Loading...
Android 11 සැප්තැම්බරයේදී නිකුත් වන බව පුවත් වාර්තා වේ

ඔයා සාමාන්‍යයෙන් Android release ගැන උනන්දු කෙනෙක් නම් ඔයා දන්නවා සාමාන්යයෙන් Android වල stable version එකක් roll out වෙන්නේ සැප්තැම්බර් මාසයේ කියන දේ. මේ වෙනකොට Google ඔවුන්ගේ next-gen Android update එක එහෙමත් නැතිනම් android 11 version එක Pixel සහ third-party users ලා කීප දෙනෙක් සමගින් test කරමින් ඉන්නවා. ඉතින් title එක ගැන කතා කරද්දී, Google සමාගම අතින් අත්වැරැදීමකින් stable release එකේ official launch date එක reveal වෙලා තියෙනවා.

ඉතින් මේක ඉස්සෙල්ලාම spot කරගෙන තියෙන්නෙ PhoneArena එකෙන්. ඉතින් මේ launch date එක reveal වෙලා තියෙන්නෙ Google’s virtual smart home summit එකේදි upload උන වීඩියෝ එකකින්. මේ වෙද්දි ඒ video එක ඉවත් කොට තිබෙනවා. පහලින් තියෙන screenshot එකේ විදිහට Android 11 stable version එක Google ලා roll out කරන්නෙ සැප්තැම්බර් 8 වෙනිදායි.

ඉතින් කොහොමින් කොහොම උනත් මේක සීයට සීයක්ම ඇත්ත කියල කියන්න් අමාරුයි. මොකද, Google ලා මේ අවුරුද්දෙ schedule කරලා තිබුණු developer conference එක ලෝකය පුරා ඇති වෙලා තියෙන වෛරස තත්වයත් එක්ක cancel උනා. ඇමෙරිකාවෙ BLM උද්ඝෝෂණ නිසා Android 11 beta launch show එක postpone උනා. ඉතින් කිසිම prior notice එකක් නැතුව Android 11 beta version එක ගිය මාසයේදී release උනා.ඉතින් මේ අනුව Android 11 stable version  එක එන්නත් පරක්කු වෙයි කියලා හිතන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ විදිහට සැප්තැම්බර් 8 release වෙන එක surprise එකක් මත් නෙමේ මොකද අන්තිමට release උන Android versions දෙකත් release උනේ ඒ time frame එකේදිමයි.