Loading...
iPhone එකේ සිට Android වෙත WhatsApp chat history එකෙ සංක්‍රමණය කිරීමේ හැකියාව ලබා දේ

ඔබට මතක ඇති මීට පෙර Facebook සමාගම විසින් Whatsapp Chat History එක iOS හා Android Devices අතර සංක්‍රමණය කිරිමේ හැකියාව ලබා දිමට සුදානම් වෙන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආ බව. ඒ වගේම මීට පෙර Samsung සමාගමේ Galaxy Z Fold 3 හා Galaxy Z Flip 3 සදහා iOS Device එකක සිට Chat History එක සංක්‍රමණය කිරිමේ හැකියාව ලබා දිමත් සිදු වුවා.

Google සමාගම විසින් මේ වෙන විට නිවේදනය කර ඇත්තේ දැන් iOS Devices වල සිට Android 12 OS එකෙන් සමන්විත වෙන Devices වෙතට Whatsapp Chat History එක සංක්‍රමණය කර ගැනිමේ හැකියාව ලබා දි ඇති බවයි. ඒ අනුව මේ වෙන විටත් Android 12 OS එකෙන් සමන්විත වෙන Pixel Devices වෙත මෙලෙස iOS Devices එකක සිට Whatsapp Chat History එක සංක්‍රමණය කර ගත හැකි වෙනවා.

ඔවුන් විසින් වැඩි දුරටත් දක්වා ඇති ආකාරයට Android 12 OS එක මගින් සමන්විත වෙන සියලු Android Smart Phone වෙත iOS Devicesවල සිට Chat History එක සංක්‍රමණය කර ගැනිමේ හැකියාව ලැබෙනවා. මේ ඔස්සේ iOS Devices එකක සිට Android Device එකක් වෙත කිසිදු අපහසුවකින් තොරව Whatsapp Chat History එක සමගින්ම මාරැ විමේ අවස්ථාව පරිශීලකයන් වෙත ලැබෙනවා.

මේ ආකාරයෙන් Whatsapp Chat History එක සංක්‍රමණය කිරිමේ ක්‍රියාවලිය Android Device එකේ පවතින USB Type C Pin Port එක හා iOS Device එකේ පවතින Lightning Port එක සම්බන්ධ කළ Cable එකක් ආධාරයෙන් සිදු වෙන අතර USB Type C to Lightning Cable එක මගින් Devices දෙක සම්බන්ධ වු විට Android Device එකේ පෙන්වන QR Code එක iOS Device එක මගින් Scan කිරිම ඔස්සේ iOS Device එකේ සිට Android Device එක වෙත Chat History එක සංක්‍රමණය කිරිම ආරම්භ කළ හැකි වෙනවා.

යම් හෙයකින් iOS Device එකෙන් Android Device එකේ පෙන්වන QR Code එක Scan කිරිම කළ නොහැකි වුවහොත් Whatsapp හි Settings වෙත පිවිස Chats වල තිබෙන Move Chats to Android යන Option එක මගින් එය සිදු කර ගැනිමේ හැකියාවත් තිබෙනවා.

මෙලෙස සිදු වෙන Chat History එක සංක්‍රමණය මගින් Whatsapp හි පවතින සියලු Conversations හා Media ආදිය Android Device එක වෙත සංක්‍රමණය කර ගැනිමේ හැකියාව ලැබෙනවා.

මේ වෙන විට Android 12 මගින් සමන්විත වෙන Devices සුලු ප්‍රමාණයක් පමණක් පැවතියද ඉදිරි මාස කිහිපය තුල Android Devices බොහෝ ප්‍රමාණයක් සදහා Android 12 OS එක ලබා දිමට මෙන්ම Android 12 OS එකෙන් සමන්විත වෙන නව Devices රැසක් වෙළෙඳපොළට නිකුත් කිරිමට ඒ ඒ දුරකථන නිෂ්පාදන සමාගම් සුදානම්ව සිටින බැවින් ඔබගේ ප්‍රියතම Android Device එක වෙත iOS Device එකේ සිට මාරු විමට ඉක්මනින්ම හැකි වෙනු ඇත.

Source: Google