Loading...
Apple Watch සඳහා offline music පහසුකම ලබා දීමට Spotify ආයතනය කටයුතු කරයි

Spotify සමාගම විසින් Apple Watch භාවිත කරන්නන් සදහා Music හා Podcast Download කර Offline Play කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

ඒ අනුව Spotify Premium Plans භාවිත කරන Apple Watch Usersලාට Spotify Playlists, Albums හා podcasts ආදිය Apple Watch එකටම Download කර ගැනිමේ හැකියාව ලැබෙනවා. මේ නිසා මින් ඉදිරියට Apple Watch එක ඔස්සේ Spotify භාවිත කිරිමට Smartphone එකක් තිබිම අවශ්‍යම වෙන්නේ නැ.

ඒ වගේම Siri හරහා “Hey Siri, play my Discover Weekly playlist on Spotify" වැනි විධානයන් මගින් මෙලෙස Download කරගත් Spotify Music Offline Play කර ගැනිමේ හැකියාව පවතිනවා.

Apple Watch සදහා වෙන Spotify Offline Downloads පහසුකම මේ වෙන විට නිකුත් කර ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුලත සැම Apple Watch User කෙනෙක්ටම මේ පහසුකම භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

ඒ වගේම මේ Features එක Google Wear OS එක සදහාත් හදුන්වා දිමට කටයුතු කරන බව පසුගිය දා පැවති Google I/O Event එකේ දි දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව Google Were OS එක මත ක්‍රියාත්මක වෙන Android Smart Watches සදහාත් මේහා සමානව මේ Feature එක ලැබෙනු ඇත.

Source : Spotify, XDA Developers