Loading...
SLTMobitel සහ Dialog Axiata unlimited internet packages අතරින් වඩාත්ම වාසිදායක package එක මොකක්ද?

ඔබට මතක ඇති අපි මිට පෙර ලිපි කිහිපයකින්ම ඔබව දැනුම්වත් කරනු ලැබුවා ශ්‍රී ලංකාව සදහා Unlimited Internet හදුන්වා දිමට සුදානමින් සිටින බව. ඒ අනුව මේ වෙන විට ශ්‍රී ලංකාව තුල දුරකථන සේවා සපයන සමාගම් සියල්ලම ඔවුන්ගේ Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.

ඒ අනුව මෙතෙක් කල් නිහඩව සිටි Dialog සමාගම විසිනුත් මේ වෙන විට ඔවුන්ගේ Unlimited Internet Packages සදහා ශ්‍රී ලංකාව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන තිබෙන බවට තොරතුරු අපි ඔබ වෙත ගෙන ආවා.

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ප්‍රධානතම සමාගම් දෙක විදිහට අපිට SLTMobitel හා Dialog සමාගම් හදුන්වා දෙන්න පුලුවන්. මොවුන් ශ්‍රී ලංකාව තුල ප්‍රධාන වශයෙන්ම Mobile Internet හා Home Broadband & Fiber සේවා සපයන සමාගම් විදිහට ක්‍රියාත්මක වෙනු ලබනවා.

අපි අද බලමු මේ සමාගම් විසින් මේ වෙන විට හදුන්වා දි ඇති මෙන්ම හදුන්වා දිමට බලාපොරොත්තු වෙන Home Broadband හා Fiber Unlimited Internet Packages අතුරින් අපිට වඩාත්ම වාසි දායක Home Broadband හා Fiber සදහා Unlimited Internet Packages මොනවද කියල.

Home Broadband Unlimited Internet Packages

මේ සමාගම් දෙක විසින් Home Broadband 4G හා ADSL පාරිභෝගිකයන් සදහා ප්‍රධාන වශයෙන් Speed Limit තුනක් යටතේ ඔවුන්ගේ Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා. ඒ 2Mbps, 4Mbps හා 8Mbps විදිහටයි.

  1. 2Mbps Unlimited Internet Packages
    SLTMobitel සමාගම විසින් 4G පාරිභෝගිකයන්ට රු. 2,250.00 කටත්, ADSL පාරිභෝගිකයන්ට රු. 2,450.00 කටත් Dialog සමාගම විසින් ඔවුන්ගේ Home Broadband පාරිභෝගිකයන් සදහා රු. 1,990.00 මිලකටත් ලබා දි තිබෙනවා. (දින 30ක් සදහා)
  2. 4Mbps Unlimited Internet Packages
    SLTMobitel සමාගම විසින් 4G පාරිභෝගිකයන්ට රු. 3,950.00 කටත්, ADSL පාරිභෝගිකයන්ට රු. 4,450.00 කටත් Dialog සමාගම විසින් ඔවුන්ගේ Home Broadband පාරිභෝගිකයන් සදහා රු. 4,390.00 මිලකටත් ලබා දි තිබෙනවා. (දින 30ක් සදහා)
  3. 8Mbps Unlimited Internet Packages
    SLTMobitel සමාගම විසින් 4G පාරිභෝගිකයන්ට රු. 5,450.00 කටත්, ADSL පාරිභෝගිකයන්ට රු. 5,750.00 කටත් Dialog සමාගම විසින් ඔවුන්ගේ Home Broadband පාරිභෝගිකයන් සදහා රු. 6,590.00 මිලකටත් ලබා දි තිබෙනවා. (දින 30ක් සදහා)

ඒ වගේම මේ Packages සදහා SLTMobitel සමාගම විසින් Torrent, Telegram හා VPN ආදිය Block කර තිබෙන අතර Dialog සමාගම විසින් 1Mbps Speed Limit එකකට යටත්ව Telegram හා Torrent වෙබ් අඩවි භාවිත කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

Fiber Unlimited Internet Packages


SLTMobitel හා Dialog සමාගම් දෙක විසින්ම මේ වෙන විට ශ්‍රී ලංකාව තුල Fiber සේවාව සපයනු ලබනවා. නමුත් ශ්‍රී ලංකාව තුල වැඩිම ව්‍යාප්තියක් පවතිනුයේ SLTMobitel Fiber සේවාවයි. ඒ වගේම Dialog ආයතනය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසර ලැබුණු පසු ශ්‍රී ලංකාව තුල ඉතා ඉක්මනින්ම ඔවුන්ගේ Fiber Optic ජාලය ගෘහස්ථව ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුල අපිට ගෘහස්ථව Fiber Optic සේවාව ලබා ගන්න පුලුවන් SLTMobitel ආයතනයෙන් පමණයි.

කෙසේ වෙතත් මේ වෙන විට මේ ආයතනය දෙක විසින්ම ඔවුන්ගේ Fiber ජාලයන් සදහා වු Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.

SLTMobitel

මොවුන් විසින් Fiber පාරිභෝගිකයන් සදහා 100Mbps Speed එකකට යටත්ව Limited Daily Data Quote එකකින් යුතුව Packages දෙකක් හා Bandwidth තුනකින් යුතුව Unlimited Packages තුනකුත් හදුන්වා දි තිබෙනවා. ඒ වගේම මේ Packages සදහා Telegram හා Torrent වෙබ් අඩවිය භාවිත කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

  1. Daily 10GB Package
    මේ Package එක මගින් 100Mbps Bandwidth එකක් සහිතව දිනකට උපරිම 10GB දක්වා වු සිමාවක් දක්වා භාවිත කල හැකි අතර එම 10GB සිමාව ඉක්ම වු පසු 1Mbps Speed එකකින් යුතුව භාවිත කල හැකි වෙනවා. මෙය රු. 5,450.00 කට ලබා ගන්න පුලුවන්.
  2. Daily 25GB Package
    මේ Package එක මගින් 100Mbps Bandwidth එකක් සහිතව දිනකට උපරිම 25GB දක්වා වු සිමාවක් දක්වා භාවිත කල හැකි අතර එම 10GB සිමාව ඉක්ම වු පසු 1Mbps Speed එකකින් යුතුව භාවිත කල හැකි වෙනවා. මෙය රු. 9,450.00 කට ලබා ගන්න පුලුවන්.
  3. 10Mbps Fiber Unlimited Internet Packages
    10Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 5,950ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා.
  4. 25Mbps Fiber Unlimited Internet Packages
    25Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 10,450ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා.
  5. 50Mbps Fiber Unlimited Internet Packages
    50Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 20,450ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා.

Dialog

ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන් සදහා Bandwidth තුනකින් යුතුව Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා. මේ Packages තුන සදහා ඒ ඒ Packages වල Network Bandwidth එකෙන් යුතුව Telegram හා Torrent වෙබ් අඩවි භාවිත කිරිමේ අවස්ථාව ලබා දි තිබෙනවා.

  1. 10Mbps Fiber Unlimited Internet Packages
    10Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 5,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  2. 25Mbps Fiber Unlimited Internet Packages
    25Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 9,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.
  3. 50Mbps Fiber Unlimited Internet Packages
    50Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 19,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.

Source : SLTMobitel, Telecommunications Regulatory Commission of Sri Lanka