Loading...
සැප්තම්බර් 17 වන දින Sony Xperia 5 II නිකුත් කිරීමට SONY සමාගම virtual event එකක් සැලසුම් කරයි

දැනට ලෝකයේ ඇතිවී තිබෙන කොරෝනා වෛරස තත්වය නිසා ලෝකය පුරාම technology conventions cancel උනා. ඉතින් මේ අනුව යමින් Sony සමාගමත් ඔවුන්ගේ ඊලඟ high-end Xperia smartphone එක standalone event එකකින් announce කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ event එක සැප්තැම්බර් 17 වෙනිදා උදේ 9 ට (CEST) (or 12:30 PM IST) හෝ virtual event  එකක් විදිහට පැවැත්වෙනවා.

ඉතින් මේ event එකේදී Sony Xperia 5 device එකේ අනුප්‍රාප්තිකයා වෙන Xperia 5 II device එක release වෙනවා. මේ device එක ගැන unveil උනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී යි. 21:9 display එකක්, Snapdragon 865 chipset එකක් සහ smaller form factor එකක් offer කරන මේ device එක Xperia 1 flagship එකේ compact variant එකක් විදිහට හදුන්වන්න පුලුවන්.

ඉතින් මේ device එක ගැන තොරතුරු ගොඩක් leak වෙන්න නොදී wraps යට තියාගන්න Sony සමාගම සමත් උනා. මේකේ leaks ගොඩක් scarce උනත් reliable tipster කෙනෙක් වෙන Even Blass (evleaks) ට හැකියාව ලැබුනා patreon හරහා මේ device එකේ first look එකක් ලබා දෙන්න. ගිය අවුරුද්ද වගේම familiar look එකක් Xperia 5 II device එකට තියෙනවා. තවත් පෙනුම ගැන කියනව නම් මේකට තියෙන්නේ Xperia 1 II (read as Xperia 1 Mark 2) device එකේ compact version එකක් වගේ.

ඉතින් ඔයාට හැකියාව ලැබේවී 21:9 Full-HD+ OLED display එකක් දැකගන්න. ZEISS T* branding එකේ triple camera array එකක් මේකට feature කරනවා. ඒත් Xperia 1 II camera setup එකේ ToF sensor එක මේකට feature කරන්නෙ නෑ. ඉතින් බොහෝ විට 12MP primary, 12MP ultra-wide සහ 12MP telephoto lens එකක් විදිහට මේ camera setup එක feature වේවි. ඉදිරිපසින් තියෙන slim top bezel එකේ 8MP selfie camera එකක් feature වේවී.

ඔයා Blass ගෙ patreon leaks follow කරොත් ඔයාට දැකගන්න පුලුවන් වේවි side-mounted fingerprint sensor එකක් සහ dedicated camera shutter button එකක් එක්ක දකුනු පැත්තෙ දාරයෙන් power සහ volume keys set එක. දැනට මේ device එකේ specs leak වෙලා නැති උනත් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් Snapdragon 865 chipset  එක එක්ක එන 8 GB RAM එකක් සහ 256 GB දක්වා යන internal storage එකක්. සහ අවසානයේදී Xperia 1 II එකට වඩා ප්‍රමාණයෙන් වැඩි battery එකක්.

ඉතින් ලබන මාසයේදී පැවැත්වෙන virtual event එකෙන් පස්සේ Android වැඩකාරයෝ අපි ඔයාලව මේ device එකේ price එක availability එක ඇතුලු වැදගත් කාරණා හැමදේම ගැන දැනුවත් කරනවා. රැඳිලා ඉන්න අපි එක්කම.

Source : PhoneArena