Samsung ආයතනය විසින් මේ වන විට Galaxy S22 series එකෙහි දුරකථන වලට One UI 5 beta 3 update එක ඇමරිකාව ඇතුළු region කිහිපයක් තුල මේ වන විට ලබා දෙමින් පවතී. මෙම beta update එක මගින් මේ වන විට පවතින සුළු දෝෂ කිහිපයක් සඳහා patch එකක් ලබා දෙනවාට අමතරව වැඩි app icons ගණනාවක් සඳහා theme support එක ද වැඩි දියුණු කළ animations ද ලබා දීමට තීරණය කර ඇත.
පෙර පැවති One UI 5 beta build එක සඳහා themed app icons support කළ ද එය Samsung හි first-party apps සඳහා ම පමණක් සීමා වූ අතර මෙම නව beta update එක හරහා නව apps බොහෝ ගණනකට මෙම themed app icons support එක ලබා දීමට Samsung ආයතනය කටයුතු කර ඇත.
One caveat with this Themed Icon support, as I alluded to earlier, is that some Google app icons are NOT themed like they would be on Pixel phones. This is because those Google apps don't actually support themed icons. pic.twitter.com/pXIdZOlzQ5
— Mishaal Rahman (@MishaalRahman) September 22, 2022

මේ සමගම One UI 5 beta 3 update එක මගින් animation improvements සමග Gallery app එකෙහි slide-show styles සඳහා ද නව එකතුවක් සිදු කර ඇත.