Loading...
Sony Xperia One Mark ll - බොහෝ දෙනා නොදන්න කැමරා වීරයා

Sony සමාගම මීට වසර කීපයකට පෙර Smartphone හා Regular Phone නිපැයුම් කරුවන් අතර ප්‍රමුඛ ම අයෙක් උවත් එම ස්තානය අහිමි වී දැන් වසර කිහිපයකි. ඔවුන් නැවත එම වැරදි සකසාගෙන ඉදිරියට එන්නට පටන්ගෙන දැන් වසර දෙකකි ඒ වසර දෙක ඇතුලත ඔවුන් එතරම් සිත් ඇදගන්නා සුලු නිපැයුම් ඉදිරිපත් නොකලද මෑතකදි හදුන්වා දුන් Sony Xperia One Mark ll දුරකතනය කාගේ කාගේත් සිත් ඇදගන්නේ අප තුල සිටි Sony / Sony Ericsson වලට ආසා කල කුඩා කල මතක අවදි කරමිනි.

Sony යනු ලොව ප්‍රමුඛ පෙලේ TV , Mirror Less Camera , Sound System නිපදවන්නෙකි. ඔවුන්ට මේ මුලිකයන් තුන මනාව Smartphone එකකට එක්කර ගැලපෙන මුදලක් දීමට හැකි වුවහොත් එය අනිවාරයෙන්ම ඉදිරියට ආ යුතුය. ඉතිං මේ සියල්ලෙන් කීපයක් හැරෙන්නට බොහෝ කරුනු සපුරන්නට Sony Xperia One Mark ll හට හැකිව තිබෙනවා.

Sony Xperia One Mark ll දුටු පමනින් පෙර වසරේ එලි දැක්වූ Sony Xperia One දුරකතනය සිහිවන අතර එයට හෙතුව පෙනුමෙන් ඉතාමත් සමාන නිසායි ඒත් එයට වඩා Sony Xperia One Mark ll තවත් mature device එකක් බව මනාව පැහැදිලි වෙනවා. ඉතිං මේ Sony Xperia One Mark ll හට 21:9 aspect ratio එකක් සහිතයි මේ නිසා one hand user-friendly ගතියක් ඇත්තේ පටු හා දිගින් වැඩි වීම නිසායි. ඒ හේතුවෙන් අගල් 6.5 ක විශාල තිරයක් එක් අතකින් රදවාගත හැකි ලෙස device එකකට ගෙනඑන්න Sony හට හැකි වෙනවා.

ඉතිං මේ OLED Display එක 4K resolution එකකින් හා 643 pixels per inch එකකින් යුතු අතර මෙය මෑත කාලයේ top end smartphone අතර වැඩිම resolution එකකින් යුතු තිරයයි. ඒ වගේම මෙම තිරය හා Sony Xperia One Mark ll හි පිටුපස නවතම Gorilla Glass 6 technology මහින් ආරක්ෂා කොට තිබෙනවා. ඉතිං films highest quality එකෙන් බලන්න ආසා ඔයාලට මෙක හොද device එකක් වෙනවා නොඅනුමානයි. ඒ වගේම 21:9 aspect ratio එක නිසා films වගේ දෙවල් වලට ඔබිනවා උනත් YouTube වගේ social media වල ඇති බොහෝ video 16:9 aspect ratio එකට තිබීම නිසා full screen experience එකක් ලබනවා වෙනුවට දෙපස විශාල කලු කොටස් ඇතිව එවා නරබන්නට වෙනවා.

ඒ වගේම high resolution හැරුනම 2020 දී බොහෝ smartphone වල ඇති 120Hz තාක්ශනය මෙහි දක්නට නොලැබෙන අතර මෙය 60Hz panel එකකි ඒත් Sony සමාගම motion blur තාක්ශන යොදාගෙන මේ 60Hz තිරය 90Hz මට්ටමට ගෙනනා option එකක්ද include කර තිබෙනවා. මෙය Sony tv වල බහුලව ඔවුන් යොදාගන්නවා. ඒ වගේම Sony මේයට ඔවුන්ගේ flagship Tv වල එන තාක්ශනයන් යොදා ඉතාමත් ඉහල Quality viewing experience එකක් වගේම 1080p දසුන් 4K දක්වා upscale කිරීමේ හැකියාවද මෙය සතු වෙනවා. එ සේම බොහෝ දුරකතන වල දක්නට නොලැබෙන මට්ටමට මේ display එක අපිට ඔබින ලෙස වෙනස් කරන්නට හැකි වෙනවා එය නිසා content creator කෙනෙක්ට අවශ්‍ය පරිදි සකසාගන්නට පුලුවන් වෙනවා.

