Loading...
කෙටි කාලයකින් වැඩි ඵලදාවක් ලබා ගත හැකි ගෙවත්තේ වගා කල හැ​කි භෝග වර්ග 8ක්, ඇති විය හැකි ආහාර අර්බුදයට දැන්ම සැරසෙ​මු

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය නිසා මේ වන විට වෙළඳපොළේ එළවලුවල මිල ඉතා ඉහළ ගොස් ඇති අතර බොහෝ දෙනාගේ ව්‍යාපාර කටයුතු ද අඩාල වී තිබෙනවා. සබන් මිල ඉහළ ගිය පසු අඩු මුදල​ට ගෙදරදීම සබන් සාදා ආකාරය පිළිබඳ ලිපියක් ඔබ වෙත ගෙන ආවා වගේම ඔබේ එදිනෙදා තාක්ෂණික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න සැම විටම උත්සාහ කරන Android වැඩකාරයෝ Team එකේ අපි හිතුවා මේ ප්‍රශ්නයටත් යම්තරමක් ප්‍රායෝගික විසඳුමක් පිළිබඳ ලිපියක් ගෙන එන්න.

ආර්ථික අර්බුධයත් සමග එළවළු මිල ඉහල යාමත් සමග අපට ඉතා වැදගත් වන්නේ කෙටි කාලයකින්, ඉක්මනින්ම ඵල ලබා ගත හැකි බෝග වර්ගයි. මේ තුළින් කෙටි කාලයකින් සෞඛ්‍යාරක්ෂිත එළවළු ලබා ගන්න වගේම, මේ කෙටි කාලයකින් අස්වනු ලබා දෙන පැල අඩු මිලට අලෙවියෙන්ද බොහෝ දෙනාට ආර්ථික වාසි ලබා ගැනීමට පුළුවන්.

ඉතා සරල පියවර කිහිපයක් අනුගමනය කරමින්, කුඩා ඉඩ ප්‍රමාණයක් භාවිතා කරමින්, ඔබගේ දෛනික ආහාර වේල සදහා ප්‍රමාණවත් ආකාරයේ අස්වනු ලබා ගත හැකි, සාමාන්‍ය ආකාරයේ සාත්තුවක් මගින් ඉක්මනින් වර්ධනය වන බෝග වර්ග බොහොමයක් තිබෙනවා.

මේවා වගා කිරිමේදි අප සැපිරිය යුත්තේ ඉතා සරල, මුලික අවශ්‍යතා කිහිපයක් පමණක් විම ඉතා වාසි දායික වෙනවා.

  • සරු පස ලබා දෙන්න.
  • පස තෙත් කර තබා ගන්න.
  • හිරු එළිය අවශ්‍ය තරම් ලබා දෙන්න.
  • පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කරන්න.

මෙම සරල පියවරයන් අනුගමනය කිරිමෙන් පහත බෝග වර්ග ඉතා හොදින් පවත්වා ගත හැකි වෙන අතරම ගුණාත්මක අස්වැන්නක් ද ලබා ගත හැකි වෙනවා.

01. රාබු - දින 21 යි

රාබු කියන්නේ හැපෙන සුළු, රසවත්, වැඩීමට සරල වන අතර, ඔබේ ගෙවත්තේ වගා කිරිම මගින් ඔබට ඉතා ඉක්මනින්ම අස්වනු ලබා ගත හැකි එළවළුවලින් එකක් වෙනවා. රාබු සිටුවීමට ඔබට නිශ්චිත කාලවකවානුවක් වෙනුවෙන් බලා සිටීමට අවශ්‍ය නොවන නමුත් ඒවා 10C° (50ºF) සහ 18C° (65ºF) අතර උෂ්ණත්වයකදී හොදින් වර්ධනය වෙනවා.‌‌රාබු බීජ ඉක්මනින් ප්‍රරෝහණය වන අතර සිටුවීමෙන් දින තුනක් හෝ හතරකට පමණ පසු කොළ පැහැති රිකිලි බලා ගන්න පුලුවන්.

02. ළූණු - දින 21 යි

ළූණු ශාකය සම්පුර්ණයෙන් වැඩීමට මාස 06ක් පමණ ගත වෙනවා. නමුත් ළූණු කියන්නේ ඉක්මනින් වර්ධනය වන බෝගයක්. බීජ මගින් වගා කළ හැකි මෙිවා දින 21කින් පමණ කඳ වර්ධනය සඳහා සැකසේ.‌‌ලූණු අස්වනු නෙලීමේ හොඳම ක්‍රමයක් නම් බිමෙන් සම්පූර්ණ මූලය ඇද ගැනීමට වඩා ඒවා කැපීමයි. හරිත රිකිලි උස අඟල් හයකට පමණ වූ පසු, එහි පසට ඉහළින් කොටස කපා ගැනීමෙන්, ඒ කොටසත් පිස ආහරයට ගත හැකි වනවා.

