Loading...
මොකක්ද මේ Android  ජංගම දුරකතන සඳහා වන Seamless Updates කියන්නේ?

සාමාන්‍යයෙන් MIUI වලදී update එකක් phone එකට install වෙන සම්මත විදියක් තියෙනවා. මුලින්ම වෙන්නේ updater එක හරහා update package එක download වෙන එක. ඊට පස්සේ updater එක හරහා ඒක decrypt වෙලා install වෙන්න ready කරනවා. හැබැයි මෙතනින් පස්සේ update එක install කරන්න phone එක restart කරන්න ඕන. Restart කරාම recovery එක හරහා තමා update එක install වෙන්නේ.

​‍ඒකට සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් වගේ යනවා. ඒ වෙලාව ඇතුලේ phone එක use කරන්න බෑ. ඒ වගේම update එක උනාට පස්සේ විනාඩි 7-8 ක් වගේ යනවා phone එක on වෙන්න. මේ සම්පූර්ණ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් විනාඩි 12ක් 20ක් අතර කාලයක් යනවා. මේ කාලය ඇතුලත phone එකේ වෙන දේවල් අපිට පාලනය කරන්නත් බෑ use කරන්නත් බෑ.

හැබැයි Seamless Update Procedure එක එක්ක මේක සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙනවා. අපි බලමු ඒක වෙන්නේ කොහොමද කියලා.

Seamless Updates වලදීත් මුලින්ම වෙන්නේ update package එක updater එක හරහා download කරලා decrypt කරන එක. මෙතනින් එහාට සිද්ධ වෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙනස්. Phone එක on එකේ තියෙද්දිම update එක install වෙනවා. ඊට පස්සේ update එක finalize වෙන්නෙත් phone එක phone එක on එකේ තියෙද්දිමයි. ඒ සම්පූර්ණ ක්‍රියාවලියට විනාඩි 15ක් විතර යනවා.

හැබැයි ඒ විනාඩි 15 ඇතුලේ අපිට phone එක use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. Finalize උනාට පස්සේ තමයි restart කරන්න එන්නේ. Restart වෙන්න ගොඩ වෙලාවක් ගන්නේ නෑ. විනාඩියක් විතර ඇතුළත සාමාන්‍ය විදියට restart වෙනවා. Restart උනාට පස්සේ phone එකේ තියෙන්නෙ අලුත් update එක. පළවෙනි photos තුනේ මේ procedure එක වෙන විදිය තියෙනවා.

1) Updating
2) Finalizing
3) Then reboot...

දැන් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේ seamless update feature එක support කරන devices වල Partition A, Partition B කියලා system partition දෙකක් තියෙනවා. Update එක install වෙද්දී boot වෙලා තියෙන්නේ Partition A එකෙන් නම් අලුත් update එක install වෙන්නේ Partition B එකට. Update එක install වෙද්දී phone එක run වෙන්නේ Partition A එක උඩ නිසා කිසිම බාධාවක් නැතුව phone එක use කරන්න පුළුවන්. Update එක Partition B එකට install උනාට පස්සේ restart කරාම වෙන්නේ phone එක Partition B එකෙන් on වෙන එක.

ඒ කියන්නේ අලුත් update එක install වෙලා තියෙන System Partition එකෙන් තමා phone එක boot වෙන්නේ. Phone එක කිසිම අවුලක් නැතුව on උනාට පස්සේ තමයි කලින් පරණ update එක තිබුණ Partition A එක update වෙන්න ගන්නේ. බැරි වෙලාවත් phone එක අලුත් update එක නිසා හරියට Partition B එකට boot උනේ නැත්තම් ආයේ පරණ update version එක තියෙන Partition A එකෙන් boot වෙලා update එක fail කියලා හේතුවත් එක්කම වැටෙනවා. කෙටියෙන් කිව්වොත් update crash එකක් නිසා soft brick/ hard brick වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් අඩු වෙනවා.

අපි බලමු සාමාන්‍ය Update Procedure එකට සාපේක්ෂව Seamless Update Procedure එකේ තියෙන වාසි මොනවද කියලා.

  1. Update වෙන කාලය අතරතුර phone එක use කරන්න පුළුවන්.
  2. Update එකෙන් පස්සේ restart වෙන්න ගතවන කාලය ගොඩාක් අඩුයි. (සාමාන්‍ය Reboot එකට ගතවන කාලයට සමානයි.)
  3. Update එක install වෙද්දී crash උනොත් එහෙම නැත්තම් update එක compatible නැත්තම් ඒ වෙලාවෙම ඒකට හේතුවත් එක්කම ඒක පෙන්නනවා.
  4. Restart වෙද්දී හරියට boot උනේ නැත්තම් කලින් update එක තිබුණ partition එකට boot වෙලා soft brick \ hard brick වෙන්න තියෙන chance එක අඩු කරනවා.
  5. Updates විදියට එන Incremental OTA package වල size එක අඩුයි. 1 වෙනි SS එකේ තියෙන්නෙ Seamless Update Feature එක support කරන Mi 11 එකට OTA විදියට ආපු security patch එකක් size එකත් එක්කම. 2 වෙනි එකේ තියෙන්නෙ සාමාන්‍ය update procedure එක යටතේ Mi 9T එකට ආපු security patch එකක් size එක එක්කම.
1) Mi 11
2) Mi 9T

6. Update එක install වෙන්න අමතර storage space එකක් අවශ්‍ය වන්නේ නැත. මොකද වෙනම System Partition දෙකට storage spaces දෙකක් වෙන්වෙලා තියෙන නිසා.

7. ඒ වගේම මේ updates වලට cache partition එක පාවිච්චි වෙන්නේ නෑ. ඒ නිසා ඉස්සරහ updates වලදී cache partition partition එකේ space එක මදි වෙයි කියලා බය වෙන්න දෙයක් නෑ.

දැනට නිකුත් වෙලා තියෙන තොරතුරුවලට අනුව මේ Seamless Update Feature එක තියෙන්නේ Xiaomi වල නම් Mi 11 Series (Mi 11 Lite 4G හැර) එකටයි XiaoMi 11T Series එකටයි XiaoMi 12 Series එකටයි Redmi K40 Series එකටයි Redmi Note 10 Series එකටයි (Redmi Note 10 Pro හැර). මීට අමතරව Google Pixel Devices වලටයි Sony Devices තියෙනවා.‍

​මේ link එකේ තියෙන app එකෙන් ඔයාගේ device එක seamless update වලට support ද නැද්ද කියලා බලාගන්න පුළුවන්.