Sony Xperia One Mark ll හි ඊලග සිත්ගන්නා සුලු දේ නම් එහි camera එකයි. ඉතිං ලොකේ බොහෝ ප්‍රමුඛ පෙලේ smartphone වල sensor සකසන්නේ Sony නිසාවෙන් හා ඔවුන්ගේ Sony mirror less camera line up හෙතුවෙන් මෙය ඉතාමත් පහසු දෙයක් ලෙස ඔබට හිතිතෙන්නට පුලුවන්. ඒත් නැවතත් hardware පමනක් smartphone photography වලට ප්‍රමානවත් නොවන බව Sony Xperia One Mark ll හිදී සනාත වන්නේ ප්‍රමුඛ smartphone camera තරම් හැකියාවන් නොදැක්වීම නිසයි. හැබැයි වැරදියට තෙරුම් ගන්න එපා ලොකේ හොදම photos ගන්න පුලුවන් smartphone එක Sony Xperia One Mark ll කරගන්නත් ඔයාට පුලුවන්. එකට හෙතුව නම් Sony Xperia One Mark ll හි කැමරාව DSLR එකකට සමානව නිපදවා තිබීමයි.

මෙහි Photography Pro හා Cinema Pro යන application මගින් Sony mirror less camera හා Sony cinema camera interface එකක් සමග එවාගේ ඇති බොහෝ features ලබාදෙන්නට ඔවුන් සමත් වෙනවා. මෙහිදී ඔබට කාලය ගෙන settings සකසා photography හෝ videography කරනවා නම් ඉතාමත් හොද results ලබාගන්නට පුලුවන්. ඒත් Sony Xperia One Mark ll හි ඇති simple camera application එක නම් software වල දුර්වලතාව හා computational photography දුවලතා හෙතුවෙන් පියවර කිහිපයක් පසු පසින් සිටින්මට වෙනවා මේ නිසා මෙය point and shoot camera එකකට වඩා pro camera එකක් කියනවා නම් නිවැරදී.

Sony Xperia One Mark ll හි කැමරා 5 ක් තිබෙනවා ඉන් 4ක් පිටුපස තරමක් උස් වූ කොටසක පිහිටන අතර මෙහි 12MP f/1.7 wide, 12MP f/2.4 telephoto සහ 12MP f/2.2 ultrawide කැමරාවක්ද, 0.3MP time of flight sensor එකකින්ද යුක්ත වෙනවා. මේ සදහා ZEISS optics යොදාගෙන ඇති අතර sun flayer වලක්වන ZIESS T* coating එකකින්ද යුක්ත වෙනවා. ඒ වගේම ඉදිරිපස 8MP selfie shooter එකක්ද තිබෙනවා. පිටු පස කැමරා මගින් Sony alfa 9 flagship mirror less කැමරාව මෙන් 20fps continues shooting කිරීමේ හැකියාව ඇති අතර මෙය වෙන කිසිදු smartphone එකකට නොමැති දෙයකි ඒ වගේම Sony camera වල ඇති eye auto focus හා face detection auto focus වැනි ඉතාමත් වටිනා තාක්ශනයන් හෙතුවෙන් ඉතාමත් වේගවත් හා පැහැදිලි photos ලබාගන්නට හැකිවී තිබෙනවා.

Photography Pro App එක ඔස්සේ තවත් බොහෝ Sony mirror less camera features ගොඩක් හදුන්වා දී ඇති නිසා මෙය එදා මෙදා තුර ඉතිහාසයේ හොදම manual mode එකක් ඇති smartphone එකක් බව කිව හැකී. ඒ වගේම Cinema Pro App එක ඔස්සේ 4K 60fps video record කිරීමටත් , 120fps 1080p slow motion video කිරීමටත් Sony cinema camera වල මෙන් විවිද colors grading effects add කිරීමටත් වෙනත් කිසිම දුරකතනයක නැති video noise canceling හා sound enhancement features රැසක් සිදුකල හැකි වෙනවා.

