Loading...
Windows 10 හි 2021 මැයි නව සංස්කරණයේ (21H1) නව විශේෂාංග ගැන දැන ගනිමු

වින්ඩෝස් 10 හි 2021 මැයි සංස්කරණය 21H1 ලෙසද හඳුන්වනු ලබනවා. 2021 මැයි 18 වන දින මේ සංස්කරණය නිකුත් කරනු ලැබුවා. 20H2 යාවත්කාලීනය මෙන්, මෙය ද ආරක්ෂක වැඩිදියුණු කිරීම් සහ ඔප දැමීම කෙරෙහි අවධානය යොමු කරන කුඩා යාවත්කාලීන කිරීමක්. 21H1 සඳහා මුලින් සැලසුම් කර ඇති විශාල විශේෂාංග 2021 අග දී 21H2 යාවත්කාලීනය දක්වා ප්‍රමාද වී තිබෙනවා.

කොහොමද වින්ඩෝස් 10 හි 2021 මැයි යාවත්කාලීන කිරීම ස්ථාපනය කරන්නේ?

වින්ඩෝස් 10 21H1 යාවත්කාලීන කිරීම ඔබගේ වින්ඩෝස් 10 පරිගණකයට ස්වයංක්‍රීයව තමයි ස්ථාපනය වෙන්නේ. කොහොම උනත් ඔබට යම් කාලයක් සිටීමට සිදු වෙන්න පුළුවන්. Microsoft සමාගම ක්‍රමක්‍රමයෙන් තමයි විවිධ රටවල්වලට යාවත්කාලීනයන් ගෙන එන්නේ.

නමුත් යාවත්කාලීනය ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට Microsoft’s Download Windows 10 website  වෙබ් අඩවිය වෙත ගොස් “Update now” බොත්තම ක්ලික් කර Microsoft යාවත්කාලීන කිරීමේ මෙවලම ක්‍රියාත්මක කරගන්න පුළුවන්.

වින්ඩෝස් 10 සඳහා තවත් කුඩා යාවත්කාලීන කිරීමක්

මයික්‍රොසොෆ්ට් සමාගම මුලින් වින්ඩෝස් 10 නිකුත් කිරීමෙන් අනතුරුව වසරකට විශාල යාවත්කාලීනයන් දෙකක් නිකුත් කරනු ලැබුවා. මෑත වසරවලදී, මයික්‍රොසොෆ්ට් සමාගම සෑම මාස හයකට වරක් සැලකිය යුතු යාවත්කාලීන කිරීමක් නිකුත් කරනවා. ඒ වගේම මයික්‍රොසොෆ්ට් විසින් නැවත නව විශේෂාංග සහිත විශාල යාවත්කාලීනයක් නිකුත් කරලා තියෙන්නේ බොහෝ කාලයකට පසුවයි.

උදාහරණයක් ලෙස 2020 දී 2020 මැයි යාවත්කාලීන කිරීම (20H1) වඩා විශාල එකක්. ඊට පසු 2020 ඔක්තෝබර් කුඩා යාවත්කාලීන කිරීමක් (20H2.) විදිහටයි නිකුත් වුනේ. කෙසේ වෙතත්, මයික්‍රොසොෆ්ට් තම රටාව බිඳ දමමින් විශාල 21H1 යාවත්කාලීනයකින් පසුව කුඩා 20H2 යාවත්කාලීනය ඉදිරිපත් කරනු ලැබුවා.

2021 අග භාගයේදී නව විශේෂාංග සමඟ විශාල යාවත්කාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එය 21H2 ලෙස එය නම් විය හැකි අතර එය සමහර විට 2021 ඔක්තෝබර් යාවත්කාලීන කිරීම ලෙසද හැඳින්වෙන්න පුළුවන්.

කුඩා යාවත්කාලීනයන් නිසා අඩු දෝෂ ප්‍රමාණයක්

වින්ඩෝස් ගැන සලකනකොට, කුඩා යාවත්කාලීන කිරීම් අනිවාර්යයෙන්ම නරක දෙයක් වෙන්නේ නෑ. මොකද, මෙම කුඩා යාවත්කාලීනයන් වඩා කුඩා බාගත කිරීමක් වන නිසා එම දිගු නැවත පණගැන්වීමේ ක්‍රියාවලියකින් තොරව වඩාත් ඉක්මණින් ස්ථාපනය කරන්න පුළුවන්. ඔවුන් අවධානය යොමු කරලා තියෙන්නෙ දෝෂ නිවැරදි කිරීම සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහායි.

