Loading...
SLT-MOBITEL විසින් ඔවුන්ගේ Fiber ජාලය ඔස්සේ 1Gbps දක්වා වු අන්තර්ජාල වේගයක් ලබා දිමට සුදානම් වෙයි

ඔබට මතක ඇති මේ වසර මුලදි SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ Fiber ජලයේ වේගය දෙගුණ කිරිමට කටයුතු කළ බව අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මේ වෙන විට ඔවුන් විසින් 200Mbps දක්වා වු උපරිම වේගයකින් අන්තර්ජාල පහසුකම් ලබා දිම සිදු කරනු ලබනවා.

ඔවුන් විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සදහා යොමු කර ඇති නව Fiber Packages කිහිපයක් සදහා පසුගිය දිනක අනුමැතිය ලැබි තිබෙනවා. ඒ 1Gbps උපරිම වේගයකින් Fiber ජාලය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා දීම සදහා වන Packages සදහායි.

ඒ අනුව ඉදිරියේදි SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ Fiber ජාලය ඔස්සේ තම පාරිභෝගිකයන් සදහා 1Gbps උපරිම වේගයකට යටත්ව අන්තර්ජාල පහසුකම් ලබා ගැනිමේ හැකියාව ලබා දෙනු ඇත. මෙලෙස අනුමැතිය ලැබි තිබෙන Document එකේ සදහන් ආකාරයට 1Gbps අන්තර්ජාල වේගය සහිත නව Connection එකක් ලබා ගැනිමේදී රු.20000.00 මුදලක් ගෙවිය යුතු අතර පවතින Fiber Connection එක 1Gbps Connection එකක් සදහා Upgrade කර ගැනිමට රු.15000.00 ක් ද ගෙවිය යුතු වනවා.

1Gbps Connection සමග ලබා ගත හැකි Packages

Package 01

රු.16500.00 වන මේ Package එක Options දෙකකින් තොරා ගත හැකි අතර අතර Unlimited Voice Calls පහසුකම මෙම Options දෙක සදහා ලැබෙනවා.

• Option - 1
  500GB + Youtube Unlimited
• Option - 2
  40GB Per Day

Option 1 ඔස්සේ පමණක් Youtube සදහා Unlimited Data ලබා ගන්න පුලුවන්.

Package 02

රු.40000.00 වන මේ Package එක Options දෙකකින් තොරා ගත හැකි අතර අතර Unlimited Voice Calls පහසුකම සහ Unlimited Entertainment
Express පහසුකමත් මෙම Options දෙක සදහා ලැබෙනවා.

• Option - 1
  2TB + Unlimited Entertainment Express

• Option - 2
 100GB Per Day + Unlimited Entertainment Express

Unlimited Entertainment Express පහසුකම යටතේ Netflix, Amazon prime, Apple TV+, PEOTV GO, Hulu, Roku TV, Youtube, WhatsApp, Viber, Botim, Spotify, FB සහ Instagram ආදිය සදහා Unlimited Data ලබා ගන්න පුලුවන්.

Package 03

රු.75000.00 වන මේ Package එක Options දෙකකින් තොරා ගත හැකි අතර අතර Unlimited Voice Calls පහසුකම සහ Unlimited Entertainment
Express පහසුකමත් මෙම Options දෙක සදහා ලැබෙනවා.

• Option - 1
5TB + Unlimited Entertainment Express

• Option - 2
200GB Per Day + Unlimited Entertainment Express

Unlimited Entertainment Express පහසුකම යටතේ Netflix, Amazon prime, Apple TV+, PEOTV GO, Hulu, Roku TV, Youtube, WhatsApp, Viber, Botim, Spotify, FB සහ Instagram ආදිය සදහා Unlimited Data ලබා ගන්න පුලුවන්.

Daily Data Quote එකක් ලැබෙන සියලු Packages වල එම Data Quote එක අවසන් වු පසු 2Mbps දක්වා Speed එක Limit විම සිදු වනවා. එමෙන්ම මෙලෙස ලබා ගන්නා 1Gbps Connection අවම වසර දෙකක් අනිවාර්යයෙන් භාවිත කළ යුතු අතර ඊට පෙර විසන්ධි කළ යුතු නම් රු.25000.00 මුදලක් ද ගෙවිය යුතු වනවා.

වාර්තා වන නිල නොවන තොරතුරුවලට අනුව SLT-MOBITEL සමාගම විසින් හෙට දිනයේ (27) වනදා මෙම Packages පිළිබඳව නිල වශයෙන් තොරතුරු එළිදැක්විමට නියමිත වන අතර ඉන් පසුව මෙම 1Gbps Connections ලබා ගත හැකි ප්‍රදේශයන් පිළිබඳවද ප්‍රකාශයට පත් කරනු ඇත.

Source: trc.gov.lk