Loading...
නුදුරේදීම වෙළඳපළට එන විදුලියෙන් බල ගැන්වෙන තුන්සක රිය - Elektrateq ETX

Vega Innovation සමාගමට අනුබද්ද සමාගමක් වන Elektrateq සමාගම විසින් ETX Electric Threewheler රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ශ්‍රී ලාංකික නිශ්පාදනයක් වන අතර මෙහි Electronic, Mechanical Components සහ Interior Design ලංකාවේ ඉංජිනේරැවන් සමඟින් නිපදවන ලද්දක් වීමත් විශේෂ වනවා.

ETX Electric Threewheel රථය Cago සහ Passenger යන කාර්යයන් දෙකටම සරිලන ලෙස නිපදවා ඇති අතර මෙහි පිටුපස මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි අතර ඉදිරිපස රියදුරා සමඟ තිදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි වනවා.

ETX Electric Threewheel රථය 10kWක Battery එකකින් බලගැන්වෙන අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 150 පමණ ධාවනය කළ හැකි බව Elektrateq සමාගම විසින් සඳහන් කර තිබෙනවා. ගෘහස්ත විදුලියෙන් මෙහි ඇති Battery එක සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීම සඳහා පැය 4 ක් ගතවන අතර Fast charging මඟින් පැයක් තුලදී 80% පමණ Batterry එක ආරෝපණය කරගත හැකි බවත් සඳහන් වනවා. එමෙන්ම මේ ETX Electric Threewheel රථයට කිලෝමීටර් එකක් ගමන් කිරිම සඳහා රුපියල් 05ක් වැනි සුලු මුදලක් වැය වන බවත් මොවුන් විසින් වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

මෙහි මිල ගණන් තවමත් සඳහන් කර නොමැති අතර නුදුරේදීම වෙළෙඳපොළ සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට වාර්තා වන අතර මෙය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සඳහා ගැලපෙන අයුරින් දැරිය හැකි මිලකට වෙළඳපොළට නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් වැඩි දුරටත් දක්වන්න පුලුවන්.

Source: elektrateq.com