Loading...
Search Filters, Anonymous Admins සහ තවත් features රැසකින් Telegram අලුත් වෙයි

Telegram කියන්නේ ඉතාමත් වේගයෙන් grow වෙන messaging platforms වලින් එකක්. ඉතින් මෑතකදී Telegram 7.1.0. කියන version number එකෙන් අලුත්ම update එක නිකුත් වුනා.මේ යටතේ search filters, anonymous group admins, channel comments වගේ සිත්ගන්නා සුලු features කීපයක්ම add කිරීමට Telegram සමාගම කටයුතු කරලා තියෙනවා.

Search filters

Telegram ලා මේ විදිහට search filters එකතු කරන්න හේතු වෙලා තියෙන්නේ search feature එක improve කිරීමයි. මේ අලුත් search filters එක්ක ඔයාට හැකියාව ලැබෙනවා file type එක අනුව search කරන්න. ඒ වගේම කාලය අනුවත් search filters යොදාගන්න පුලුවන් කම ලැබෙනවා. උදාහරණයක් විදිහට "Yesterday” වගේ keyword එකක් use කරලා chats ගන්න පුලුවන්. ඒ වගේම filters combine කරලා search කරන්නත් පුලුවන්කම ලැබෙනවා.

Anonymous Group Admins

Group admins ලගෙ privacy එක ensure කරන්නයි මේ feature එක introduce කරලා තියෙන්නෙ. මේ mode එක enable කරාට පස්සේ admin tag එක කාටවත් පේන්නේ නෑ.

Channel Comments

Name එකෙන් කියවෙන විදිහටම අදාල channel එකේ subscribers ලට channel discussion group එකේ discussions සඳහා පහසුවක් වෙන්න comment button එකක් feature වෙනවා. ඒ හරහා mini chat window එකක් open කරගෙන discussions කරගන්න පුලුවන් කම ලැබෙනවා.

මේ key features වලට අමතරව, අලුත්ම Telegram update එක මගින් Android app එකේ තියෙන animations improve වෙනවා. මේ අලුත් animations keyboard එක expand කරලා themes switch කරද්දී experience කරන්න පුලුවන්. ඒ වගේම messages delete කරද්දී, notifications change කරද්දී, media save කරද්දී වගේ අවස්ථාවලත් මේ animations දැකගන්න පුලුවන් වෙනවා.

ඒ වගේම ඔයා multiple account user කෙනෙක් නම් chat lists preview කරන පහසුමකමත් Telegram විසින් ලබාදීලා තියෙනවා. එහෙම කරන්න නම් account switcher එකේ profile picture එක press & hold කරන් ඉන්න ඕනේ.

ඉතින් මීට අමතරව තවත් animated emoji සඳහා support එක add කිරීමට Telegram සමාගම කරයුතු කරලා තියෙනවා. ඉතින් මේ අලුත් updates experience කරන්න ඕනේ නම් ඔයාට පුලුවන් දැන්ම Telegram update එක install කරලා use කරන්න.

Source: Telegram Blog