Loading...
මොකක්ද මේ Computer Programming කියන්නේ?

තාක්ෂණික ලෝකයේ ඉහලින්ම ඇති Programming කියන මාතෘකාවට අද අපේ Article එකේ ඉඩ වෙන් වෙනවා.

Computer Programming යනු ඉතා විශාල විෂය පථයක් බැවින් මෙම Article එක තුලින් හැකිතාක් අවශ්‍ය මූලික කරුණු පමණක් බුද්ධිමත් පාඨක ඔබ ඉදිරියේ තබමි.

Computer Programming (පරිගණක ක්‍රමලේඛනය) යනු නිශ්චිත ප්‍රතිපලයක් ලබා ගැනීම සඳහා හෝ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි පරිගණක වැඩසටහනක් සැලසුම් කර ගොඩනැගීමේ ක්‍රියාවලියයි. Computer Programming නැතහොත් පරිගණක ක්‍රමලේඛනයෙහි අරමුණ වන්නේ දෙන ලද ගැටළුවක් විසඳීම සඳහා පරිගණකයක් තුළ කාර්‍යයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන උපදෙස් අනුපිළිවෙලක් ගොඩගැනීමයි.

පරිගණකය විසින් දත්ත සහ තොරතුරු  සියල්ල හසුරවනු ලබන්නේ ද්වීමය (Binary) ආකාරයට බැවින් අපට පරිගණකය හා සන්නිවේදනය කිරීමට සිදුවන්නේද ද්වීමය ආකාරයෙන් 1 හා 0 පමණක් යොදාගෙන යන්ත්‍ර භාෂාවෙන්ය (Machine Language).

යන්ත්‍ර භාෂාවෙන් Program ලිවීම ඉතාමත් අපහසු කාර්යක් වන නිසා මිනිසා විසින් භාවිතා කරන සම්මත භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවට යොදගෙන Programming Languages (ක්‍රමලේඛණ භාෂා) බොහොමයක් නිපදවා ඇති අතර එම Programming Languages යොදගෙන Computer Programs (පරිගණක වැඩසටහන්) ලියන අතර එම වැඩසටහන් Language Translators (භාෂා පරිවර්තක) යොදාගෙන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරයි.

එවිට Computer CPU එක මගින්  එම  Program එක මගින් අනුපිලිවෙලට ලබා දී ඇති  Instructions සියල්ල Execute (සැකසීමට භාජනය කිරීම) කර අවසන් ප්‍රතිපලය Output (ප්‍රතිධානය) ලෙස ලබා දෙයි. (Programming Languages සදහා උදාහරණ ලෙස Java, Python, C/C++, C#, Ruby දැක්විය හැක.)

Low-Level Languages

Low level languages ලෙස හදුන්වන්නේ පරිගණකයට පහසුවෙන් පරිවර්තනය කල හැකි, යන්ත්‍ර භාෂාවට (Binary Code) ඉතාම ආසන්න පරිගණක භාෂාවන් වේ.
Eg: Assembly Language, Machine Language

High-Level Languages

High level languages ලෙස හදුන්වන්නේ මිනිසාට සමීප භාෂාවකින් Program (ක්‍රමලේඛණ) ලිවීමට නිර්මාණය කර ඇති පරිගණක භාෂාවන් වේ.

Eg: Java, Python, C/C++

Programming ගැන Article කීපයක් ඉදිරියට ගෙන එමට බලා පොරොත්තු වන අතර මුලින්ම ඔබ වෙත ගෙන ආ යුතු Programming Language එක Android වැඩකාරයෝ Facebook Page එකේහි Comment එකක් දාන්න අපි ඒ ගැන සලකා බලා වැඩිපුරම Comment තියෙන Language එක මුලින්ම ලබා දෙන්නම්. තවත් මේ වගේම Article එකකින් හමුවන තුරු Android වැඩකාරයෝ අප සමග දිගටම රැදී සිටින්න.