Apple සමාගම විසින් WWDC 2020 දි නිවේදනය කලේ ඔවුන්ගේ In-app Purchases System එක Usersට අවශ්‍ය පරිදි In-app Paid Content තම පවුල සමග හුවමාරු කර ගැනිමට පහසුකම් සලසන බවයි. ඔවුන් විසින් මේ Option එක දැන් නිල වශයෙන්ම iOS 14 හා macOS Big Sur සදහා ලබා දි තිබෙනවා.
මීට පෙර iCloud Family Sharing පහසුකම හරහා අපිට අපේ Apple ID එක මගින් සිදු කරනු ලබන Purchases මගින් ලබා ගත් Apps, Music, Movies හා Apple Music Subscription එක iCloud Family Membersලා හට ඔවුන්ගේ Devicesවලින් භාවිත කිරිමට හැකි වුවා. නමුත් in-App Purchases තම තමන්ම සිදු කල යුතු වු අතර එම Purchases iCloud Family Membersලා අතර Share කිරිමට ද නොහැකි වුවා.
ඒ අනුව දැන් Apple සමාගම විසින් in-App purchases ද iCloud Family Membersලා අතර Share කර ගැනිමට අවස්ථාව ලබා දි තිබෙනවා. මේ තුලින් Family එකේ එක සමාජිකයෙක් සිදු කරන in-App Purchases එකක් වුවද දැන් iCloud Family Membersලා සියලු දෙනාටම භාවිත කරන්න හැකියාව ලැබෙනවා.
Turns out Apple rolled out the ability for developers to enable Family Sharing for subscriptions and In-App Purchases yesterday. Would love to see this in more apps now ? https://t.co/XFtUtL7fL7 pic.twitter.com/EMLxgmUvSm
— Federico Viticci (@viticci) December 4, 2020
මේ සදහා Settings > Apple ID > Subscriptions හි නව Toggle එකක් එක් කර තිබෙනවා. මේ මගින් iCloud Family Membersලාට මේ in-App Purchases ලබා සදහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මෙලෙස in-App Purchases අපේ iCloud Family Membersලා අතර Share කිරිම අනවශ්‍ය Apps තිබේ නම් ඒම Apps මගින් එලෙස Share කිරිම වෙන වෙනම නවතා දැමිමේ හැකියාවත් පවතිනවා.
මේ නව in-App Purchases Share කිරිමේ පහසුකම මේ වන විට iOS 14.2 හා iOS 14.3 Beta Versionවල මෙන්ම macOS Big Sur 11.0.1 Version එකෙත් බලාගන්න පුලුවන්.
…and for regular IAPs, on the right. Not sure if this only appeared recently, or with acceptance of the new developer agreement, because I had looked for it before and didn't find it (and apols if someone else has said already about this and I missed it) pic.twitter.com/PmiR2oeODB
— Steve Harris (@steveharris) December 3, 2020
කෙසේ වෙතත් App Storeහි පවතින සැම App එකක්ම මේ in-App Purchases Sharing පහසුකම සමග ක්‍රියාත්මක වෙන්නේ නැ. Developer කෙනෙක් වෙන Steve Harrisට අනුව App Developersලා මේ Family Sharing පහසුකම Manually Enable කල යුතු වෙන්නේ App Store Connect Portal එක තුලින්. මේ in-App Purchases Sharing පහසුකම iCloud Family Subscription එක ලබා ගෙන සිටින in-App Purchases Apps භාවිත කරන Usersලාට නම් හොද Feature එකක් බව කියන්න පුළුවන්.