Loading...
වසර 60කට පසු නාමය වෙනස් කිරීමට SONY සමාගම සැරසේ

Sony කියන්නේ අවුරුදු ගණනාවක ඉඳන් ම consumer electronics industry එකේ නමක් තියාගෙන හිටපු විශිෂ්ටතම සමාගමක්. ජපානයේ ටෝකියෝ නගරය පදනම් කරගෙන ගොඩනැගුන මේ තාක්ෂණ දැවැන්තයා smartphone එකේ ඉඳන් cameras, camera sensors, vlogging accessories වගේ products වෙනකනුත් ඉන් ඔබ්බට high-end gaming consoles සහ electric cars වෙනකන් ම නිෂ්පාදනයේ නියැලෙන අති දැවැන්ත සමාගමක්. ඉතින් මේ Sony කියන නම නැත්තන් tech industry එක අසම්පූර්ණ වන තරමට ම ලොකු impact එකක් සිදි කිරීමට වර්තමානයේදී මේ සමාගම සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් පල වල වාර්තා වලට අනුව ලබන වසරේ සිට Sony සමාගමේ නම වෙනස් වීමට නියමිතයි.\

මෑතකදී පැවැත් වුනු වාර්ෂික කොටස් හිමිකරුවන්ගේ හමුවේදී, Sony නාමය වෙනස් කිරීම සඳහා එකඟත්වය පල වී තිබෙනවා. තව දුරටත් වාර්තාaව් ල සඳහන් වන්නේ “Sony” කියන තනි නම වෙනුවට “Sony Group” ලෙස Sony සමාගම rename වනු ඇති බවයි. අඩුම තරමෙ ඒ නම ඔවුන්ගේ latest Xperia devices වල නමට වඩා හොඳයි.

“We decided to rename the company to the Sony Group because we want to make full use of the diversity of our business portfolio to promote the development and evolution of the business.”
-Yoshida Kenichiro, CEO of Sony

Sony සමාගම 1946 වසරේ දී ආරම්භ උනේ “Tokyo Telecommunications Industry Co., Ltd.” ලෙසයි. අවෘදු 12කට විතර පස්සේ 1958 දී, “Sony” යන නම භාවිතා කිරීමට ඔවුන් තීරණය කලා. ඒ එම සමාගමේ co-founder වූ Shoda Morita මහතාගේ හීනය වූ, පසුව සමාගමේ goal එකක් බවට පත් උනු ගෝලීය සන්නාමයක් එහෙමත් නැත්නම් global brand එකක් බවට පත් කිරීමේ අරමුණ වෙනුවෙන්.

ඉතින් මේ වෙද්දි Sony ලා global brand එකක් වෙලා තියෙනවා. ඒක අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඉතින් “Sony” කියල rename වෙලා අවුරුදු 60 කට පස්සෙ තමයි මේ name change එක සිද්ධ වෙන්නේ. ඔව්, Sony කියන නමට group කියන් කොටස විතරක් අලුතින් එකතු උනාට, ඒ තුලින් මේ business එක diversify වෙනවා. ඉතින් ඔවුන් plan කරන්නේ ඊලඟ මූල්‍ය වර්ෂයේ ආරම්භය වන 2021 අප්‍රේල් වල දී Sony Group ලෙස නම වෙනස් වන බවයි.

Source: Gizchina