Loading...
Starlink පරිශීලකයන් මිලියන 3 පසු කරයි

ඔබ මේ වන විටත් SpaceX සමාගමේ Starlink satellite internet service එක පිළිබඳව හොදින්ම දන්නා බව නිසකයි. තවමත් ඔබ මේ පිළිබඳව දැනුම්වත් නොමැති නම් අප මීට පෙර ඔබ වෙත ගෙන ආ Starlink Internet පිළිබඳව වු ලිපිය සහ පසුගිය දිනක ඔබ වෙත ගෙන ආ මේ වසර අවසානයේදී Starlink සමඟින් Elon Musk ශ්‍රී ලංකාවට යන ලිපි කියවිය හැකියි.

Starlink නිල X ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබෙන ආකාරයට මේ වන විට SpaceX කණ්ඩායම විසින් ලොව පුරා රටවල් 99ක් ආවරණය වන පරිදි ඔවුන්ගේ මේ Starlink Internet Service එක ලබා දීම ආරම්භ කර තිබෙන අතර ඒ ඔස්සේ ඔවුන් විසින් මිලියන 3කට අධික පාරිභෝගික පිරිසක් සඳහා මේ වන විට Internet Service එක සපයමින් සිටිනවා.

ඔබ දන්නා පරිදි මේ ඔස්සේ ලොව ඕනෑම ස්‍්ථානයකට, එනම් දුරකථන සංඥා නොමැති ස්‍්ථානයක සිට වුවත් දුරකථනය හෝ පරිඝණකය ඔස්සේ අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ යුක්රේන යුද්ධය අවස්ථාවේදී ද යුක්රේනයේ අන්තර්ජාල සම්බන්ධතාවය පවත්වා ගැනීමට මෙන්ම බ්‍රසිලයට පලපෑ ජලගැලීම් අවස්ථාව වැනි හදිසි තත්වයන්වලදී සන්නිවේදනය සදහා මේ සේවාව ඉමහත් සේවයක් ඉටු කරනු ලැබුවා.

විශේෂයෙන්ම නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේදීද මේ සේවාව අත්විදීමට ලැබෙන නිසා ඔබ මේ තොරතුරුත් පිළිබඳව දැනුම්වත් වි සිටිම වැදගත් වනු ඇත.

https://www.teslarati.com/starlink-celebrates-3-million-customers-99-countries/