Loading...
පරිගණකයට හානි කරන USB Killer එකෙන් මොකක්ද වෙන්නේ?

USB killer කියන්නේ එක එක technical companies තමන්ගේ electronic devices වල ගුණාත්මක බව පරීක්ෂා කරන්න ගන්න දෙයක්.

ඒ කියන්නේ මේක යොදාගෙන අපිට පුලුවන් අපේ device එක්ක resistance එක, එහෙම නැතුව තේරෙන විදිහට කියනවා නම් කොච්චර voltage එකක් අපේ device එකට දරාගන්න පුලුවන්ද බලන්න.

කොහොමද මේක වැඩ කරන්නේ?

මේක බැලූ බැල්මට නම් සාමාන්‍ය USB device එකක් වගේ තමා තියෙන්නේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ නම් අපිට අපේ device එකේ USB port එකට මේක සවි කරන එක.ඉතින් මේක ඇතුලේ තියෙන්නෙ capacitors සෙට් එකක් මේකෙන් වෙන්නේ අපි USB port එක හරහා මේ USB killer එක සවි කරාට පස්සේ ඒක ඇතුලේ තියෙන capacitors ටික charge වෙනවා. ඊටපස්සේ  කරන්නේ ඒ charge උන capacitors වල තියෙන charge එක එහෙම්මම අපේ device එකට මුදා හරිනවා හරියටම කියනවානම්  240v  අපේ device එකට එක පාර වෙනවා!

ඇයි මේක නිෂ්පාදනය කරන්නෙ?

මේක නීති විරෝධී භාණ්ඩයක් වගේ කෙනෙක්ට හිතුනත් මේක එහෙම දෙයක් නෙමේ. මේක නිපදවන සමාගම මේක නිපදවන්නේ ඕනේ කෙනෙක් ට මේක මිලදී ගෙන තමන්ගේ devices වල resistance, circuits වල ප්‍රශ්න තියෙන්වාද කියලා බලාගන්න.

මේ USB KILLER එකෙන් කරන විනාශකාරි දේවල් මොනවද?

එකවැර 240v තමන්ගේ device එකකට ඇතුල් උනාම ඒ USB port එක ඇතුලුව අනික් සියලුම hardware නැවත භාවිතයට ගන්න බැරි වෙන විදිහට පිච්චිලා යනවා. නමුත් අලුත් devices නම් නිෂ්පාදනය වෙන්නේ මේවගේ දේවල් වලට ඔරොත්තු දෙන්න පුලුවන් වෙන්න.

නමුත් මේකෙ තව පැත්තත් තියෙනවා! සමහර අය මේ වගේ දේවල් අරගෙන නිකන් පාරේ හිතා මතාම බිම දාලා යනවා. එතකොට මේක අහුල ගන්න කෙනා තමන්ගේ පරිඝණකයට මේක සවි කරලා අමාරුවේ වැටෙනවා.

ඉතින් මේ වගේ දේවල් නිසා පාරේ වැටිලා තියෙන pen drives එහෙම ගෙදර අරන් ගිහිල්ලා use කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.!