Loading...
PlayStation 5 ගැන, හැමදෙයක්ම

මේ මාසේ 11 වෙනිදා පැවැත්වුණු Sony PS5 live event එකේදී Play Station 5 එකේ design එක Sony සමාගම එළිදැක්වූවා. දැන් එතකොට මිලයි, Release Date එකයි හැර දැනගන්න ඕනේ දේවල් ඔක්කොම අපි අලුත් PS5 එක ගැන දන්නවා.

අලුත් Xbox එක වගේම PS5 එකත් සිරස් අතට තියන්න තමයි හදල තියෙන්නේ. ඒ වගේම මේකේ version දෙකක් release වෙනවා; 4K Blu-ray drive සහ Pure Digital Edition විදිහට.

Optical Drive එකක් නැති නිසා Digital Edition එක ගොඩක් සිහින් වගේම මිලෙනුත් අඩු වෙන බව හිතන්න පුළුවන්.

PS5 තිරස් අතට 

Xbox series X වගේම PS5 එකත් සිරස්ව හෝ තිරස්ව තියන්න පුළුවන්. මේ ඕනේ අතකට ගැලපෙන්න තියන්න Sony එක stand එකකුත් හදල තියෙන්නේ. Device එකේ උඩ කොටසේ heat එක පිටවෙන vents හා ඉස්සරහින් USB-A හා USB-C ports පිහිටලා තියෙනවා.

Hardware

හොඳම news එක තමයි Sony mechanical වලින් SSD එකට මාරු වුන එක. දැන් අලුත් SpiderMan game එකේ loading screen එක බලන්න ලැබෙන්නේ තත්පරයකට වගේ. PS4 pro එකේ තත්පර 13ක් ගත වුණා. Loading/installing time වගේම gameplay එකත් ගොඩක් fast වෙයි.

PS5 එක 8K වීඩියෝ support කළත්, 4K වීඩියෝ 120Hz refresh rate එකක් දක්වා support කරන බව Sony සමගම කියා සිටියා. ඒ කියන්නේ standard TV එකක වගේ දෙගුණයක refresh rate එකක්.

Controller එක

PS5 controller එක නම් එළිදැක්වූයේ අප්‍රේල් මාසයේ. මේ අලුත් controller එක haptic feedback භාවිතා කරනවා. ඒ කියන්නේ එකිනෙකට වෙනස් feedbacks ගණනාවක් gameplay එක අතරේදී ඔබට අත්විදින්න පුළුවන්. කාර් එකක් හැප්පෙන විට සහ football tackle එකක් අතර එකිනකට හාත්පසින් වෙනස් වූ vibrations අතට ලබා දෙන්න haptic feedbacks වලට පුළුවන්. ඒ වගේම ඔයාගේ character එක යන පොලොව අනුව වෙනස් වෙන feedbacks ලබා දෙන්නත් මේ controller එකට හැකියාව තියෙනවා.

PS5 DualSense controller

මේ අලුත් controller එකේ L2/R2 buttons වලට adaptive triggers කියන technology එක පාවිච්චි කරලා තියෙනවා. මේකෙදිත් gameplay එක අනුව මේ buttons වල "බර" control කරන්න game එකට පුළුවන්. ඒ කියන්නේ දුන්නක් අදිද්දී, off road යද්දී වගේ එන ප්‍රතිරෝධයේ feeling එක මේ buttons දෙකට දෙන්න පුළුවන්.

ඒ වගේම මේ controller එකේ built-in mic එකකුත් තියෙනවා.

PS4 වල තිබුණ Share Button එක PS5 වලදී Create Button කියල වෙනස් කරලා තිබුනත් එකේ වෙනස්කම් නම් හරියටම කියල නෑ.

PS4 එක්ක compatible ද?

ඔව්, මේ consoles දෙකම සමාන internal architectures භාවිතා කරන නිසා, PS4 games එක්ක backward compatible බව තමයි Sony සමාගම සඳහන් කරේ.

Accessories

ඒ වගේම PS5 එකත් එක්ක තව accessories ගණනාවක් release කරනවා කියල Sony සමාගම නිවේදනය කළා. DualSense charging station එකක්, 1080p HD කැමරා එකක්, Pulse 3D wireless (noise cancelling) headset එකක්, සහ  media remote එකක් මේ අතර වෙනවා. මේවාගේත් මිල ගණන් නම් තාම එළි කරලා නෑ.

Unreal Engine 5

අලුත් Unreal Engine එකේ gameplay එකක් PS5 වල run වෙනවා බලන්න පසුගිය මැයි මාසේ අපිට පුළුවන් වුණා. ඊළඟට Unreal Engine 5 පාදක කරගෙන හදන games ඔක්කොම PS5 එකටත් ඒ වගේම ඊළඟ Xbox එකටත් support කරන බව Epic Games කියා සිටියා.

Expandable Storage

PS5, Sony නොවන expandable storage devices වලට support කළත්, දැන්ම මේ සඳහා hard drives ගන්න එපා කියලයි Sony සමගම කිව්වේ. PC වල භාවිතා වන තාක්ෂණය PS5 වලට පසුපසින් තියෙන නිසා, මේ සඳහා support කරන storage එන්න තව ටික කලක් යන බවයි, ඔවුන් සඳහන් කළේ.

Games List එක

Full game list එකම දැනුම් දීලා නැතත්,

Grand Theft Auto V
Marvel's Spider-Man: Miles Morales
Gran Turismo 7
Hitman 3
NBA 2K21
Resident Evil: Village
Watch Dogs: Legion
Rainbow Six: Quarantine

සහ තවත් අලුත් games ගණනාවක් ඊයේ (ජුනි 11) පැවති event එකේදී දැකගන්නට පුළුවන් වුණා.

ඒ වගේම Cyberpunk 2077, The Witcher 4 සහ Uncharted 5 වගේ games ද ඉදිරියේදී PS5 වලට නිකුත් වෙයි.

Release Date

Sony සමාගම තහවුරු කරලා නැතත්, "2020 Holiday" (Holiday = November in US) වෙද්දී release කිරීමට හැකියාවක් තියෙන බවයි දැනගන්නට තියෙන්නේ. පහුගිය consoles release කළේ නොවැම්බර් මාසයේ වුණත් මේ අවුරුද්දේ ආපු කරදර නිසා ඒ කාලය එහා මෙහා වෙන්නත් බැරි කමක් නෑ .

මිල ගැනත් Sony සඳහන් නොකලාට, සමහර leaks නම් ඇවිත් තියෙනවා.

මිල අධික hardware නිසා console එකේ මිලත් වැඩි වෙන බව හිතන්න පුළුවන්. දැනට තියෙන තොරතුරු අනුව නිෂ්පාදන මිල $450ක් වගේ. අඩු ලාභයක් තියාගෙන විකුණුවත් $500කට හෝ ඒ ආසන්න මිලක් වැය වෙයි PS5 එක මිලදී ගන්න නම්.

දැනට දැනගන්න තියෙන තොරතුරු නම් එච්චරයි. තව updates ගැන දැනගන්න, Android වැඩකාරයෝ social media වල follow කරන්න.