Loading...
Signature එකක් දාල emails යවමු

Mailවලට Signature එකක් එකතු කරල යවද්දි ඒ Mail එකේ තියෙන Professional ගතිය වැඩි කර ගන්න පුලුවන්.

ඒ වගේම ඉතින් හැම Mail එකකටම ඔයාගේ Contact Information වෙනම Type කරල යනව එකත් ලොකු කරදරයක් නේ, එහෙම වෙලාවටත් Signature එක විදිහට ඒ Contact Information ටික දැම්මා නම් වැඩේ ලේසි වෙනවා.

අපි Mail යවන්නේ ගොඩක් දුර PC එකකින් හෝ Mobile Device එකකින් නේ. දැන් බලමු මේ Devicesවල අපේ Mail එකට Signature එකක් දා ගන්නේ කොහොමද කියල.

මුලින්ම බලමු ඔයාගේ Android Smartphone එකෙන් යවන Mail එකකට Signature එක දා ගන්න විදිහ,

1.Gmail App එක Open කර ගන්න.‌‌

2.Settingවලට යන්න.‌‌

3.Settingවල ඔයාගේ Mail Address එක තියෙනවා , ඒක උඩ Touch කරල ඉලග Tab එකට යන්න.‌‌

4.මෙතන Generalවල Mobile Signature කියන එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන Signature එක Type කරන්න.

‌‌5.ඉට පස්සේ Ok දෙන්න.

දැන් අපි බලමු ඔයාගේ Apple Smartphone එකෙන් යවන Mail එකකට Signature එක දා ගන්න විදිහ,

  1. පළමුව Settings වෙත ගොස්, එහි Mail App එක වෙත යන්න.
  1. එහි පහළට ගිය පසු තිබෙන Signature හි ඔබට අවශ්‍ය Signature එක Type කර ගන්න.

ඔයා Mail යවන්නේ ඔයාගේ Pc එකෙන් නම්

1. ඉස්සල්ලාම ඔයාගේ Mail Account එකට ලොග් වෙන්න.‌‌

2. Settingවලට යන්න.‌‌

3. Generalවලට ගිහිල්ලා Signatureවල ඔයාට අවශ්‍ය Signature එක Type කර ගන්න.

මේ විදිහට ඔයාට ඔයාගේ Mobile Device එකෙන් වගේම Pc එකෙන් යවන Mailවලට Signature එකක් Add කර ගන්න පුලුවන්.