Loading...
Background Blur දැන් Skype එකටත්, හැබැයි iOS Userලාට විතරයි

ඔන්න දැන් Skype එකෙත් Background Blur කරලා Video Call ගන්න පුලුවන්. හැබැයි මේක තාම දිලා තියෙන්නේ Apple කට්ටියට විතරයි. ඒ කියන්නේ Skype iOS app එකෙන් ඔයාලට මේ Feature එක Use කරන්න පුලුවන්.

හැබැයි ඉතින් මිට අවුරැද්දකට විතර කලින් තමයි Skype Desktop app එකෙන් අපිට මේ feature එක ලබා දුන්නේ.

Apple Usersලාට තමන්ගේ iPhone එකේ වගේම iPad එකෙනුත් මේ Feature එක Use කරල Call ගන්න පුලුවන්.

Microsoft සමාගම විසින් මේ Background blur කිරිමට පාවිච්චි කරන්නේ Artificial Intelligence තාක්ෂණය. මේ තාක්ෂණය මගින් Blur කිරිමේදි අපේ හිසකෙස්, අත්, උරහිස පවා නිවරදිව හදුනා ගෙන නිවරදි Blur කිරිමක් ලබා දෙනවා. ඒ තුලින් අපට මේ Blur කිරිම කිසිම වෙනසක් නැතුව ස්වාභාවික Blur කිරිමක් වදිහට පෙන්න සලස්වනවා.

දැනට හැබැයි මේ Feature එක Apple Deviceවලට විතරයි දැනට ලැබිලා තියෙන්නේ. Android Deviceවලට මේ Feature එක ලැබෙන දවසක් ගැන තවම Microsoft ආයතනය පැත්තෙන් කිසිම ප්‍රකාශයක් වෙලා නැ.

ඉතින් ඔයත් Apple Device එකකින් Skype පාවිච්චි කරනව නම් දැන්ම අලුත්ම Version එකට Skype app එක Update කර ගන්න. එතකොට ඔයාටත් පුලුවන් මේ Background Blur feature එකෙන් Video Calls ගන්න.

මේ Feature එක Enable කර ගන්න ඔයා Skype app එකේ Video Call Optionවල තියෙන Blur my Background කියන එක on කර ගන්න.