වින්ඩෝස් 10 හි සංවර්ධකයින් මෙම වගකීම ගැන බැරෑරුම් ලෙස හිතලා තියෙනවා. වින්ඩෝස් සේවා සහ බෙදාහැරීම් සඳහා වැඩසටහන් කළමනාකරණ උප සභාපති මයික්‍රොසොෆ්ට් හි ජෝන් කේබල් එය පැහැදිලි කළේ මේ විදිහට ;

"වින්ඩෝස් 10, 21H1 අනුවාදය තුළ ආරක්ෂාව, දුරස්ථ ප්‍රවේශය සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන අංග රාශියක් තියෙනවා. මෙම යාවත්කාලීනයේදී අප විසින් නිකුත් කරනු ලබන විශේෂාංග පාරිභෝගිකයින් අපට පවසා ඇති මූලික අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා , අපගේ ගනුදෙනුකරුවන්ගේ වඩාත්ම දැවෙන අවශ්‍යතා සපුරාලීම සඳහා අපි මෙම නිකුතුව ප්‍රශස්තිකරණය කරනු ලැබුවා."

වින්ඩෝස් 10 හි 2021 මැයි යාවත්කාලීනයේ අලුත් දේවල් මොනවාද?

වින්ඩෝස් 10 හි 21H1 යාවත්කාලීනයේ කිසිවක් පාහේ අලුත් වී නැත. කෙසේ වෙතත්, වින්ඩෝස් තවමත් වැදගත් security patches සහ දෝෂ නිවැරදි කිරීම් එක් කර තියෙනවා.

  • Windows Hello Multicamera Support : ඔබේ පරිගණකයේ බාහිර හා අභ්‍යන්තර වින්ඩෝස් හෙලෝ කැමරාවක් ඇති විට, දැන් ඔබට default කැමරාව ලෙස ඔබේ බාහිර කැමරාව ලෙස සැකසිය හැකියි.
  • වින්ඩෝස් ඩිෆෙන්ඩර් යෙදුම් ආරක්ෂක කාර්ය සාධනය : මයික්‍රොසොෆ්ට් විසින් WDAG වේගවත් කර ඇති අතර එය ආරක්ෂාව සඳහා හුදකලා කළ බහාලුමක් තුළ ක්‍රියාත්මක කිරීමට පරිපාලකයින්ට ඉඩ සලසා දී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ ලේඛන විවෘත කිරීම ද වේගවත් විය යුතු බවයි.
  • WMI Group Policy Performance : මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් කළමණාකරණ උපකරණ (WMI) සමූහ ප්‍රතිපත්ති සේවය (GPSVC) වැඩිදියුණු කර ඇති අතර එය “දුරස්ථ සේවා අවස්ථා සඳහා සහාය වීම” සඳහා වඩාත් ඉක්මණින් ක්‍රියාත්මක කර තියෙනවා.

මයික්‍රොසොෆ්ට් හි වින්ඩෝස් Insider blog post වැඩිදියුණු කරන ලද විශේෂිත අවස්ථා පිළිබඳ තවත් විස්තර කිහිපයක් එක් කරලා තියෙනවා. එහිදී  සුළු කාරණා කිහිපයක් විසඳන ඉක්මන් වේගවත් ස්ථාපනයක් ලෙසයි හඳුන්වා තිබෙන්නේ.

සියලුම නව විශේෂාංග වලට සිදු උනේ මොකක්ද?

වින්ඩෝස් 10 හි 21H2 යාවත්කාලීනයේ අළුත් අංග, 2021 ඊළඟ යාවත්කාලීන කිරීමේදී පැමිණීමට නියමිතයි.

ඒවා වින්ඩෝස් 10 හි මැයි 2021 යාවත්කාලීන කිරීමේදී එන බව සඳහන් වුණු සියලුම අංග ප්‍රමාද වී තිබෙන බවක් දැකගන්න පුළුවන්. වින්ඩෝස් 10 හි 21H2 යාවත්කාලීනය හරහා සිත්ගන්නාසුළු වෙනස්කම් බොහෝමයක් ඔබ වෙත නිකුත් වේවි.

ඊයේ දිනයේදී වින්ඩෝස් 10 හි 21H2 සංස්කරණයේ patch update එකක් හරහා මීට පෙර සඳහන් කරන ලද News & Interest නම් පහසුකම ලබා දී ඇති අතර, Android වැඩකාරයෝ කණ්ඩායමේ තිමිර සොහොයුරා විසින් එය සනාථ කරමින් පහත screenshot එක ලබා දෙන ලදී.