Loading...
Sony පවුලේ අලුත්ම Wireless Speaker සාමාජිකයා SRS-XB23
Sony SRS-XB23

Sony සමාගම ඒගොල්ලන්ගෙ 2020 wireless speaker lineup එක එලිදක්වල තියනවා ඊයෙ දවසෙ. ඉතින් මේ කියන විදිහට 2020 අවුරුද්දේ අපිට XB23 , XB33 , XB43 යන Devices තුන $100 - $250 ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන් කියල Sony සමාගම කියනවා.

ඉතින් අද මම මේ අලුත්ම Speakers 3න් ගනන් අඩුම එක, Sony SRS-XB23 ගැන කතා කරන්න තමයි හදන්නේ.

මෙයාලා මේක හඳුන්වන්නේ බරින් අඩු compact ඕනම තැනක ඉතාමත් ලෙහෙසියෙන් ගෙනියන්න පුළුවන් Speaker එකක් විදියට. ඊට අමතරව මෙයාලා කියනවා මේක කලින් ඒවට වඩා කල් පවතින මැටීරියල් පාවිච්චි කරල තමයි හදල තියෙන්නේ කියලා.

Bluetooth 5.0 වලින් බලගැන්වෙන මේක Full range speaker එකක් විදියට තමයි වර්ග කරල තියෙන්නෙ. මේකෙ අපිට Clear Audio+ , DSEE , EXTRA BASS™️ වගේම Stamina Mood කියන sound profile හතරක් බලාගන්න පුළුවන්

X-Balanced speaker unit

Sony සමාගමෙන්ම වැඩිදියුණු කරන speaker system එකක් තමයි මේකට මේගොල්ලො පාවිච්චි කරල තියෙන්නෙ. මේ speaker system එක නිසා හොඳ පැහැදිලි ගැඹුරු කනට අපහසු නැති ශබ්දයක් ලාබාගන්න පුළුවන් උනා කියල නිර්මාතෘවරු කියනවා.

Dustproof, waterproof and washable

මේ speaker එකට IP67 ratings හම්බවෙලා තියෙනවා. මේ නිසා මේක ඕගොල්ලන්ට බීච් එකට ගියත් කැලේක ගියත් කොටින්ම කාන්තාරෙක උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව සිංදු අහන්න පුළුවන්. අනිත් එක මේකෙ දූවිලි ජරාව තියනම් ඔයාලට මේක වතුරෙන් හෝදල පිරිසිදු කරගන්නත් පුළුවන්. මේ කිසිම දේකින් speaker එකට හානියක් නෑ කියල තමයි sony සමාගම කියන්නේ. ඒ වගේම මේක shockproof

Long battery life

මේ speaker එකේ තියෙන ලොකු බැටරිය නිසා ඔයාලට පැය 12ක play time එකක් ලබා ගන්න පුළුවන්. මේකෙ තියෙන Extra Bass පහසුකම on කලොත් බැටරියේ ආයු කාලය පැය 10කට විතර සීමා වෙනවා.

පලවෙනි වතාවට sony Wireless Speaker එකක මේගොල්ලො මේකට Type-C USB Port එකක් එකතු කරල තියනවා. ඒක නිසා මේ බැටරිය ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් වෙයි. කොහොම උනත් මේකෙ Fast charging නෑ කියල තමයි දැනගන්න ලැබුණේ.

මේ speaker එක සම්පූර්ණයෙන්ම ඔයාට Sony Music Center App එකෙන් control කරන්න පුළුවන්. ඒ කියන්නෙ ඔයාට සිංදුව මාරු කරන්න, සද්දෙ අඩු වැඩි කරන්න වගේ දේවල් වලට හැමවෙලේම speaker එක ලඟට යන්න ඕන වෙන්නේ නෑ.

මේගොල්ලො මේ SRS-XB23 Speaker එක වෙළඳපොළට දාන්නෙ $99.99 වගේ මුදලකට. ආසන්න වශයෙන් රුපියල් 20,000 ක් වගේ මුදලකට අපිට මේක ලංකාවෙන් ගන්න පුළුවන් වෙයි.