Loading...
Facebook සිට Google Photos  වෙත Photos සහ Videos මාරු කල හැකි tool එකක්

Facebook සමාගම විසින් අද දින එක්සත් ජනපදය සහ කැනඩාවේ තම පරිශිලකයන් වෙත තම images සහ videos, Google Photos වෙත upload කල හැකි අළුත් tool එක release කරල තියෙනවා.

මේ අළුත් tool එක ඔයාගේ Facebook Settings වල Your Facebook Information කියන කොටසේ අළුත් option එක බලාගන්න පුලුවන්. ඒත් ඊට කලින් ඔයාට ඔයාගේ Google account එක Facebook එකට connect කරල ඉන්න වෙනවා.

Photo transfer tool එක මීට කලින් 2019 දෙසැම්බර් වල පටං release කරා Facebook data transfer project එක හරහා. 2020 මාර්තු වන විට මෙය Africa, Asia Pacific, සහ Latin America වල සිටින තම පරිශීලකයන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරි මාස කිහිපය තුලදී ඔවුන් මෙය මුළු ලෝකය පුරා සිටින තම පරිශීලකයන් වෙත නිකුත් නිකුත් කිරීමට නියමිතයි. දැනට ඔවුන් මේ tool එක Google photos හා සම්බන්ධ අනෙකුත් සේවාවන්ට ලබා දී ඇති අතර Data Transfer Project එක හරහා මෙම සේවාව ලබාදීමට Microsoft, Apple, Twitter එක්වී තිබෙනවා. ඒ අනුව මේ වන විට Facebook, Apple, Google, Microsoft සහ Twitter මෙම වැඩසටහනට එක්ව එය භාවිතා කරනවා.

The Data Transfer Project එක කියන්නේ 2018දී ලෝකයට හඳුනා දුන්න විවෘත කේත, තේරෙන්න කිව්වොත් Open source project  එකක්. මේ සේවාව හරහා අපිට පුලුවන් Online service සපයන platform දෙකක් අතර තමන්ගේ දත්ත අඛණ්ඩව, ඍජුව හුවමාරු කර ගන්න.

තවමත් ලංකාවේ අපිටනම් පුලුවන් වෙලා තියෙන්නෙ Facebook හරහා අපේ data ටික file එකක් විදිහට download කරගන්න විතරයි. ඒත් ඉදිරියේදී අපිට අපේ internet data වැයවීමකින් තොරවම මෙම කාර්‍යයේ යෙදිය හැකියි.

Source - Facebook, The Data Transfer Project