එනමුත් මෙ සියල්ල Pro apps හරහා manual mode තුලින් කල යුතු අතර සාමාන්‍ය camera app එකෙහි කිසිවක් නැති අතර video 1080p වලට පමනක් සීමා වෙනවා. නැවත නැවතත් මෙය pro users ලා එල්ල කොට පමනක් නිපැයු smartphone එකක් බව මෙයින් පසක් වන්නේ general consumers ලා නැවතත් අමතක කරමිනි. එසේම ඉදිපස 8MP selfie camera ව top smartphone වලට වඩා ඉතා දුර්වල results පෙන්වන නිසා ඒ පිලිබද නොසලකා හැර ඇති බව වැටහෙනවා.

Capture the previously impossible with up to 20 fps AF/AE
Up to 60 times per second continuous AF/AE calculation
The sensor designed for speed

Sony Xperia One Mark ll හි specifications ගැන නම් ලොකු වරදක් කීමට නැ දැනට ඇති powerful ම android smartphone processor එක වන Snapdragon 865 SoC එකත් 8GB Ram එකකුත් 256GB internal storage එකක් හා expandable storage option එකකින්ද යුක්ත වෙනවා. මෙහිදී අනෙක් top end smartphone 12GB හා 16GB මට්ටම කරා ram එක උසස් කරද්දි Sony 8GB මත රැදීම කනගාටුවකි මන්ද android යනු spec hungry os එකක් නිසා අනාගතයේදී slow වීම් වලට ලක් වන්නට පුලුවන්.

ඒ වගේම මෙහි 5G ready තාක්ශනය ‍යොදාගන්නා අතර එම නිසාවෙන් ගිය වර Sony Xperia One වලට වඩා මුදලින් ඉහල අගයක් ගන්නට හෙතු වෙනවා නමුත් top end smartphone මෙන් නොව මෙය 5G ready නැතිනම් sub 6 5G තාක්ශනය ‍යොදාගන්නා අතර millimeter wave තාක්ශනය ‍යොදා නොගැනීමද මෙම price range එකේ දුර්වලතාවයකි. කෙසේ වෙතත් 5G අවශ්‍ය නැති නම් Sony Xperia One Mark ll හි 4G version එකක්ද මිලදී ගත හැකි බව Sony ප්‍රකාශ කරනා අතර එය මිලෙන්ද අඩු වනු නිසැකයි.

ඒ වගේම මෙහි 4000mAh battery එකක් ඇති අතර මෙය අනෙක් smartphone මෙන් විශාල අගයක් නොවුනද 4K display එකක් තිබියදීත් Sony Xperia One Mark ll හට සම්පුර්ණයෙන් දවසක කාලයක් සාමාන්‍ය usage එකකින් ගත කිරිමට හැකියාව තිබෙනවා. ඒ වගේම Sony Xperia XZ3 හි wireless charging දුර්වලතාවය හෙතුවෙන් Sony Xperia One හට wireless charging පහසුකම ගිය වසරේ නොලැබුනත් මෙවර Sony Xperia One Mark ll හට fast wireless charging පහසුකම ලැබී තිබෙනවා.

ලොව බොහෝ manufacture ලා 3.5 mm headphone jack එක ඉවත් කරද්දි Sony ද ගිය වසරේ Sony Xperia One වෙතින් මෙය ඉවත් කලත් Sony Xperia One Mark ll හි නැවතත් 3.5 mm headphone jack එකක් පැමිනී තිබෙන අතර මෙයද pro consumers ලාගේ දැවැන්ත ඉල්ලිමක් උනා. කෙසේ වෙතත් dedicated deck එකක් නම් Sony Xperia One Mark ll හි පිහිටන්නේ නෑ. නමුත් ඉතාමත් හොද sound quality එකක් එමගින් ලබාගන්නට හැකි වෙනවා නොඅනුමානයි.

ඒ වගේම බොහෝ Sony smartphone මෙන් Sony Xperia One Mark ll ද IP65/IP68 dust and water resistant වෙනවා.

තවද Sony බොහෝ smartphone manufacture ලා මෙන් face detection biomatrix සහ in display fingerprint වෙනුවට simple power button fingerprint sensor එකක් හදුන්වා දී තිබෙනවා. මෙය ඉතාම වෙගවත් නොවුනත් බොහෝ in display fingerprint මෙන් දුර්වලතා වලින් තොර වීම වැදගත් වෙනවා. Sony Xperia One Mark ll , 181.4g ක බරකින් යුක්ත අතර 165.1 x 71.1 x 7.6mm ක ප්‍රමාණයන්ගෙන් යුක්ත වෙනවා. ඒ වගෙම මෙය Black , White හා Purple යන Classic වර්නයන්ගෙන් පැමිනෙනවා.

