මීට වසර මිලියන 750ක සිට වර්තමානයේ දක්වා පෘථිවි භුතලවල වෙනස් විම අනුව ඔබගේ නගරය ඒ ඒ කාලවකවානුවන්වල තිබු තැන සොයාගත හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට Google සමාගමේ හිටපු ඉන්ජිනේරුවරයෙකු වන Lan Webster මහතා කටයුතු කර තිබෙනවා.

මේ සඳහා ඔහු විසින් Northern Arizona University එක විසින් පෘථිවිය පිළිබඳව කරන ලද පර්යේෂණවල (Research) දත්ත උපයෝගී කරගෙන ඇති අතර මේ ඔස්සේ වසර මිලියන 750ක් දක්වා අතීතයට ගොස් පෘථිවියේ භුතලවල වෙනස් විම දැක ගන්න පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටිම පිළිබඳවත්, රටේ ප්‍රධාන නගරයක (Kurunegala, North Western, LK) පිහිටිම වෙනස් විමත් මේ ඔස්සේ සොයා බැලිය හැකි වෙනවා.

ඉතින් දැන් ඔයාටත් පුලුවන් ඔයා ඉන්න නගරය මේ වෙබ් අඩවිය ඔස්සේ වසර මිලියන ගණනකට පෙර තිබුණ තැන හරියටම බලා ගන්න.