන් කිරීමක් සිදු නොකරන බැවින් Exynos 2200ද වේගයන් සඳහන් වන්නේ නෑ.

නවතම GPU එකක් මෙන්ම වැඩිදියුණු කල CPU එකට අමතරව බලවත් NPU එකකින්ද මෙම Exynos 2200 බල ගැන්වෙන අතර Exynos 2100 සමඟ සසඳන විට Exynos 2200හි ක්‍රියාකාරීත්වය දෙගුණයකින් ඉහල අගයක් ගනු ලබනවා.

Samsung launches Exynos 2200 with Xclipse GPU, based on AMD RDNA2 architecture

මීට අමතරව Exynos 2200 චිප්සෙට් එක මෙගා පික්සල් 200කින් යුතු කැමරා සඳහා සහය දක්වන අතර 8K video recordings සඳහා මෙන්ම, 4K display සඳහා 120Hz refresh rate එකකින්ද, QHD+ display සඳහා 144Hz refresh rate එකකින්ද සහය දක්වනු ලබනවා. LPDDR5 RAM සඳහා මෙන්ම UFS 3.1 storage එකක් සඳහාද සහය දක්වන මෙම chipset එක සතුව ඇති 5G modem එක sub-6GHz සහ mmWave freqencies සඳහාද සහය දක්වනු ලබනවා.

Samsung සමාගම විසින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට Exynos 2200 chipset නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි.

Source: Samsung