Loading...
Google Play Pass Subscription කියන්නෙ මොකක්ද සරලව දැන ගමු

Google Play Pass යනු Google සමාගම විසින් Android පරිශීලකයන් සදහා හදුන්වා දුන් Subscription සේවාවකි. Google සමාගම විසින් මෙම Subscription සේවාව ආරම්භ කළේ පසුගිය 2019 වර්ෂයේ සැප්තැම්බර් 23 වන දින ඇමරිකා එක්සත් ජනපදයේය. 2020 ජූලි මාසයේදී ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ අනෙකුත් බටහිර රටවල කිහිපයක සැලසුම් කළ පරිදි මෙම සේවාව ආරම්භ කර මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 90 ක මෙම සේවාව සාර්ථක ව පවත්වාගෙන යනු ලබයි.

මෙහිදි ඔබට 1 මාසයක් සදහා නොමිලේ trial එකක් වශයෙන් මෙම සේවාව ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සදහා ඔබගේ Google Play Payment method එකක් අවශය වන අතර ඒ සදහා ඔබගේ Credit/Debut කාර්ඩ්පත හෝ ජංගම සිම්පත හරහා ගෙවීමක් සිදු කිරිමට සිදුවෙන නමුත් මාසයක් යනතෙක් ඔබගේ ගිනුමෙන් කිසිදු මුදලක් අය නොවේ. දවස් 30 free trial එක අවසන් වු පසු ඔබගෙ ගිනුමෙන් මුදල් අයකිරිමක් සිදුවන අතර නොමිලේ ලබාදෙන අදාල දවස් 30 අවසන් වීමට පෙර cancel කිරිමටද අවස්ථාව ඇත.

Google play pass සේවාව සක්‍රිය වු පසු ඕනැම අවස්ථාවක වුවද cancel කිරිමට හැක.

මෙම සේවාව සදහා ඔබට මාසිකව $4.99 මුදලකට හෝ අවුරුද්දකට $29.99 වශයෙන් ගෙවීමට සිදුවන අතර රටවල් වලින් රටවල් වලට මෙහි මිල ගනන් වෙනස් විය හැක. ලංකාවේ මුදලින් මාසිකව රු. 325 හෝ වාර්ෂිකව රු. 2,900 ක මුදලක් ගෙවිමට Plans හදුන්වාදී තිබේ. ඔබට වෙනත් පවුල් සාමාජිකයින් 5 දෙනෙකු සමග වුවද මෙය බෙදා ගත හැකිය. මෙමගින් ඔබට apps හා games 800 කට වඩා වෙළද දැන්වීම් වලින් තොරව භාවිතා කරන්න පුලුවන් වගේම google play pass Categorie එක තුළ අන්තර්ගත වන Paid apps ,Primium (pro) apps ද free ලබාගන්න පුලුවන්.

දැනටමත් Apps හා Games 350 කට ආසන්න ප්‍රමාණයක් වෙළද දැන්වීම් හෝ in-app purchases,upfront payments වලින් තොරව ලබාදී තිබෙනවා. සෑම මාසයක්ම පාහෙ නව apps සහ games, New Collections මෙම Subscription Plan එක සදහා ඇතුලත් විම සිදු වෙනවා.google සමාගම ප්‍රකාශ කරන ආකාරයට මෙම subscription සේවාව සදහා android Device එකක් අවශය වන අතර එම Device එක සදහා Android 4.4 සමගින් Google Play Store version එක 16.6.25 හෝ ඊට වැඩි විය යුතු බවයි.

දැනට Google Play Pass Subscription සේවාව රටවල් 90 ක පමන ක්‍රියාත්මක වන අතර ඉදිරි වකවානු තුළදී තවත් රටවල් ද පහත ලැයිස්තුව සදහා එකතු වියහැක.

  • Angola
  • Antigua and Barbuda
  • Armenia
  • Azerbaijan
  • Belarus
  • Belize
  • Benin
  • Bolivia
  • Botswana
  • Burkina Faso
  • Cambodia
  • Cape Verde
  • Costa Rica
  • Cote d’Ivoire
  • Dominican Republic
  • Ecuador
  • El Salvador
  • Fiji
  • Gabon
  • Guatemala
  • Haiti
  • Honduras
  • Jamaica
  • Kazakhstan
  • Kyrgyzstan
  • Laos
  • Mali
  • Mauritius
  • Namibia
  • Nepal
  • Nicaragua
  • Niger
  • Panama
  • Papua New Guinea
  • Paraguay
  • Rwanda
  • Senegal
  • South Africa
  • Sri Lanka
  • Tajikistan
  • Tanzania
  • Togo
  • Trinidad and Tobago
  • Turkmenistan
  • Uganda
  • Ukraine
  • Uruguay
  • Zambia

Sources: Google Play නිළ පිටුව, Android Police