Loading...
Google account එකක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ කෙසේද?

අපි අද හදන්නෙ Google සමාගමට සදහටම සමුදෙන්න. කලන්තෙ වගේ හැදුණා නම් කොහෙන් හරි ඉඳගන්න ඉක්මනට. මොකද, අපිට Google වලට බායි කියන එක කරන්න බෑ කාට බායි කිව්වත්. ඇයි ඒ? Google උගුලට ඔයා අහු වෙලා ඉවරයි.

මොකක්ද මේ කියන්නෙ? මොකක්ද මේ උගුල? මේවා ගැන අපි ඕනවටත් වඩා සාකච්ඡා කළා. ඒ ලිපි කියවපු කෙනෙක්ට රෝගයක් හැදෙනවා, ඒකට කියන්නෙ "Google භීතිකාව" කියලා. Google භීතිකාවෙන් මිදෙන්න නම් Google ලට බායි කියන්නම වෙනවා. කොහොමද අපි Google ලට බායි කියන්නෙ? අපි බලමු!

බායි කියන්න කලින්...

බායි කිව්වා වගේ නෙවෙයි, පස්සෙ සික් එක ගැහුවොත් ඉවරයිනෙ. ඒ නිසා අපි මුලින් බලමු බායි කියන්න කලින් හිතන්න ඕන දේවල් ගැන.

Google වලට බායි කියන්න නම් Google වලට ආදේශක හොයාගන්න වෙනවා. එහෙමයි කියලා ඒ ආදේශක Google වගේම නම් එහෙම වැඩකුත් නෑනෙ. අපි මේ ආදේශක ගැන කලිනුත් කතා කළා. ඔයා පාවිච්චි කරන Google Services වල ලයිස්තුවක් හදන්න මුලින්ම. ඊට පස්සෙ ඒවට විකල්ප හොයන්න. පුංචි උදව්වක් කරන්නම්, ඔයා හොයන විකල්ප වලට මෙන්න මේ අඩවියෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්

PrivacyTools - Encryption Against Global Mass Surveillance
You are being watched. PrivacyTools provides knowledge, encryption, and software recommendations to protect you against global mass surveillance.

ඔයා පාවිච්චි කරන Google සේවාවන් වලට හොඳම විකල්ප හොයාගත්තට පස්සෙ, අපි ඔයාගෙ Google account එකට සදහටම සමු දෙමු.

ඔයාට විකල්පයක් හොයාගන්න බැරිම වුණොත් (බැරි නෑ, ඒ විකල්ප වලින් සෑහීමකට පත් වෙන්න බැරිම නම්.) ඔයාට පුළුවන් Fake account එකක් හදාගෙන ඔයාගෙ identity එක හෙළි නොවන විදියට විවිධ උපායමාර්ග අනුගමනය කරමින් ඒ account එක භාවිතා කරන්න. හැබැයි මේක සාර්ථක නෑ. මුකුත්ම කරන්න දෙයක් නැත්නම් තමයි මේක කරන්න ඕන.

බායි කියමු!

මේක account එකක් හදනවට වඩා සෑහෙන්න ලේසියි. අපි වැඩේට බහිමු. මම මේක කරන්න පාවිච්චි කරන්නෙ මගේ Laptop එක.

මුලින්ම, මෙන්න මේ Link එකට යන්න.

https://myaccount.google.com

මේ පිටුවට ගියාම පේන්න ඕන මෙන්න මෙහෙමයි.

මෙතනට යන්න ඔයාගෙන් password එක ඉල්ලුවොත් ලබා දෙන්න. මේ processes එකේදි කීප විටක් පාස්වර්ඩ් ඉල්ලාවි, ඒ හැම වෙලේම පාස්වර්ඩ් එක දෙන්න.

ඊළඟට ඔයා යන්න ඕන Data & personalization කියන සෙක්ෂන් එකට. ඒකට යන්න ඔයාගෙ වම් පැත්තෙන් අදාළ ටැබ් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ පෙනේවි.

ඒ පිටුවේ පහළට යන්න. එතකොට මෙන්න මෙහෙම එකක් දකින්න ලැබෙයි. Delete a service or your account. එතන click කරන්න.

ඒක ක්ලික් කළාම ඔයාට පෙනේවි මෙන්න මේ වගේ පිටුවක්.

මේකෙ මේ පේන විදියට, ඔයාට පුළුවන් ඔයා අකැමති Google service එකක් වුණත් අයින් කරන්න. සම්පූර්ණ අකවුන්‍ට් එක මකලා දාන්නත් මෙතනින් පුළුවන්. ඒ වගේම ඔයාගෙ දත්ත බාගන්නත් inactive වුණාම (ඔයා මළොත්) වෙන්න ඕන දේ මොකක්ද කියලා හදාගන්නත් වගේ දේවල් මේකෙන් කරන්න පුළුවන්.

දැන් බලමු අපිට අනවශ්‍ය සේවාවක් අයින් කරලා දාන විදිය.

Delete a Google service කොටසට යන්න. එතකොට පේන්නෙ මෙන්න මෙහෙමයි.

හරිම සරලයි, මෙතනදි නම් Gmail එක අයින් කරලා දාන්න පුළුවන්. බින් අයිකන් එක ක්ලික් කරා, මැකුවා. බොහොම සරලයි.

ඊළඟට තමයි අපේ ප්‍රධාන වැඩේ කරන්න යන්නෙ. පසුපසට හැරුණ ඊතලය ඔබලා 4 වෙනි පිංතූරයේ දැක්වෙන පිටුවට ආයෙත් යන්න. එතනින් දැන් ඔයා තෝරන්න ඕන "Delete your Google Account" කියන තැන.

එතකොට ඔයාව බය කරන පේජ් එකක් ඕපන් වෙනවා.

මේකෙදි කියනවා මේක අර හැමදම පෙන්නන ජාතියෙ ඇග්‍රිමන්ට් එකක් නෙවෙයි මේක කියවන්න කියලා.

කියවා හෝ නැතිව, පහළට ගිහින් මෙන්න මේ ටික් දෙක දාලා Delete Account බොත්තම ඔබන්න.

ඊළඟට මේන්න මේ පිටුව එනවා. ආයෙ මුකුත් කරන්න දෙයක් නැහැ. ඔන්න අපි Google වලට සමු දුන්නා!

ඔන්න ඔහොම සරලව ඔයාට පුළුවන් Google එකෙන් ගැලවෙන්න. දැන් මේක දැක්ක ගමන් ගිහින් තමන්ගෙ අකවුන්‍ට් එක මකලා එහෙම දාන්න එපා. කලින් කිව්වා වගේ සොයලා බලලා තමයි මකන්න ඕන. අනික් දේ, ඔයාගෙ නැති වෙන දත්ත ගැන මම වත් Android වැඩකාරයෝ වත් වග කියන්නෙ නෑ. අලුත් ලිපියක් එක්ක මුණගැසෙමු!