03. සලාද කොළ - දින 30 යි

‌සලාද කොළ වේගයෙන්ම වර්ධනය වන එළවළුවලින් එකක් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. එයට ඉක්මනින් ප්‍රරෝහණය විමට මෙන්ම වේගයෙන් වර්ධනය විමේ හැකියාව තිබෙනවා. මෙම සලාද කොළ බෝගයේ තිබෙන වටිනා දෙය ලෙස ඔබේ ආහාර වේල සදහා අවශ්‍ය කොළ කඩා ගත හැකි අතර ඉන් පසු වුවද ශාකය දිගටම වර්ධනය වී කොළ සාදනු ලබනවා. සෑම දින 14කට වරක් නව බීජ රෝපණය කිරීමෙන් කාලය පුරාම සලාද කොළ අඛණ්ඩව නෙළා ගත හැකියි. සලාද කොළ සිසිල් දේශගුණයකට වැඩි කැමැත්තක් දක්වන අතර 15C° (60ºF) සහ 21C° (70ºF) උෂ්ණත්වයක් වඩාත් යෝග්‍ය වනවා. නමුත් සමහර ප්‍රභේද උණුසුම් කාලගුණයටත් ඔරොත්තු දෙනවා. ඉතා උණුසුම් ගිම්හානයක් සහිත දේශගුණික තත්ත්වයන් තුළ වුවද මෙවන් සලාද කොළ මිදුලේ සෙවන සහිත කොනක හෝ බැල්කනියේ භාජනවල හොදින් වර්ධනය කර ගැනිමේ හැකියාව තිබෙනවා.

04. නිවිති - දින 30 යි

‌නිවිති සාමාන්‍ය උෂ්ණත්ව පරාසයක් තුල සාර්ථකව වගා කටයුතු කළ හැකි අතර එය ඉක්මනින් වර්ධනය වන අතර බිම දිවී ගිය වහාම, නිවිති දඩු කඩා නැවත සිටුවීමටත් යොදා ගත හැකි වෙනවා.‌දිනපතා නිවිති නෙළා ගත යුතු අතර නැතිනම් ශාකය පරිණත වූ පසු පසු නිවිති ආහාරයට ගත නොහැකි වෙනවා.

05. නෝකෝල් - දින 30-55

නෝකෝල් වර්ධනය වීමට ගත වන්නේ මාස දෙකක් පමණි. නමුත් මෘදු රසැති, පැණිරස එළවළුවක් ලෙස දළුු නෝකෝල් ඉතා ඉක්මනින් වගා කර ගත හැකි වෙනවා. කොළ පැහැති හරිතයන් අඟල් 2 ක විෂ්කම්භයක් කරා ළඟා වූ විට, ඔබට ඒවා තෝරාගෙන සලාදවලටත් එකතු කළ හැකි අතර කද දිගටම වර්ධනය වේ.

06. බීට් - දින 35-60

‌‌බීට් කියන්නේ පැණිරස හා රසවත් එළවළුවක් වෙන අතර නොකෝල් මෙන්ම මුළු ශාකයම ආහාරයට ගත හැකි වෙනවා. බිට් කොළ සලාද සඳහා යොදා ගත හැකි වෙනවා. වරකට එක් ශාකයක කොළ එකක් හෝ දෙකක් පමණක් කපා දැමීම සිදු කළ යුතු අතර එසේ නොමැති නම්, බිට් අලය නිෂ්පාදනයට බාධා විය හැකිය.‌‌ බීට් අලයෙහි මුදුන පසට ඉහළින් වැඩීමට පටන් ගත් විට, ඒවා ආහාරයට ගැනීම සඳහා නෙළා ගැනීමට සුදුසු වෙනවා.

07. ළදරු කැරට් - දින 50 යි

සාමාන්‍යයෙන් දින 50කින් පමණ දළුු කැරට් අල ආහාරය සදහා නෙලා ගැනිය හැකි වෙන අතර එසේ අවශ්‍ය නොමැති නම් සම්පූර්ණ ප්‍රමාණයට වැඩීමට ඉතිරි කළ හැකියි. දළුු කාලයේදී නෙළා ගන්නේ නම් කැරට් බැදුමක් සකස් කර ගැනීමෙන් වඩාත් රසවත් වේ. කැරට් ඉතා ඉක්මනින් වැඩෙන අතර වගා කිරීමට විශාල ඉඩකඩක් අවශ්‍ය නොවෙනවා.

08. පිපිඤ්ඤා - දින 50 යි

දින 50ක් වැනි කාලයකින් අස්වනු නෙළා ගත හැකි වෙන අතර එතරම් සාත්තුවක්ද අවශ්‍ය වෙන්නේ නැත.        ‌

මේ විදිහට අපි අපිට අවශ්‍ය දේවල් නිවසේදීම, රට තුලදීම නිපදවා ගන්න ගත්තොත් බහුජාතික සමාගම් වල න්‍යාය පත්‍ර වලට, ඔවුන්ගේ අධික මිල වලට යට වෙලා තීරන ගන්න ඕනේ නෑ වගේම පිට රටින් රසායනික ද්‍රව්‍ය ගහලා එන අහිතකර එළවළු, පළතුරු කන්න ඕනෙත් නෑ.

මේ ලිපිය කියවන ඔයාට විද්‍යාව තාක්ෂණය පිළිබඳ ගැටළු තියෙනවා නම් ඒවා විසඳගන්න අපි ඔයාලට Forum එක හදලා තියෙනවා. සෙට් වෙන්න අපේ Forum එකටත්.1.