Loading...
Terminal තොවිලය - Lesson 15 (අවසන් පාඩම)
Programming concept වල භාවිතා වෙන Bash Shell commands එක්ක Terminal තොවිලය - (Lesson 14)
Shell Script තවත් ඉගෙන ගමු Terminal තොවිලය - (Lesson 13)Arithmetic එක්කTerminalතොවිලය - (Lesson 12)Shell Scripting Terminal තොවිලයපටංගමු - (Lesson 11)Shellscript ලියන්න කලින්නටන්න ඕන Terminal තොවිලය - (Lesson10)Bash ShellScriptingඑක්කනටමු Terminalතොවිලය - (Lesson 9)Soft Links,HardLinks එක්කTerm…

අවසන් කොටස ටිකක් අදින්න වුණාට සමාවෙන්න. නිවුස් ආටිකල් එකක් ඉක්මනින් ලියලා දාන්න පුළුවන් වුණාට පාඩමක් එහෙම දෙන්න පුළුවන් කමක් නෑ. පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් අධික වුණා.

මම මේ පාඩම් මාලාව පටන්ගත්තේ Terminal එකට අපේ අයගෙ තියෙන බය නැති කරන්නයි. මම එතනින් එහාට ගිහින් Bash scripting දක්වාම මේ පාඩම් අරගෙන ආවා. මේ පාඩම් මාලාව follow කරපු කෙනෙක්ට Linux Terminal එක කියන්නෙ බොහොම හුරු පුරුදු තැනක් වෙන බව නොඅනුමානයි. මේක සර්ව සම්පූර්ණ පාඩම් මාලාවක් නම් නෙවෙයි. මේක බොහොම මූලික මට්ටමේ එකක්. මෙයින් බොහෝ කොටස් මට හලන්න සිද්ධ වුණා පාඩම් දිගු නොවෙන්න. එහෙම හලපු එක් කොටසක් තමයි Dialog Utility එකෙන් Interface design කිරීම. කවුරු හරි පෞද්ගලිකව ඉල්ලීමක් කළොත් මම ඒකත් වෙනම පාඩමක් විදියට ගේන්නම්.

එහෙනම් අපි අද අවසන් පාඩම ආරම්භ කරමු.

Functions

Programming concepts දන්න කෙනෙක් මේ Functions ගැන නොදැන ඉන්න විදියක් නෑ. මේ Functions වලින් අපිට පුළුවන් අපේ bash script එක වඩා පැහැදිලි, ක්‍රමවත් සහ ප්‍රමාණයෙන් කුඩා එකක් කරගන්න. ප්‍රධාන script එක කුඩා කොටස් වලට බෙදන්නත්, ඒ කොටස් නැවත භාවිතා කරමින් ඒවා ක්‍රියාත්මක කරවන්නත් functions වලින් පුළුවන්.

අපි උදාහරණයක් ගනිමු.

මුලින්ම HelloUsr කියන්නෙ අපේ function එකේ නම. සඟල වරහන් ඇතුළෙ අපිට අවශ්‍ය කරන codes ටික තමයි ලියන්නෙ. return එකට මෙතනදි මුකුත් නැතත් return keyword එක ලියන්න.

මේ උදාහරණයේ රතුපාටින් කොටු කරලා තියෙන්නේ අපි ලිව්ව function එක call කරලා ඒක execute කරගන්න command එක. ඔයාට පුළුවන් function name එක කැමති වාරයක් ලියලා මේ function එක කැමති වාරයක් execute කරගන්න. ඒක තමයි මේකෙ විශේෂත්වය.

මෙන්න මේකයි output එක.

Function Parameters

අපිට පුළුවන් මේ Function එකකට පිටතින් අගයන් ලබාදෙන්න. Functions වල මේකත් එක් විශේෂ ලක්ෂණයක්. Function එක call කරන අවස්ථාවේ දි මේක අපිට පහසුවෙන් කරන්න පුළුවන්. Positional parameters ගැන අපි කලින් සාකච්ඡා කළා මතක ඇති. මෙතනදි වෙන්නෙත් ඒකමයි.

මේකෙ අපි කරන්නෙ printPara කියන function එක හරහා Android Wedakarayo කියන parameters දෙක print කරගන්න එක. එතකොට මෙන්න මේ විදියේ output එකක් අපිට ලබාගන්න පුළුවන්.

මේක අධ්‍යනය කළොත් ඔයාට තේරෙයි functions භාවිතයෙන් calculator එකක් හදාගන්න එක පහසුයි කියලා. අපි එකතු කිරීම් විතරක් කරගන්න පුළුවන් සරල function එකක් බලමු.

ඔය කෝඩ් එකේ output එක මෙන්න මෙහෙමයි.


හොඳයි, එහෙනම් පාඩම් මාලාවේ අවසානය මෙහෙම සනිටුහන් කරන්නයි සූදානම. මේ වගේ පාඩම් මාලාවක් "පාඨක ආකර්ෂණය" නම් දිනාගන්න සමත් වෙන්නෑ. ඒත්, ඉගෙනගන්න ආස කෙනෙක්ට මේක ලොකු දෙයක්. මොකද, සිංහල භාෂාවෙන් මේ වගේ මාතෘකා ගැන ලියවෙන්නේ බොහොම අඩුවෙන්.

මේ පාඩම් මාලාවට අවශ්‍ය වුණ covers ආදිය යොදලා පාඩම් ටික ලස්සනට පෝස්ට් කළාට තිමිර සහෝදරයාට ස්තුතිය. මෙතෙක් පාඩම් මාලාව එක්ක රැඳුන ඔබටත් ස්තුතියි.

අලුත් ලිපියකින් නැවත මුණගැසෙමු. ඔබට ජය!