Sony Xperia One Mark ll ප්‍රදානම දුර්වලතාවය වන්නේ එහි මුදලයි. ඔනෑම device එකක් කොතරම් හොද මට්ටමකට නිපැයුවත් එම කාලයේ ඇති ඒ මට්ටමේ දුරකතන හට කරට කර තරගයක් දෙන්නට තරම් හැකි වන මට්ටමේ මිලකට හදුන්වා දුන්නේ නැති නම් එම device එක අනිවාරයෙන්ම fail වෙනවා. ඉතිං Sony කියන්නේ returning smartphone manufacture කෙනෙක් මේ වගේ කෙනෙක්ට ලොකු fan base එකක් නෑ Apple හෝ Samsung තරම් ඉතිං හොද තරගයක් දෙන්නට වගේම fan base එකක් market එකක් ගොඩ නගාගන්න හොද මිලක් තිබීම වැදගත් වෙනවා.

ඉතිං මේ Sony Xperia One Mark ll දුරකතනය $1199ක මුදලකට Sony නම් කිරීම නැවත Sony වෙත එන්නට යන පැරණි Sony fans ලා ට මෙන්ම නව ගැනුම් කරුවන්ටත් මෙය මග හැරීමට හෙතුවක් වෙනවා $999 වේ සිට ඇති iPhone , Samsung Flagship අතර Sony Xperia One Mark ll $1199 ක් ඉල්ලීම Samsung galaxy s20 ultra මට්ටමට ගෙන ඒමකි. නමුත් s20 ultra තරම් wow factor එකක් නොතිබීම නිසා මෙය අදික මුදලක් ලෙස බොහෝ දෙනාට වැටහෙනු ඇත ඒ වගේම මෙහි 4G version එකක් එන්නට නියමිත අතර එය $999ක් හෝ $1099ක් වෙනු ඇත.

කෙසේ වෙතත් Sony මෙම මිල යම්තාක් දුරකට සාදාරනයි කරනය කරන්නට Sony WF-1000XM3 Ture wireless noise cancel ear buds හෝ Sony WH-1000XM3 Wireless Noise cancel headphone එකක් නොමිලයේ ලබාදීමට කටයිතු කර ඇත. මෙය pre orders වලට පමනක් දෙන බව පැවසුවත් දිගටම ලබාදෙන්නට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසනවා. මෙ earbuds නැතිනම් headphone $230 සිට $349 දක්වා පරාසයක ඇති නිසා Sony Xperia One Mark ll හි මූලික ඉල්ලුම් මුදලින් එය අඩු කල විට $969 සිට $848 ක මුදලක් Sony Xperia One Mark ll හට ලැබෙන අතර මේ මුදලට නම් මේ දුරකතනය ඉතාමත් වටිනාකමකින් යුක්ත වෙනවා. ඉතිං මෙය සලකා බැලීම වැදගත් වෙනු ඇත.

කෙසේ වෙතත් 2020 දී ඇති වූ කරදර කාරී තත්ව හෙතුවෙන් MWC 2020 හිදී එලි දැක්වීමට තිබූ Sony Xperia One Mark ll දුරකතනය online event එකක් මගින් මෑතදී එලි දැක්වූ අතර Sony products සදහා වැඩි ඉල්ලුමක් ඇති ජපානයේදී මෙය May 28 දින ලබාගත හැකිවූ අතර යුරෝපයේදී June 18 ත් ඇමරිකාවේ දී July 24 ත් එලිදැක්වීමට නියමිතයි කෙසේ වෙතත් මෙය ඔස්ට්‍රේලියාවට හදුන්වා නොදීමට Sony තීරනය කර ඇත.

අවසානයේදී හොද display එකක් හොද camera experience එකක් හා Sony DNA සහිත user experience එකක් ලබාගන්නට ඔයාලත් ආසයි නම් Sony Xperia One Mark ll ඔයාලට ගොඩක් හොද choice එකක් වෙනවා නොඅනුමානයි.

All image and detail courtesy: Sony