Loading...
Qualcomm Snapdragon 875 එකට වඩා Samsung Exynos 1000 වේගවත් වන ලකුණු

ඔව්, අපි දන්නවා මේ වගේ news එකක් දෙන්න අපි කලින් වැඩී කියලා. මොකද විශේෂයෙන්ම Exynos 1000 වලින් power up උන පළවෙනි Samsung device ටික නිකුත් වෙන එක ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනකන් ම බලාපොරොත්තු වෙන්න බැරි නිසා. ඒත් සුබාරංචිය තමා Samsung සමාගම ඔවුන්ගේ ලොකුම competitor ව surpass කරනවා කියන දේ.

මේ තොරතුරු ලැබෙන්නේ විවිධ Geekbench scores publish කරලා තියෙන Korean forum එකකින්. වාර්තා වෙන විදිහට Samsung Galaxy S21 units දෙකක් test කරලා තියෙනවා. ඉන් එකක Exynos 1000 සහ අනිත් device එකේ Snapdragon 875 ඇතුලත් වෙලා තියෙනවා. ඊට අමතරව, මේ mix එකට Xiaomi Mi 11 phone එකත් include වෙලා තියෙනවා.

මේ ගැන කිසිම screenshot එකක් share වෙලා නෑ. කෙසේ වෙතත් Snapdragon 875 counterpart එකට වඩා Exynos 1000 හි single සහ multi scores වැඩි වෙලා තියෙනවා. Single score test එකේදී Exynos 1000 හට points 1302 ක් ද, Multi score එක 4250 ක් ලෙසද, Snapdragon 875 හට 1159ක් සහ 4090ක් ලෙසත් පිලිවෙලින් scores ලැබී තිබුණා.

කොහොම උනත් වඩාත් පැහැදිලි කාරණයක් තමා මේ testing stage එකට involve වෙලා තියෙන ඔක්කොම handsets තියෙන්නේ early pre-production samples හැටියටයි. ඉතින් මේ SoCs දේකේම release වෙන්න කලින් performance තව වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. Exynos මේ විදිහට උඩට එනවා දැක්ක පලවෙනි අවස්ථාව වීමත් සහ මේ SoCs දෙකම base වෙලා තියෙන්නේ Samsung 5nm process එක මත similar architecture එකක් මත නිසත් මේක ගොඩක් විශේෂ දෙයක් වෙනවා.

Source : GSMArena