Loading...
Website download කරමු

මං අද කියලා දෙන්න යන්නෙ පොඩි trick එකක් ගැන. ඒ තමයි website එකක් download කරගන්නෙ කොහොමද කියලා. මේකෙන් ඔයාලට ඔයාලගෙ internet data කලමනාකාරනය කරගන්න පුලුවන් කියලා මං හිතනවා. නිතරම online යන්න බැරි අයට වගේම night time data වලිං වැදගත් ප්‍රයෝජයනක් මේ මගින් ලබාගන්න පුලුවන් කියලා තමා මං නම් හිතන්නෙ.

Website භාවිතයෙන් ඉගෙනීමේ කටයුතු සිදු කරන අයට ගොඩක් ගොඩක් මේක වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම හරි හැටි අන්තර්ජාල පහසුකම් නැති පැත්තකට ඔයාලා යනවනම්, යන්න කලින් මේ වගේ website එක download කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙම download කරගෙන ගියොත් ඔයාට offline ඉඳන්ම මේ වෙබ් අඩවි surf කරන්න පුලුවන්. අහ් තව දෙයක් සමහර අන්තර්ජාල සේවා ගැටලු නිසා සමහර website වලට යන්න බෑ. එම නිසා මේ ක්‍රමය මගින් එම website ඩවුන්ලෝඩඩ් කරලා offline පරිහරණය කරන්නත් පුලුවන්.

කෙලින්ම කිව්වොත් සරලව මෙච්චරයි, මේකෙන් වෙන්නෙ website offline කියවන්න පුලුවන් වෙන එක. ඒ කියන්නෙ web page එකක් save කරනවා වගේ වැඩක්..හැබැයි මේක ටිකක් ඊට එහා ගියපු වැඩක්. මේකෙන් පුලුවන් web page එකකට වඩා එහා ගිය website එකක්ම offline ඉඳලා බලන්න පුලුවන්.

හරි දැං කතා කරා ඇති.අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා..මේකට ක්‍රම කීපයක් තිබුනත් මං අද කියලා දෙන්න යන්නේ පොඩි software එකක් මගින් ලේසියෙන් වැඩේ කරගන්න විදිය. මේකට HTTrack කියන 5MB විතර පුංචි software එකක් download කරගන්න ඕනෙ. මේ ?" HTTrack "? කියන එක click කරලා ඔයාලට ගැලපෙන version එක download කරලා ඉන්ස්ටෝල් කරගන්න.

හරි දැං අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා.

Step 01: ඉස්සෙල්ලම ඔයාලා download කරලා ඉන්ස්ටෝල් කරගත්තු HTTrack කියන software එක run කරගන්න. එතකොට මෙන්න මෙහෙම window එකක් එයි, ඒක next කරන්න.

Step 02: එතකොට එනවා පහල ආකාරයේ window  එකක්. ඒකෙ new project name එකට ඔයාලා දාන කැමති නමක් දෙන්න. මම දැම්මෙ techweb කියලා. කැමතිනම් project category එකකුත් ඇතුලත් කරන්න. ඒක අනිවාර්ය නෑ. ඊට පස්සෙ website එක download වෙන්න ඕනෙ path එක දෙන්න. මම නම් default path එක තමයි දීලා තියෙන්නෙ. හරි දැං ඊට පස්සෙ next කරන්න.

Step 03: හරි දැං ඊලඟට එන window එකේ web address කියන තැනට ඔයාලට download කරගන්න ඕනෙ website එකේ URL එක copy කරලා paste කරගන්න. හරි දැං ඊලඟට next දෙන්න.

Step 04: දැං එන window එකේ ඔයාලට අවශ්‍ය settings තියෙනවනම් හදාගන්න. ඒක ගැන කියලා දෙන්න අවශ්‍ය නෑනෙ. ඊට පස්සෙ next කරන්න.

Step 05: දැං ඔයාලට දැකගන්න පුලුවන් process වගයක්..ඒ කියන්නෙ website එක download වෙනවා. Process වෙලා ඉවර උනාම next දෙන්න. ඒ කියන්නෙ අපිට වෙන්න ඕනෙ වැඩේ වෙලා ඉවරයි.

Step 06: අවසාන වශයෙන් එන window එක finish කරලා exit වෙන්න.

ඔන්න දැං හරි. Website එක download වෙලා ඉවරයි. දැං යන්න ඔයා website එක download වෙන්න දුන්න path එකට. එතකොට ඔයාට මෙන්න මේ වගේ files වගයක් බලාගන්න පුලුවන් වෙයි.

එතන තියෙනවා index කියලා HTML ෆයිල් එකක්(අනිත් files අතර ඔයාට වැදගත් දේවල් තියෙන්න පුලුවන්. ඒ නිසා පස්සෙ ඒවා ගැනත් ටිකක් බැලුවට කමක් නෑ) . Internet connection එක disconnect කරලා ඒක ඕපන් කරගන්න. මං නම් recommend කරන්නෙ google chrome, firefox වගේ browser එකක්. මොකද windows explorer, edge වගේ browser වල මේක හරි හැටි බලාගන්න අමාරුයි.

දැං ඔයාලට බලාගන්න පුලුවන් මෙන්න මේ වගේ අපි download කරගත්ත website එක open වෙනවා.

මේකෙ URL එක දිහා බැලුවනම් අපිට බලාගන්න පුලුවන් මේ website එක open වෙන්නෙ අපේ පරිගණකයේ තියෙන path එකක් හරහා කියලා.

අවසාන වශයෙන් කියන්න ඕනෙ මේකට download කරන website එකට අනුව data නම් charge වෙනවා. ඒකයි මං මුලින්ම කිව්වෙ night time data manage කරගන්න හොඳ ක්‍රමයක් කියලා.

මට මේ software එක ගැන කියපු අවිශ්ක සොයුරාට මම මේ අවස්තාවේ ස්තූතිය පල කරනවා.