Loading...
Samsung සමාගම විසින් Galaxy S23 දුරකතනය සඳහා Exynos chipset භාවිතා නොකිරීමේ සූදානම​ක්

පසුගිය වසර කිහිපය තුළ සිටම Samsung ආයතනය විසින් සිය galaxy දුරකථන මාලාව සදහා ඔවුන්ගේම Chipset එකක් භාවිත කරමින් සිටිනවා. වසර ගණනාවක සිට වුවද  SoC  සහිත Processors තිබියදීත් ඔවුන් විසින් මෑතක සිට සීමිත මාදිලියකින් ඔවුන්ගේම processes  භාවිතා කර ඇත. නමුත් නවතම වාර්තා වලට අනුව Samsung විසින් එම Exynos Processor එක මීළඟ Galaxy S23 දුරකථන මාලාව සදහා  සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව එළඹෙන Samsung Galaxy S23 මාලාව සඳහා එකම SoC සැපයුම්කරු බවට Qualcomm සමාගම පත්වන බව විශ්ලේෂක Ming-chi Kuo පවසා සිටිනවා. මෙයින් පෙනී යන්නේ Samsung හි මීළඟ පරම්පරාවේ SoC හට Qualcomm හි SM8550 (Snapdragon 8 Gen 2) මීළඟ පරම්පරාව සමග තරග කිරීමට නොහැකි බවයි. Samsung හට වසර ගණනාවක් පුරා Qualcomm බොහෝ යෙදුම් සහ විවිද platforms සදහා ඔවුන්ගේ chipset ලබාදෙමින් විශිෂ්ට කාර්යක් සිදුකර තිබෙනවා.

මීට පෙර නිකුත් වූ ඉහල පෙලේ Samsung උපාංග අතර පොදු ගැටළු ලෙස අධික ලෙස රත් වීම, performance issues සහ battery issues හදුන්වා දෙනවා. උදාහරණයක් ලෙස Exynos මඟින් බලගැන්වෙන Galaxy S22 Ultra දුරකතනයේද performance සහ display ගැටළු පරිශීලකයන් විසින් නිරීක්ෂණය කර ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී නිකුත් වන Qualcomm සමගින් බලගැන්වෙන Samsung Galaxy S23 මාලාව වැඩි වෙළඳපල කොටසක් ලබා ගනු ඇතැයි Ming-chi Kuo ප්‍රකාශ කරනවා.

S23 දුරකථන මාලාව තුල අන්තර්ගත අනෙකුත් දේ පිළිබද තොරතුරු තවමත් Samsung සමාගම විසින් සදහන් කර නොමැති නමුත් දුරකථන පෙළ 200MP camera sensor එකක් සමගින් පැමිණෙනු ඇතැයි නිල නොල​ත් තොරතුරක් වාර්තා වනවා. කෙසේ වෙතත් එහි සත්‍යතාව පිළිබද කිසිවෙකුත් තවමත් අදහස් පල කර නොමැත.

Source: XDA Developers