Loading...
Quality drop වෙන්නේ නැතුව Facebook එකට photos upload කරමු

ඔයා Facebook Use කරන කෙනෙක් නම් දන්නවා ඇති Photo එකක් දැම්මාම ඒක පොඩ්ඩක් Pixlate වෙනවා. එහෙම වෙන්නේ Facebook එකෙන් අපේ Photos සේරම Upload කරද්දී Compress කරන නිසයි.

ඒක කරන්න හේතුව තමයි Facebook භාවිතා කරන පිරිස ඇති විශාල වීම. දවසකට මිලියන 350 කට ආසන්න ප්‍රමාණයක් Photos මේ facebook එකට වෙනවා. ඉතිං එයාලේගේ Servers සේරම පිරිලා Slow වෙනවා Compress කලේ නැත්නම්. හැබැයි ඉතින් image compress කරන්නේ facebook විතරක්ම නෙමෙයි, Instagram , Twitter, Tumblr හැම site එකම image compress කරලා තමයි upload වෙන්නේ.

දැන් අපි බලමු මේක මග හැරලා image quality තියාගෙන photos upload කරන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි facebook එකට දාන images lightroom walin export කරගන්න එපා. මේකට අනිවාර්යෙන්ම photoshop තියෙන්න ඕන. එහෙනං මම Step by Step මේක කියලා දෙන්නම්.

පහල තියෙන විදිහට Image එකේ Size එක Change කරගන්න. හැබැයි මතක තියගන්න Image එකේ Long Edge එක අනිවාර්යෙන්ම 2048 px විය යුතුයි. මීට වඩා වැඩි උනොත් Facebook එකේ Image එක compress වෙනවා.  ( Image > Image Size > Change the longest side to 2048 px )

ඊලගට කරන තියෙන්නේ File > Export > Save For web කියන option එක Click කරන්න.

  1. ඊලගට කරන්න තියෙනෙන් පහල highlight කරලා තියෙන විදිහට settings වෙනස් කරගන්න එකයි. එත් 4 වෙනි Step එකේදී විතරක් ඔයාට පුළුවන් Bicubic Sharper නැතිනම් Bicubic Smooth තෝරාගන්න. මම නම් portrait වලදී තෝරාගන්නේ Smooth කියන option එකයි.

ඊට පස්සේ image එක save කරගන්න.

දැන් හරි!

ඔයාට පෙනෙයි JPEG upload කරනකොට වගේ Image Details Lost වෙන්නේ නැහැ කියලා.

Article by Sony Ambassador Anushka Eranga