Loading...
WhatsApp වලට වඩා වැඩි හොඳ quality එකකින් යුතුව images යැවිය හැකි පහසුකමක් හඳුන්වාදීමට Signal කටයුතු කරයි

Signal කියන්නේ මැතකදි ඉතා ජනප්‍රිය වු Messaging Services එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඒ සදහා ප්‍රධාන වශයෙන් WhatsApp සඳහා හදුන්වා දුන් නව Privacy Policy එක වගේම Elon Muskගේ Twitter සටහනක් ද හේතු වුවා.

අද වෙන විට Photos, Files, Videos, Music ආදිය බොහා් විට WhatsApp, Signal, Telegram ආදි Messaging Services හරහා හුවමාරු කර ගැනිමට බොහෝ දෙනෙකු හුරුවි තිබෙනවා. නමුත් WhatsApp ඇතුළු බොහෝ Messaging Services මගින් Photos ආදිය Share කර ගැනිමේ දි ඒවා Compress විම සිදු වෙනවා. ඒ මගින් ලබන්නාට Original Quality එකෙන් යුතු Photo නොලැබෙන අතර Quality එකෙන් අඩු සාමාන්‍ය ආකාරයේ Photo එකක් ලැබිම සිදු වෙනවා.

Signal Messaging Service එක මගින් මේ ගැටලුව සදහා විසදුමක් ලබා දි ඇති අතර ඒ මගින් 4K Image ආදිය වුවද එම Resolution එකෙන්ම ලැබෙන්නාටත් ලබා ගත හැකි වෙනවා. Signal Beta App එක සදහා මේ වෙන විට හදුන්වා දි ඇති මේ මගින් ඔබට අවශ්‍ය නම් Image යැවිමේ දි Standard Photo Quality එකෙන් හෝ High Photo Quality එකෙන් Image Send කිරිමේ හැකියාව ලැබෙනවා. මේ තුලින් 4K Images යැවිමේ හැකියාව ලැබෙනවා.

සාමාන්‍යයෙන් 6944 x 9248 Pixels Resolution එක සහික image එකක් 11.6MB පමණ වෙන අතර 3075 x 4096 Pixels Resolution එක සහිත image එකක් 1.4MB පමණ ප්‍රමාණයෙන් යුතු වෙනවා. මේ නව Feature එක නිසා High Photo Quality තොරා ගැනිමෙන් මේ Quality එකෙන්ම යැවිමේ හැකියාව ලැබෙන අතර ලබන්නාටත් එය එම Quality එකෙන්ම Download කරගත හැකි වෙනවා. ඔබ Standard Photo Quality එකෙන් යවන්නේ නම් සාමාන්‍ය 1201 x 1600 Pixels Quality එකෙන් යුතු 204KB ප්‍රමාණයෙන් යුතුව Send විම සිදු වෙනවා.

Source : Android Police