Loading...
iPhone සඳහා AI Features ලබා දීමට Google Gemini සහාය ලබා ගැනීමට සුදානම් වන අයුරු

වර්තමාන තාක්ෂණික ලෝකය දෙස බලද්දි AI, එහෙමත් නැත්නම් Artificial Intelligence මුලු ලෝකයම ආවරණය කරන්න පටන් ගෙන ඇති බව ඔබ දැනටමත් දන්නා කරුණක්. ඉතින් මේ AI හි පැමිණීමත් සමග තාක්ෂණික ලෝකයේ නිෂ්පාදන AI හා සම්බන්ධ කරමින් ඒ අතර ලොකු තරගයක් ආරම්භ වි තිබෙනවා.


ඉතින් ප්‍රධාන දුරකථන නිෂ්පාදන සමාගම් AI හා සම්බන්ධ වීම දෙස බැලු විට මේ වන විට Google Pixel 8 series සහ Galaxy S24 series සමගින් Google සහ Samsung සමාගම් තම දුරකථන මාදිලි ඔස්සේ AI යුද්ධයට පැමිණ තිබුනද, ඕනෑම දුරකථන උපාංග යුධයකට ප්‍රථමයෙන්ම පැමිණෙන Apple සමාගම නම් ඒ මොහොතේ දී කුඩා පසු බෑමකට ලක් වුණා කියන්න පුළුවන්.

නමුත් තමන් නොපරදින බව පෙන්වමින් Apple සමාගම ඔවුන්ගේ නවතම IOS 18 සමග AI යුද්ධයට අවතීරණ වීමට සුදානම් බව මේ වන සඳහන් වනවා.

Bloomberg වාර්තාවකට අනුව Apple සමාගම විසින් Google Gemini තම දුරකථන වෙත ඇතුලත් කිරීම සදහා Google සමාගම සමග සාකච්ඡා කරමින් පවතින අතර ඒ අනුව අපට පෙනී යන්නේ මේ යුධයේදී Apple සහ Google එකතුවී වැඩකිරීමට යන සූදානමක් පිළිබඳවයි. මෙහිදී ඔවුන් සාකච්ඡා කරන්නේ Gemini සමග වැඩ කිරීම සදහා Apple සමාගමට Gemini හි නීත්‍යානුකූල බලපත්‍ර ලබා ගැනීම පිළිබදව බව එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මෙය පිළිබදව ප්‍රථමයෙන් OpenAI සමාගම සමග ද Apple සමාගම සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබද වැඩි තොරතුරු මාධ්‍ය සඳහා නිකුත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් Google සමාගම සමග සිදුවෙමින් පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් එහි ගිවිසුම්වලට අනුව Apple හි Default Search Engine එක ලෙස Google Search යොදා ගනීවි යැයි ද තොරතුරු වාර්තා වනවා.

නමුත් තවමත් මේ කිසිවත් නිල වශයෙන් Apple සමාගම විසින් ප්‍රකාශ කර නැති නිසාවෙන් අපට තවමත් අනාගතයේ සිදු විය හැකි පුදුම කිරීමක් Apple සමාගම තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. OpenAI සහ Google අතරින් Apple සමාගම එකතුවන්නේ කා සමගද බව ප්‍රකාශ කර නැති අතර අප සැම පුදුම කරමින් ඔවුන් මේ සමාගම් දෙක සමගම ද එකතු වීමට ඉඩකඩ ඇති බව දැක්වෙනවා.

ඒ වගේම codenamed Ajax නමින් Apple සමාගම විසින් ඔවුන්ගේම large language model එකක් මේ වන විට නිපදවමින් තිබෙන බවටත් තොරතුරු වාර්තා වනවා. එය කිසි විටකත් Google සහ OpenAI සමග තරගකාරීව පැමිණීමට තරම් ඉහල මට්ටමක නොමැති නිසාවෙන් Apple සමාගම මෙලෙස Google හෝ OpenAI සමාගම් සමඟ හවුල්කාරීත්වයකට එළැඹිමට සුදානම් වන බවත් දක්වන්න පුලුවන්.


ඉතින් මේ පිළිබදව Apple සමාගම තවමත් නිල වශයෙන් කිසිදු තොරතුරක් නිතුත් කර නොමැති නිසා නිසාවෙන් අප හට බලාපොරොත්තු බොහොමයක් තියාගෙන රැදී සිටින්නට පුළුවන්. මේ පිළිබඳව ඉදිරියේදී නිකුත් වන තහවුරු කළ හැකි තොරතුරු සියල්ල ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප සුදානම්.

Source: androidauthority.com bloomberg.com